ලොකුරාළහාමිගේ වාහනය නතර කළ වරදට

රථවාහන රාජකාරිවයන් ඉවත් කර ගයාන්ව නාරම්මලට මාරුකර සාමාන්‍ය රාජකාරියට දමයි.

පොලිසියේ කවුරුත්  ඔහු හදුනන්නේ ලොකුරහළහාමි කියු සැනින්ය.ලොකු රහළහාමි පොඩි තැනකින් ආබව දැන් ඔහුට අමතකවී ගොසිණි.කුඩා කාලයේ සිටි ලැයිම පවා ඔහුට දැන් අමතකය.එකට දුව පැන ඇවිද ගිය යාලු මිතුරන් දැක්කත් නොදැක්කාකාසේ යන්නේ හිතින් මවා ගත් මහන්තත්ත කමෙන් ඔලුව උදුම්මාගෙනය.

ලොකුරළහාමි පසුගියදා රුසියාවෙි සංචාරයකට සහභාගිවිමට ගුවන්යානය ලබා ගැනිමට ගියේ ඩිපෙන්ඩර් රථයෙනි. එය පොලිසියේ නිත්‍යානුකූලව ලබාදී ඇති වාහනය වුත් එහි බැලුබැල්මට පොලිසියේ වාහනයක් බව රාත්‍රියට හදුනා ගැනිමට අපහසුය.වාහනය ගිරිඋල්ල පොලිස් වසමේදී  අධික වෙිගයෙන් ඉදිරියට ඇදි එනවිට වාහාම රථය නතර කරන ලෙසට මාර්ගයේ වාහන පරික්ෂා කරමින් සිටිගිරිඋල්ල  රථවාහන නිළධාරි ගයාන් කටයුතු කළේය.පසුව දැක ගැනිමට හැකිවුයේ රථයේ සිටින්නේ තම බලප්‍රදේශය භාර ලොකු රාළහාමි බවයි. වහාම ආචාර කළ රථවාහන නිළධාරියා රථයට ඉදිරියට යාමට ඉඩ සැලසුණි.

ගතවුයේ නිමෙිශයකි.සිය දුරකථනයට ආ ඇමතුමෙන් කියවුයේ ලොකුරාළහාමිගේ අනින් ගයාන්ව රථවාහන රාජකාරියෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරියට අනුයුක්ත කළ බවයි.

අවසානයේ තමන්  හැදෑරු රථවාහන පාඨමාලව අනුව ලැබුණු රථවාහන පොලිසියේ  රාජකාරි වෙනුවට සාමාන්‍ය  රාජකාරි කටයුතු ටික දිනක් සිදු කරමින් සිටින විට යළිත් ඔහු රථවාහන රාජකාරි සදහා යොමුකිරිමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේ එම අංශයේ පවතින නිළධාරි හිගය නිසාවෙනි.කෙසේ වෙතත් මෙම සිද්ධිය දැනගත් ලොකුරාළහාමි නියෝග කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි ගයාන්ව නාරම්මල පොලිසියේ සාමාන්‍ය රාජකාරි සදහා ස්ථාන මාරුකරන පණිවිඩයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *