තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහ ගතකරණයට මුවාවෙන්

 ඉන්ධන හල් සමාගම්වලට  බෙදා දුන්නේ අද එහි පුටුවල ඉන්න එදා සංස්ථාවේ ඉහල පුටුවල හිටි අයයි

  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අර්බුදයක් ඇති කරමින් කඩිනමින් ප්‍රතිව්‍යුහ ගතකරණයක් සිදු කළාද යන්න එම සංස්ථාවේ විද්වත් වෘත්තිකයන් විසින් මේ වන විට කතිකාවතක් ආරම්භවී   තිබෙි. ඔවුන් ඒ සඳහා ප්‍රධානතම හේතු සාධක ලෙස ගෙනහැර දක්වන්නේ 2019 ගෝඨාභය රාජපක්ෂ රජය බලයට පත්වීමත් සමඟ ප්‍රථම වශයෙන් හම්බන්තොට වරායේ බංකරින් සේවාව බලපත්‍රයක් මගින් සයිනො පැක් ආයතනයට ලබාදීම මගින් ක්‍රියාවලිය ආරම්භ කළ බවයි.

පසුව 2020 වර්ෂයේ ඉන්දියානු තෙල් සමාගමේ ඉල්ලීමකට අනුව එවකට සංස්ථාවේ සභාපති පොදුජන පෙරමුණු වෘත්තිය සමිතියේ ප්‍රධාන නිළයක් හෙබවූ සුමිත් විජේසිංහ මහතා සභාපතිත්වය දරද්දීම ත්‍රිකුණාමල ටැංකි සංකීර්ණය ඉන්දියානු ඔයිල් සමාගමට පවරාදීමේ south asian petrolliom hub වශයෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ආරඹභ කළේය .ඒ අනුව   හිටපු ඇමතිතුමා  ගම්මන්පිල මහතාගේ උපදේශකත්වයෙන් අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාවක් අධ්‍යක්ෂක මණ්ඩලය මගින් අනුමත කරගෙන ඛනිජ තෙල් පනත සංශෝධනය කර ත්‍රිකුණාමල ටැංකි සංකීර්ණයේ ඉන්දියානු ඔයිල් සමාගම ව්‍යාපාර කරන ටැංකි සංකීරනයට අමතරව තවත් ටැංකි විශාල ප්‍රමාණයක් තක්සේරු වටිනාකමක් ලබා නොගෙනම ඔවුන්ට ලබාදීමට කටයුතු කිරීම තුළින් මුලින්ම මේ බව පිළිබිඹු වු බවයි.

සුමිත් විජේසිංහ සේම බන්දුල සමන් කුමාරද පොදු ජන පෙරමුණ වෘත්තිය සමිති  ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමීති ව්‍යාපාරයේ සභාපතිවරයා වන අතර  ඔහු ඇතුළු ක්‍රියාකාරී වෘත්තීය සමීති නායකයින් මේ පිළිබඳව මුනිවත රැකි බව තෙල් සංස්ථාවේ විද්වත් වෘත්තිකයන් පිරිසක් අප සමග පවසා සිටියේ .එසේම 2022 වසරේ තෙල් අර්බුදය ඇතිවෙන අවස්ථාවේ  ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ගාමිණී ලෝකගේ ඇමතිවරයා,සභාපති සුමිත් විජේසිංහ,බන්දුල සමන් කුමාර තිදෙනාම පොදු ජන පෙරමුණ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨතම නායකයින්ය. . කෙසේ වෙතත් ඔවුන් දීර්ඝ වශයෙන් පවසා සිටින්නේ  සාධනීය වශයෙන් sinopace සමාගම  සඳහා  ඉන්ධනහල් එකසිය පනහක් පමණ ලබා දීම සිදුවූයේද රාජපක්ෂ වරුන්ගේ බලවත් ඉල්ලීම මත බවය. ඒ සඳහා පිඹුරුපත් සකස් කලේ 2012 /2015 මහින්ද රාජපක්ෂ රජයේ සහ 2022 වසරේ  දී වන අතර ඒ කාලයේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂකවරයාව කටයුතු කළේ සුසන්ත සිල්වා මහතා යි.ඔහු ඉන්ධන හල්, පෞද්ගලික අංශයට ලබාදීමට පුරෝගාමීව කටයුතු කළ බවත්,R.M .පාක් සමාගමේ වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂකවරයා වන්නේ වන්නේද මෙම සුසන්ත සිල්වා මහතාය. ,united petrolium සමාගමටත් ඉන්ධන හල් ලබාදීමේ ක්‍රියාවලියේ පුරෝගාමීව කටයුතු කළ කළමනාකාර අධ්‍යක්ෂකවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජික  ප්‍රභාත් සමරසිංහ මහතා united petrolium සමාගමේ විධායක අධ්‍යක්ෂ තනතුරට පත්වීමත් සමග මෙම සමාගම්වල ඉහළම තනතුරු ලබාගැනීම තුළින් විනිවිද භාවයකින් තොරව තෙල් සංස්ථාව පෞද්ගලික කරණයට ලක් කිරීම සිදු කිරීමට මොවුන් වංචනිකව කටයුතු කළ බව මනාවට ඔවුන් විසින්ම ඔප්පු කර තිබෙි.

මෙම පෞද්ගලික කරනය ක්‍රියාවලිය අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් කීපයකම සාකච්ඡාවට ගන්නා  අවස්ථාවේ වර්තමාන ඛනිජ තෙල් පොදුජන පෙරමුණු වෘත්තිය සමීපයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා ද අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කර ඇති බවත් 2022 වසරේ ඉන්ධන හල් පෞද්ගලික අංශයට ලබාදීමේ ටෙන්ඩර් කැඳවන අවස්ථාවේදීද  තෙල් සංස්ථාවේත් පර්යන්ත සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලෙස ඔහුද කටයුතු කළ බවත් ඔහු මේ පිළිබඳව නොදන්නා සේ කටයුතු කර පසුව සියල්ල සිදුවූ අවසානයේ උපවාසයක් ආරම්භ කරමින් රංගනයක නිරත වූ බවත් ඔවුන් පවසා සිටීයේය. මේ වන විට R.M. පාක් සමාගමේ වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන්නේ රාජපක්ෂවරුන්ගේ සමීපතමයෙකු වන සුසන්ත ද සිල්වා මහතා වන අතර united petrolium සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ ප්‍රභාත් සමරසිංහ මහතා වන අතර මොවුන් දෙදෙනාම මෙම ඉන්ධනහල් බෙදා දිමෙ දි  අධ්‍යක්ෂ මන්ඩලයේ සමාජිකයන් විම  අදටත් විශාල ගැටලුවක්  බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *