පොලිස්  කොඨඨාශ  දුෂණ මර්ධන එකක  නිළධාාරින් මත්ද්‍රව්‍ය නිවාරණ වැටලිමි  කරනවා වෙනුවට  ප්‍රවර්ධනය කරයි

පොලිස් ස්ථානවල හා පොලිස්  කොඨඨාශ මට්ටමෙන් පිහිටුවා ඇති දුෂණ මර්ධන එකකවලට අනුයුක්ත කර  සිටින නිළධාාරින් මත්ද්‍රව්‍ය නිවාරණ වැටලිමි  කරනවා වෙනුවට ඒවා ප්‍රවර්ධනය කරමින් සිය දෛනික නඩු  සංඛ්‍යාව ඉහලදමා ගැනිමේ වැඩ  සටහනක් ක්‍රියාත්මක කරන බව වාර්ථාවෙි.

මෙම ඒකකවල සිටින නිළධාරින් මාස හයෙන් හයට ස්ථාන මාරු කළයුතු බවට පොලිස්පති චක්‍රලේඛණයක් පවා තිබියදී එය ක්‍රියාත්මක නොකර වසර ගණන් එම ඒකකවල රාජකාරි කටයුතු කරන නිළධාරින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සබදකම් පවත්වන බව සදහන්වේ.

එවැනි ජාවාරම් කරුවන්ගෙන් මත්ද්‍රව්‍ය  ලබා  ගෙන  යන පුද්ගලයින් පමණක් අත්ඩංගුවට ගෙන අධිකරණයට  ඉදිරිපත් කරන අතර විකුණන ජාවාරම්කරුවන් විසින්ම ඔවුන්ගෙන් මත්ද්‍රව්‍ය ලබා ගෙන යන අය සමිබන්ධයෙන් තොරතුරු එම දුෂණමර්ධන නිළධාරින්ට ලබාදී ඔවුන්ව කොටු කර දී අතුඩංගුවට පත්කරයි.

මෙහි සේවය කරන පොලිස්  කොස්තාපල්වරුන්ගේ සිට ඉහළ තනතුරු  දරන නිලධාරින්  වසර දෙකකට වැඩි කාලයක සිට සේවය කරන අයද සිටින බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *