කටුනායක ගුවන්තෙල් අංශයේ සේවකයින් විඳින දුක නොපෙනෙන බළධාරි අන්දයින්

කටුනායක ගුවන්තෙල් පර්යන්තයේ සේවය කරන සේවකයින්ට අවශ්‍ය මුලික පහසුකම්වත් නොමැතිව සේවය  කිරිමට සිදී ඇති නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයට පත්න සිටින බව වාර්ථාවෙි.

සිය මුලික අවශ්‍යතාවයන් සපුරා ගැනිම සදහා සනීපාරක්ෂක  පහසුකම් අවම මට්ටමක පවතින අතර බිත්ති කඩාදැමූ උළුවහු දොරවල් නොමැති වැසිකිළි, කැසිකිළිපාවිච් කිරිමට සිදුව ඇත්තේ ඉවත දමන ලද  අබැලි තහඩු වලින් ආවරණය කර ගෙන බව සේවකයින් බවසයි.එම වැසිකිලිද ඉතාමත් අපිරිසිදු දුඟඳ හමන නළ පද්ධතිය අවහිරවී තිබෙි.

රාත්‍රී සේවයේදී ඌරුමීයන්, මඳුරුවන් ගහන වූ අංගනය තුළ ඉතාමත් අනාරක්ෂිත ලෙස සේවය කරන මෙම සේවකයින්ට  සිය

ආහර ගැනීමට, විවේක ගැනීමටවත් අවම මට්ටමින් වත් පහසුකම් නැත.

කැඩීබිදීගිය අබැලි පුටු, අල්මාරි සහ භාවිතයෙන් ඉවත්කළ මේස ක්‍රියාකරවුම් අංශයට ලබා දී ඇත .

අවධානම් සහිත විදුලි රැහැන් තැන තැන විසිරී ඇති අතර ඉන්ධන භාවිත කරන ආයතනයක් ලෙස කිසිම ආරක්ෂිත වැඩපිළිවෙළක් නොමැත.

ගුවන්යානා වෙත සේවා සැපයෙන් වාහන විශාල සංඛ්‍යාවක් ගුවන්තොටුපළ තුළ දිනකට සේවයේ යෙදෙන අතර, ඒ අතරින් ඉතාමත් අපිරිසිදු හා යාන්ත්‍රික වශයෙන් විශාල අඩුපාඩු රැසක් සහිත ඉන්ධන සැපයුම් රථ අනාරක්ෂිත ලෙස සේවයේ යෙදවීම,

 අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබා නොදීම, ඉන්වොඉස් සැප් ගත කිරීමට ඇත්තේද පැරැණි පරිඝණකයක් විම නිසා ඔවුන් දැඩි දුෂ්කතාවයට පත්ව සිටිති.

මිට අමතරව රාත්‍රි සේවාමුරයේදී විදුලිපහන් ආලෝකය නොමැතිව අංගනය තුල වාහන සහ උපකරණ හැසිරවීමට සිදුවීම,වැගන් අංගනයේ ආරක්ෂාව ඉතාමත් අවම මට්ටමක පවතින බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *