හිටපු පොලිස්පතිගේ කලු සල්ලි සුදු කල කඩුවෙල ඉරාකන් සම්බන්ද විමර්ශන දේශපාලන බලයෙන් යටයයි

හිටපු  පොලිස්පති C.D වික්‍රමරත්නගේ පාතාල සගයා වූ කඩුවෙල “ඉරාකන්” පිළිබදව සිදුකරන ලද රහසිගත පරික්ෂණ පසුගිය කාළය තුල සාක්ෂි සහිතව කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් විමර්ශනය කර තිබියදී සිය දේශපාලන බලය උපයෝගි කර ගෙන ඒවා යළිත් යටපත් කරගැනිමට සමත්වී ඇති බව වාර්ථාවෙි.

හිටපු පොලිස්පති C.D වික්‍රමරත්න ඔහුට හිතවත් පොලිස් උසස් නිළධාරීන්ලවා ද පරික්ෂනය  යට ගැසීමට උත්සාහ කලද වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ සෘජු අධීක්ෂණය යටතේ ඒවා සිදුවන බැවින් කිසිවකු ඒ සදහා මැදිහත් නොවිනි.

අවසානයේ දැනට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රාජකාරී කරන C D ගේ හිතවත්ම පොලිස් නිළධාරියෙකු පොලිස් කොමිෂන් සභාවේ සිටින විශ්‍රාමික උසස් පොලිස් නිළධාරියෙකු මේ සදහා මැදිහත් කරගැනීමඑ ගත්  උත්සාහයක් ද ව්‍යර්ථ වී ඇත.

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන නදුන් චින්තක නොහොත් “හරක් කටා” සමග සබදතා පැවැත්වූ බවට අනාවරණය වීමෙන් පසුව විමර්ශන කණ්ඩායම් අවස්ථා කීපයකදී කඩුවෙල “ඉරාකන්”  අත්අඩංගුවට ගැනීමට සූදානම් වුවද හිටපු පොලිස්පතිවරයා එය වැලක්වීමට ක්‍රියාකර ඇත්තේ ඔහු පිළිබදවද අණාවරණය වීම වැලැක්වීම සදහා බව විමර්ෂකයෝ කියයි.

අවසාන වශයෙන් වත්මන් ජනාධිපති ගේ සමීපතම ගාල්ලේ ප්‍රබල දේශපාලන නියෝජිතයෙකුගේ මැදිහත්වීම මත විමර්ශන තාවකාලිකව නවතා ඇත.

හිටපු පොලිස්පති වයස අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම යාමට නියමිතව තිබියදී මෙන්ම රී ලෝඩ් කාළසීමාව අවසන් වීමෙන් පසුවද මෙකී පාතාලයා ඩුබායි රාජ්‍යයට ගොස් හිටපු පොලිස්පතිවරයාගේ ආයෝජන පිලිබදව වැඩකටයුතු වල නිරතව සිටි බව හා එයට අදාල සියලුම තොරතුරු මේ වනවිට විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබෙි.

පාතාලයේ ගොදුරක් වූ පොලිස් පරික්ෂක බාලෙන්ද්‍රසිංහගේ අවමගුලට පවා නිසි ගෞරවයක් දැක්වීමට ක්‍රියා නොකල හිටපු පොලිස්පති මෙම පාතාලයාගේ මවගේ අවමගුල සදහා පොලිස් රථ පවා යෙදවීමට ක්‍රියා කර තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *