මත්ද්‍රව්‍යවලට නමක් දරා ඇති මිගමුවේ ප්‍රබල දේශපාලඥයෙකුගේ

බියගම පොලිසිය අත්ඩංගුවට ගත් අයිස් ප්‍රමාණය දේශබන්දු අනින් බර අඩුකර උසාවියට ඉදිරිපත්කර ඇප ලබා ගෙන

රටේ මත්ද්‍රව්‍ය නැති කිරිමට බව පවසා  ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් වැඩබලන පොලිස්පතිධුරයට  පත්විමත් සමග ආරම්භ කළ යුක්තිය මෙහෙයුම සිය ආදායම් මාර්ගයක් බවට පත් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා එවා බෙදාහරින්නන් කොටු නොකොට මත්ද්‍රව්‍ය පාවිචච්ච්   කරනන්න පමණක් අත්ඩංගුවට ගෙන සිදු කරන විගඩමේ තොරතුරු රැසක් හෙළිවි ඇති අතර එසේ බියගම පොලිසිය මගින් අත්ඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරුවෙක් වැඩබලන පොලිසිපතිවරයා මැදිගහත්වී බෙිරාඇත.

පොලිසි විශේෂ විමර්ෂණය මගින් රටපුරා මත්ද්‍රව්‍ය රැගෙන එන ,අලෙවිකරණ , බෙදාහරින පුද්ගලයින්ගේ නාම ලේඛණ සකස් කර සියලුම පොලිස්ස්ථානවලට යොමුකරන අතර එසේ එම එකකය මගින් සකසන නාමලෛ්ඛනයක් බියගම පොලිස් ස්ථානයටද ලබා දී ඇති අතර එහි නම් සදහන් ජාවාරම්කරුවන් සමිබන්දයෙන් ලුහුබැදිමට නිළධාරින් කටයුතු කර පුද්ගලයින් අත්ඩංගුවට ගෙන තිබෙි.එම ලේඛනයේ නම් සදහන් හතරවෙනියා මත්ද්‍රව්‍ය අලෙවිකරන බවට බියගම පොලිස් නිලධාරින්ට පසුගියදෙසැමිබර් 23 දින සවස තොරතුරක් ලැබිණි.

ඒ අනුව අපරාධ පරින්ෂන අංශයේ ස්ථානාධිපති  උප පොලිස්  පරික්ෂක ගමගේ  සමග පොලිස් කොස්තාපල් 95623 ජයවර්ධන හා පොලිස් කොස්තාපල් 103658 ජයසිංහ යන නිලධාරින්  බියගම ආයෝජන කළාපය ඉදිරිපිට ප්‍රධාන ගෙටිටුව ඉදිරිපිටදී පුද්ගයෙකු අත්ඩංගුවට ගෙන ඇත.

මල්වාන ප්‍රදේශයේ පදිංච් ඔහු නමින් එස් .ආර් .පී .ලහිරු මධුශංක නැමත් 37 හැවැරදි පුද්ගලයෙකු වන අතර බියගම ආයෝජන කළාපය ඉදිරිපිට දුරකථන අලෙවිසැලක්ද පවත්වාගෙ යයි.

පසුව ඔහු සන්තකවය් තිබි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් පන්දහස් පන්සිය විස්සක් හෙවත් ග්‍රෑම් පහයි මිලිග්‍රෑමි පන්සිය විස්සක් (මිලිග්‍රෑම්   5520) සොයාගෙන ඇති අතර සැකකරු බියගම පොලිසියට රැගෙන විත් වැඩබලන පොලිස්පතිවරයා ලබාදී ඇති උපදෙස් අනුව යමින් සැකකරුට කිසිදු සමාවාක් නොදී අත්ඩංගුවට ගත් මුලු ප්‍රමාණයම පොත්වල සටහන් කර එම වැටලියට ගිය නිළධාරින් ද සිය ගමන් සටහන් පොතේද  (පීඑමි බී)සටහන් කර තිබෙි.එ අනුව පී ආර් 2642/23 යටතේ සටහන් කරන විට අත්ඩංගුවට ගත් අයිස් ප්‍රමාණය ඉලක්කමේන් හා අකුරෙන් ලිවිමට නිළධාරින් කටයුතු කර තිබෙි.ඊට අමතරව නඩුභාණ්ඉ  පොතේ සටහන් කරන විට හා එවා භාරගන්නා නිළධාරියාද ඉතාම පැහැදිලිවම අත්අකුරින් ලියා ඇත්තේ මිලි ග්‍රෑමි 5520ක් ලෙසටය.එහි සදහන් ආකාරයට කොරකුරු සටහන් පොතේ  පිටුව හා ජේදය ලෙස 197/173 ඩී සී අයි බී ලෙස 2023/12/22  දිනය ලෙසත් අංකය 2642/23 ලෙසත් නඩු භාණ්ඉ භාරග්ත් දිනය වන 2023/12/29 දිනයේ දී ඒ බවත් පැහැදිලිව සටහන් කර ඇත.

මිනිත්තු කිහිපයක් ගතවු පසු මෙම අත්ඩංගුවට ගැනිමට මුලින්ම උරණවී ඇත්තේ එම පොලිසියේම සේවය කරන පොලිස් කොස්තාපල්  34107 අරවින්ද නැමති නිලධාරියාය. ඔහු සැකකරු අත්ඩංගුවට  ගෙන  පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කරන ආරයේ සිට සිර කුටියේ රදවා සිටින ආකාරය දක්වා සිය ජංගම දුරකථනයෙන්  විඩියෝගත කර තිබෙි.

ඒවන විටත් සිරකකරුගේ ජංගම දුරකථනයේ  තිබු ජායාරුප, විඩියෝ හා දුරකථන සංවාදවල මෙම පොලිස් කොස්තාපල් අරවින්ද සිට ඇති අතර එමගින් සැකකරු අත්ඩංගුවට ගැනිමට විරෝධය පෑමට හේතුව සොයාගැනිමට එම නිළධාරින් සමත්වි තිබෙි.

මත්කුඩු ජාවාරම්ට නමක් දරා සිටින මිගමුවේ ප්‍රධාන දේශපාඥයෙකුගේන් ලබා ගන්නා මත්ද්‍රව්‍ය මෙම  අරවින්ද නැමති පොලිස් නිලධාරියා විසින් ඔහුට අයත් කලුපැහැති හොන්ඩා ඉන්සර්ට් නැමති කාර්රථයෙන් ලහිරු සමග ප්‍රවාහානය කරන අතර එසේ ප්‍රවාහනය කරන අයිස්වලින් කොටසක් මිගහවත්ත ප්‍රදේශයේ අලෙවි කරන පුද්ගලයෙකුටද මොවුන් ලබා දෙයි.

පසුව සිද්ධිය යටපත් කිරිමට අත්පොත් තබන්නේද පොඩිඩන්ට කෙලින් යන්න උපදෙස් දෙන නිතිය නැමිමට දක්ෂ දේශබන්දු තෙන්නකෝන් මහතාමය.

ඒ අනුව දේශබන්දු තෙන්නකොන් කොඨඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ක්‍රිෂාන්තට දුරකථනයෙන් කථා කර උසාවියට ඉදිරිපත් කිරිමෙිදී ඇප ලබා ගැනිමට හැකිවන ආකාරයට අයිස් ප්‍රමාණයේ බර අඩුකර ඉදිරිපත්කරන ලෙසට උපදෙස් ලබාදී ඇත. සාමාන්‍යයෙන් ග්‍රෑම් 5 හෙවත් මිලි ග්‍රෑම් පන්දහසට වඩා වැඩි ප්‍රමාණයක් සමග අත්ඩංගුවට පත්වුහොත් ඔහුට ඇප නොදෙන අතර ඇප ලබා ගැනිමට මාස කිහිපයක් ගතවන අතර ඒ සදහා මහාධිකරණයේ පිහිට පැතිය යුතුය.

පසුව කොඨිඨාශ භාර ජේස්ඨ පොලිස් අධිකාරි ක්‍රිෂාන්ත කැළණිය (2) භාර සහකාර පොලිස් අධිකාරි ගුණතිකට පවසා ඇත්තේ  අත්ඩංගුවට ගත් අයිස් ප්‍රමාණය අඩුකර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිස්පතිවරයා දැනුම් දුන් බවයි. ඒනුව සහකාර පොලිස් අධිකාරිවරයා  බියගම පොලිස් ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පිරික්ෂක අජිත් විජේසිංහ අමතා එම දැනුවත් කිරිම සිදු කිරිමෙන් පසු උසාවියට ඉදිරිපත් කරන බි 5905/23 යන වාර්ථාවට අයිස් මිලිග්‍රෑමි 550 ලෙස සටහන් කර අධිකරණ්‍යත් නොමග යවමින් මහර අධීකරණයට ඉදිරිපත් කර තිබෙි .

ඒ අනුව සැකකරුට එදිනම ඇප ලැබි ඇති අතර මේ සදම්බන්ධයෙන් ලැබි ඇති පැමිනිල්ලක්  නිසා නියෝජ්‍ය පොලිසපති කපිල කඩුපිටිය විසින් 21වෙනි දින පරික්ෂනයක් පවත්වා ඇත.එයද හොරාගේ අම්මාගෙන් පේන අසන වැඩක් බව නිළධාරින් බවසයි.

කෙසේ වෙතත් මෙි වනවිට සැකකරු අත්ඩංගුවට ගැනිමට මුලිකවු නිළධාරින්ට එරෙිහිව සැකරුවිසින් මානව හිමිකම් කොමිෂමට  පැමිණිළි දමා ඇති අතර ඒ පොලිස් කොසිතාපල් අරවින්ද විසිනි ලබා ගත් විඩියෝ දර්ශන උපයෝගි කරගෙනය.

නිතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස් මහතා හා දේශබන්දු තෙන්නකොන් නිතරම පවසන්නේ මෙම මෙහෙයුම කඩාකප්පල් කිරිමට මත්ද්‍රව්‍ය ජාවරමිකරුවන්ගේ මුදලින් යැපෙන මාධ්‍යවෙිදින් හා නිතිඥයන් ආගමික නායකයින් දේශපාලඥයන් බාධා කරන බවයි.

එහෙත් යුක්තිය මෙහෙයුම සිය ජාවාරමක් කර ගෙන සෑබෑ ජාවාරමිකරුවන් රකින්නේ කවුරුන්ද යන්න මෙයින් පැහැදිලිවන අතර මෙි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කර හැකිනම් වැරදි කළ නිලධාරින්ගේ තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන්නැයි අප ඇමති ටිරාන් අලස් මහතාට අභියොග කරන අතර එසේ නොකරන්නේ  නම් මේ ආකාරයට සපුගස් කන්නදේ දී මිට සති තුනකට ඉහතදී අත්ඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාැම් කරුවෙකු මුදාහැරිමට බලපෑම් කළ ආකාරයද මේ ආකාරයට සාක්ෂි සහිතව වාර්ථා කිරිමට කටයුතු කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *