ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගවලට පටහැනිව කටයුතු කළ කතානායකවරයාඑ විශ්වාශභංගයක් – විපක්ෂ නායක සජිත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 (4) අනුව යම් පනත් කෙටුම්පතක් හෝ පනත් කෙටුම්පතක විධිවිධාන හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල යැයි තීරණය කරනු ලැබ ඇත්තා වූ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල යැයි තීරණය කරන ලද සේ සැලකෙන්නා වූ අවස්ථාවක ඒ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධන හෝ ශ්‍රේෂ්ඨාධිකරනයේ තීරණය ප්‍රකාශ කර ගත් ආකාරයට හැර සම්මත නොකළ යුත්තේය යනුවෙන් සදහන්ව ඇති බවත් මේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිගමනවලට අනුව පනත සම්මත විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ අවස්ථා 9කදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිගමනවලට පටහැනිව තමන්ට රිසිසේ පනත සම්මත කර ගැනීමේ ක්‍රියාවලියක නිරත වූ බවත් කතනායකවරයා ද එවැනි අඩුපාඩුවක් සිදු වූ බව පිළිගත් බවත් මාර්ගගත සුරක්ෂිතතා පනත මේ සභාවේ අනුමත වූයේ අනීතිකව බවත් එසේ සිදුවිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද(21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කතානායකවරයාට නිවැරදි උපදෙස් ලබා දීම ද නිලධාරීන්ගේ වගකීම බවත් මේ අඩුපාඩු නිවැරදි කර ගත්තේ නැත්නම් කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට සිදුවන බවත් එම නිසා එම අඩුපාඩු වහාම නිවැරදි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *