පළාත් සභාවේ කාලය අවසන්ව වසර හතරකනට වැඩිවුද සභාපතිවරුන්ට රජසැප

මධ්‍යම පලාත් සභාව විසුරුවා හැර වසර හතකට ආසන්න කාලයක් ගතවූවද එහි සභාපති  ධූරය හොබවන  එල් ඩී නිමලසිරි  සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් මාසිකව රුපියල් ලක්ෂ තුනකට අධික දීමනා ලබමින් ඉන්දන,දුරකතන දීමනා ලබාගනිමින් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් ප්‍රාඩෝ ජීප් රියක්ද පාවිච්චි කරමින් මැදරට ජනතාවගේ බදු මුදලින් නඩත්තුවන බව පලාත් සභාවේ නිලධාරින් හා කාර්ය මණ්ඩල පවසති.

මොහු දඹුල්ල ප්‍රදේශයට යාබද ප්‍ර⁣ාදේශීය සභාවක හිටපු සභාපති වරයෙකි.පලාත් සභාව විසුරුවා හැර තිබියදී ජනතාවගේ බදු මුදලින් යැපෙන මෙම සභාපති වරයා සේම ලංකාවේ අනෙකුත් පලාත් සභාවලද සභාපති වරු පලාත් සභා විසුරුවා තිබියදී  මෙලෙස සියලු දීමනා ලබමින් සුඛෝපභෝගීව ජීවත් වෙති.මධ්‍යම පලාත් සභාවේ සභාපති වූ එල් ඩී නිමලසිරි නැමති මෙම දේශපාලකයා පලාත් සභාවේ කිසිදු වැඩකට සහභාගි නොවී රජයේ සියලු දීමනා වැටුප් ලබාගනිද්දී,ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයටද වැටුප් දීමනා ගෙවනු ලබන්නේ පලාත් සභාවේ ජනතා බදු මුදලින් බව පලාත් සභාවේ සේවකයන් පවසති.ජනතාව එදාවෙිල යන්තම් පිරිමසා ගනිද්දී,මැදරට  පාසල් දරුවන් උදේ දවල් කුසගින්⁣නේ පාසැල් එද්දී පලාත් සභාවෙි සභාපති වරයා මාසිකව අති විශාල ජනතා මුදලින් සුර සැප විඳින්නේ කෙසේද යනන් ජනතාව ප්‍රශ්න කරති. මෙවැනි  පුද්ගලයන්ගෙන් ජනතාවට ලැබෙන සේවාව කුමක්ද කියා මැදරට ජනතාව ප්‍රශ්ණ කරති.මොහු කලක්  මුරකරුවෙකු ලෙස රජයේ සේවයේ යෙදී සිටි අයෙකු බවද දඹුල්ල අවට  ජනතාව දනිති.ජනතා බදු මුදල් ගිලින මෙවන්  පුද්ගලයන් ජනතා මුදලින් නඩත්තු කිරීම වහා නවතා දමන්නැයි මධ්‍යම පලාත් සභාවේ සේවකයෝ රජයෙන්,හා ජනාධිපති වරයාගන් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *