මාදුරුඔය දකුනු ඉවුර සංවර්ධන ව්‍යාපෘතියට මුවාවී සිදුකරන වැලි   ජාවාරම පිටුපස  දේශපාලන ලොක්කෝ

මාදුරුඔය දකුනු ඉවුර සංවර්ධන ව්‍යාපෘතියට මුවාවී එහිවු වැලි  ඉවත් කිරිමේ ජාවාරමක් දේශපාලන අධිකාරිය මැදිහත්වී සිදුකරන බව වාර්ථාවෙි.

හිටපු පහවැලි ඇමතිවරයෙකු වු චමල් රාජපක්ෂගේ හා ජනාධිපති කාර්යමණ්ඩල පතධානි සාගල රත්නායකගේ ගෝලයින් සිවි දෙනෙකුවිස්න් සිදුකරන මෙම වැලි ජාවරම නිත්‍යානුකළ කර ගැනිම සදහා පතල් හා කැණිම් කාර්යංශයේ අනුමැතිය නමට පමණක් ලබා ගෙන  එහිදී රජයට ගෙවිය යුතු රාජ්‍යභාගයවත් නොගෙවා මෙම ජාවාරම නිදහසේ සිදු කර ගෙන යයි.

තංගල්ල, බුත්තල  ආදි ප්‍රදේශවල සිට පැමිණි පිරිසක් විසින් මෙම ජාවාරම සිදු කරයි.

වැලි කියුබි එකක් සදහා රාජ්‍ය භාගය ලෙස රුපියල් 145ක් ගෙවිය යුතු අතර මහවැලිය සදහා කියුබි එකකට රුපියල් හයසියක මුදලක් ගෙවිය යුතු අතර මෙම සමාගම්වලට මාසයකට කියුබි 2500ක් ඉවත් කිරිමට අවසර ලබා දී තිබෙි.

කෙසේ වෙතත් මහවැලියේ ආරක්ෂක අංශ සමග එකතුවී පිටකරන වැලි වලට ආදාළ බලපත්‍ර සටහන් නොකර මහවැලියට ගෙවිය යුතු කියුබි එකක් සදහාවු රුපියල් හය සිය වෙනුවට කියුබි තුනේ ටිපර් රථයකට රුපියල් දහසක් එම ආරක්ෂක අංශ නිළදාරින්ට ලබාදී ඉන් පිටකරයි.

ඊට අමතරව එම ටිපර් රථවලට කියුබි තුන වෙනුවට හතරක් පටවා  යවනු ලබන අතර මේ කිසිවකට රාජ්‍ය භාගය වන කියුබි එකක් සදහාවු රුපියල් 145 නොගෙවයි.

මිට අමතරව අරලගංවිල මහඔය ආදි ප්‍රදේශවල සිටින වැලි ජාවාරම්කරුවන් හොර රහසේ  ගොඩදමන වැලිද රාත්‍රියට මෙම වැලි ගබඩාවලට ඉතා අඩුමිලකට අලෙවි කරන බව වාර්ථාවෙි.

අරලගංවිල නිදන්වල ප්‍රදේශයෙන්  පටවන වැලි කියුබ් තුනේ ටිපර් රථයක් රුපියල් විසිදෙදහසට ලබා ගෙන  කොළඹට ප්‍රවාහනය කර රුපියල් අනුපන්දහසකට අලෙවි කෙරේ.

මෙම වැලි  ගබඩාවට පිවිසෙන මාර්ගයේ යුද හමුදා පොලසිද් මාර්ග බාධකයක් ඇති අතර වැලි ගෙන යාමට යන ටිපර් රථ යුද හමුදාව මගින් පරික්ෂා  කර යවන අතර වැලි පටවා පිටවන රථ පොලිසිය විසින් අපරික්ධා කරයි. එහිදි සෑම වැලි ටිපර්රථයකින්ම රුපියල් සියයක මුදලක් එදින රාජකාරි සිදුරන පොලිස් නිළධාරියාට ලබාදිය යුතු බව ලොරි රථ රියදුරන් පවසයි.

මෙම මාදුරු ඔය දකුණ ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය  ලෙස හදුන්වමින් සිදු කරනු පඉන්නේ ජාවාරමක් බැවින් එහි සුලු වර්ෂාවටද ගොඩ දැමු වලවල් යලි වැලිවලින් පිරියන බව වාර්ථාවෙි.එම නිසා මනමිපිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක ආකාරයට නිත්‍යානුකුලව සමාගමක් හෝ ස්ථාපිත  කර වැලි  ඉවත් කිරිම නිත්‍යානු කුල කැන්නේ නමි ඉන් රායට හො ්ආදායමක ලැබෙින බව ප්‍රදේශවාසින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *