රටට සහ ජනතාවට වැඩක් නොමැති රජය කතා කිරීමේ නිදහසත් අහිමි කරනවා – විපක්ෂ නායක සජිත්

බංකොලොත් අප රටේ ජනතාවට, රටට, ගමට වැඩක් නොමැති අසාර්ථක රජයක් පවතින බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රටේ ජනතාව නොමරා මරණ බවත් මේ ආණ්ඩුවට මිනිසුන්ගේ පැත්තෙන් අයි.එම්.එෆ්. ගිවිසුමකට එළැඹීමට නොහැකි වූ බවත් ඔවුන් ලක්ෂ 220ට වඩා උග්‍ර පොහොසතුන්ව සුපිරි පොහොසතුන්ව රකිමින් කතා කිරීමේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමි කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත, ත්‍රස්තවිරෝධි පනත උපයෝගී කර ගෙන මිනිසුන්ගේ නිදහස සීමා කරන්න කටයුතු කරන බවත් සත්‍ය දැන ගැනීමට ඇති අයිතිය නැති කිරීමට උත්සාහ කරන බවත් මෙවැනි දුර්දාන්ත ආණ්ඩුවක් රට පාලනය කරමින් පාලකයන් සුපිරි ජීවිත ගත කරන විට පොදුජනතාව එදිනෙදා වේල් 3 පිරිමහ ගන්නේ අමාරුවෙන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොළොන්නරුව කඳුරුවෙල අල්මීනා මහා විද්‍යාලයේ පැවති වැඩසටහකට එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *