පන්සල්වල පවා විදුලිය විසන්ධි කර හාමුදුරුවන්ට අපහාස පවා කරනවා – විපක්ෂ නායක සජිත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහමට ප්‍රමුඛතාව ලබා දෙමින් සෙසු ආගම්වලටත් සුදුසු ස්ථාණයක් ලබා දිය යුතු බව සදහන් වුවත් මිහින්තලා පුදබිමේ පවා විදුලිය විසන්ධි කර ඇති බවත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිදු කරනු ලබන ශාසනික සේවා ඇතුළු අනෙකුත් සේවා පවා කුමන්ත්‍රණ කාරීව පරාජය කරන්නට රාජ්‍යතාන්ත්‍රය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ පැවැති භික්ෂු උපදේශක සභාව අමතමිනි.

දහම් අධ්‍යාපනය පිරිවෙන් අධයාපනය ප්‍රවර්ධනය කරමින් මෙම ආයතන බුද්ධිමතූන්ගේ කේන්ද්‍රස්ථාන බවට පත් කරන බවත් සසුනට අරුණ වැඩසටහන හරහා පවා විශාල වැඩ කොටසක් ඉටු කළත් ඒ වැඩසටහන් සදහාද විවිධ අසත්‍ය මඩ ප්‍රහාර දියත් කළ බවත් ඒ කිසිවකට නොසැලුනා සේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න සමගි ජන බලවේග රජයක් තුළ පවා කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දහම් පාසල් තරග පවත්වා සහතිකවත් දෙන්න බැරි වුන මේ රජය මිහින්තලයේ විදුලිය විසන්ධි කර මහනායක හිමියන්ට පවා බැන වදින බවත් මේ ක්‍රමය වෙනස් කර ප්‍රායෝගික බෞද්ධයෝ බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ පසු එම ගරුත්වය ත්‍රිවිධ හමුදාවට යා යුතු වුවත් එම ගරුත්වය පවුල් කිහිපයක් ලබා ගෙන ඒ තුළින් රටේ සම්පත් කොල්ල කා රට තුළ ආර්ථික ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කර රට විනාශ කළ බවත් මේ නිසා ඇ. ඩොලර් බිලියන 90කට වැඩ ප්‍රමාණයක් ණය වී ඇති බවත් මේ නිසා එක් අයකු ලක්ෂ 12ක් ණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වසරේ ඇති මැතිවරණයෙන් මේ ආර්ථික ත්‍රස්තවාදීන් එළවා දමා නැවතත් රට ගොඩගත හැකි සැබෑ පාලනයක් ඇති කිරීමට සියලු දෙනාම එකතු වන ලෙසත් එය සැබැ නිදහස් නිවහල් සෛරී රටක් බිහි කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *