කුඩා පිරිමි ළමයින්ට අමුතු විද්‍යා උගැන්වු බංඩාරණායක විද්‍යාලයේ ගුරා ගැන දේශපාලන මැදිහත්විමෙන් නීතීය නැමෙයි

තෙල්දෙණිය  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක යටතේ පාලනය වන තෙල්දෙණිය  බණ්ඩාරනායක විදුහලේ  ඉගෙනුම ලබන   කුඩා පිරිමි ළමුන්ට අපචාරයක් සිදුකරන ලද බවට දෙමව්පියන් විසින්  පසුගිය   6  වන දින තෙල්දෙණිය  කලාප කාර්යාලයට  විදුහල්පති මාර්ගයෙන්  පැමිණිල්ලක් ඉදිරිපත් කල අවස්ථාවේ එම සිද්ධිය ප්‍රචාරය නොකර   යටපත් කරගන්නා ලෙස  අධ්‍යක්ෂක විසින් විදුහල්පති වරයාට පවසා ඇති බව වාර්ථාවෙි.

පසුව සිද්ධියට මුලික වු දරුවන්ගේ දෙමව්පියන්   12  වන දින   තෙල්දෙනිය පොලිසියේ කාන්තා හා ළමාරක්ෂක  අංශයට පැමිණිළි කර තිබෙි

මෙම සිද්ධියට සම්බන්ධ  වානිජ විෂය  උගන්වන ගුරුවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ  අතපසු වන්නේ ඔහු ප්‍රබල දේශපාළන  පක්ෂයක සාමාජිකයෙකු නිසා බව  දෙමවිපියන් පවසති.  තෙල්දෙණිය පොලිසියට සිද්ධිය පිළිබඳව පැමිණිල්ල කර ඇත්තේ  12   වන දින වන අතර මෙතෙක්  පැමිණිල්ලට අදාළව ක්‍රියාත්මක නොවී  ඇති බව දෙමව්පියන් පැවසුහ.පරිඝණක කාමරයේදී  ළමයින්ට  අසැබි දසුන් පෙන්වන මෙම  අමුතු ගුරුවරයාගේ කටයුතු ගැන ලමුන්   ඔවුන්ගේ දෙමව්පියන්ට පැවසීමෙන් පසුව මෙම සිද්ධිය   විදුහලේ විදුහල්පති මාර්ගයෙන්  තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක  එස්. තෙන්නකෝන් මහතාට පැමිණිළි කර තිබේ.

මෙම සිද්ධිය  ඉදිරියට  ගෙන  යාමෙන් වළකින ලෙස පලාත් අධ්‍යාපන  අධ්‍යක්ෂක වරයා දෙමව්පියන්ට හා විදුහල්පති වරයාටද බලපෑම් කර තිබෙි.මෙම සිද්ධිය පිළිබඳව මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු .ගමගේ  මහතාගේ උපදෙස් මත පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයද පරීක්ෂණයක්  ආරම්භ  කර ඇත..සිද්ධියට සම්බන්ද  සැකකාර  ගුරුවරයා  ට  එරෙහිව  ළමා අපචාර  චෝදනා  මත  තෙල්දෙණිය   පොලිසිය  මගින් වහා නීතීමය  පියවර  ගන්නා ලෙසටද  පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා  මධ්‍යම  පලාත් නියොජ්‍ය පොලිස්පති  මහින්ද දිසානායක මහතාට උපදෙස් දී ඇත.සිද්ධිය  මාධ්‍ය ඔස්සේ  ප්‍රචාරය  වීම වළක්වාලීම සඳහා  දේශපාළන සබඳතා  සහිත පුද්ගලයන් කීප දෙනෙක්  මාධ්‍ය ආයතනයකටද  කතා කර එය  ප්‍රචාරය නොකරන ලෙසට   ඉල්ලීම්  කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *