ජනාධිපතිවරණයේදී මගේ සහය රනිල්ටයි පොහොට්ටුව ඇතුළු රටට ආදරය කරන සියලු දෙනාම සහය දිය යුතුයි – අමාත්‍ය ප්‍රසන්න

ජනාධිපතිවරණය කල් දැමීමට ආණ්ඩුවේ කිසිදු සුදානමක් නොමැති බවත්, ඉදිරි ජනාධිපතිවරණයට වත්මන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුවහොත් ඔහුට සිය සහය හිමිවන බවත්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන

සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දිය යුතු බව සිය පෞද්ගලික මතය බව අවධාරණය කරන ඇමතිවරයා

මේ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් අවස්ථාවක් ලබා දීම පොහොට්ටුව ඇතුළු රටට

ආදරය කරන සියලු පාර්ශවයන්ගේ යුතුකමක් බවද අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැම විටම රට ගැන සිතා තීන්දු තීරණ ගත් පක්ෂයක් බැවින් නිවැරදි මොහොතේ

සිය පක්ෂය එම තීරණය ගනු ඇතැයි තමන්ට විශ්වාස ඇ්‍රති බවද ඇමතිවරයා සදහන් කරයි.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මේ බව සදහන් කළේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට

සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් ඇමතිවරයාට යොමුකළ ප්‍රශ්න හා ලබා දුන් පිළිතුරු මෙසේයි.

ප්‍රශ්නය – ඔබතුමාලා පසුගිය සමයේ දැඩි ලෙස වත්මන් ජනාධිපතිතුමාව විවේචනය කළා. ඔබතුමා එතනින්

ඉදිරියෙන්ම ඉන්නවා. දැන් ඔබතුමාලා ජනාධිපතිතුමාට සෙත්කවි කියමින් ඉන්නවා. එතුමාට ආයේ දෙන්න ඕනි

කියනවා?

පිළිතුර – අපි අදටත් නියෝජනය කරන්නේ 69 ලක්ෂය තමයි. අපිට 2/3 බලයක් පාර්ලිමේන්තුවේ ආවා. අපේ

වෙලාවට කොරෝනා ආවා. රට වහන්න සිද්ධ වුණා. ඔබතුමාලට මතක ඇති කොරෝනා කාලේ වැක්සින්

ගහනකොට සමහරු කිවුවා ගහන්න එපා පිරිමින්ට ළමයි හම්බ වෙන්නේ නැහැ කියලා. දේශපාලන පක්ෂවල

සමහරු බලාපොරොත්තු වුනේ ලක්ෂයක් දෙකක් මැරෙයි කියලා. නමුත් එන්නත් තුනම ගහලා රට අරින්න

හදනවිට එහෙම කරන්න එපා කියලා වෘත්තිය සමිති කිවුවා. මාධ්‍යවල විශාල ප්‍රචාර දුන්නා ඒවාට. රටේ

ආර්ථිකය කඩන් වැටෙන්න විවිධ හේතු මුල් වුණා. එදා ජනතාව කිවුවේ යුද්ධය දිනලා දෙන්න වෙන මුකුත් එපා

කියලා. මහින්ද මහත්තයා ඒක කළා. දෙවෙනි පාර එතුමට කිවුවේ රට සංවර්ධනය කරන්න කියලා. ඒකත් කළා. ඊට

පස්සේ යහපාලනය ගේන්න අවශ්‍ය වුණා. රටේ ආරක්ෂාව ගැන හිතලා ගෝඨාභය මහත්තයා ගෙනාවා. එතුමා

ඒක කළා වගේම මිනිසුන්ගේ ජීවිත බේරුවා. අද තියෙන්නේ රටේ ආර්ථික අර්බුදයක්. අපි එදා පක්ෂයක් විදිහට

හිතුවා මිනිසුන් අපි ගැන තියෙන විශ්වාසය නැති නම් අපි සියලු තනතුරුවලින් අයින් වෙමු කියලා. ගෝඨාභය

මහතා ජනාධිපතිකමින්, මහින්ද මහතා අගමැතිකමින් අපි ඇමතිකම්වලින් අයින් වුනා. අපි ආරාධනා කළා, රට

ගොඩගන්න පුළුවන් කෙනෙක් ඇවිත් භාර ගන්න කියලා. අපි උදව් කරන්නම් කියලා කිවුවා. නමුත් කවුරුත් ඉදිරිපත්

වුනේ නැහැ. මේක භාර ගන්න කාටවත් කොන්දක් තිබුනේ නැහැ. පාර්ලිමේන්තුවේ තනි මිනිහා වුනු රනිල්

මහත්තයා ඇවිත් මේක භාර ගත්තා. කොන්දේසි විරහිතව අපි එතුමට උදව් කළා. අපි අත උස්සන හැම පනතක්ම

ජනප්‍රිය තීන්දු නෙමෙයි. අපි වැඩ කරන්නේ රටේ ආර්ථිකය ගොඩ ගන්න. ආපස්සට හැරිලා බලද්දි අපිට සතුටු

වෙන්න පුළුවන්. එදා රුපියල් 3000 ට තෙල් ලීටරය ගත්තා. තෙල් ටික තිබුනේ නැහැ. ගෑස් පිපුරුණා. අද එහෙම

නැහැ. ජනාධිපතිතුමා වසර 1 ½ ක් තුළ රට යම් මට්ටමකට ගෙනත් තිබෙනවා. මිනිස්සු සාමාන්‍ය මට්ටමට ඇවිත්

තිබෙනවා. නමුත් අපි එළියට ඇවිත් නැහැ. තවත් ඉදිරියේදී රට මීට වඩා හොද මට්ටමට එද්දි මීට වඩා ප්‍රතිලාභ

ජනතාවට ලැබේවි. මෙම වසර තුළ සංවර්ධන කටයුතු වලට මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා.

ප්‍රශ්නය – යුද්ධය දිනපු නායකයා ඉන්නේ ඔබතුමාගේ පක්ෂයේ, කොවිඩ් වලින් රෝගීන් බේරගත්ත නායකයා

ඉන්නේ ඔබතුමාගේ පක්ෂයේ. නමුත් පොහොට්ටුවට කියන්න බැරි වෙලා තියෙනවනේ අපේ අපේක්ෂකයා කවුද

කියලා. ?

පිළිතුර – අපේ අතින් වැරැද්දක් වූනානම් අඩියක් පස්සට ගන්න බය වෙන්නේ නෑ. ඉන්දියානු ක්‍රමයට විරුද්ධව

කතා කරලා කිරි එක දෙන්න එපා කියලා ඉන්දියාවට ටයි කෝට් දාලා ගිය අයගෙන් මේ දේවල් අහන්නේ නෑනේ.

ඒක තමයි වැඩේ. මේ තියෙන්නේ දේශපාලනයක්. අපි දැනටත් ස්ථාවරයක ඉන්නවා. රට හොඳ තැනකට යන්න

වෙන්න ඕනි මොකක්ද. රට වෙනුවෙන් හරි දේ හැමදාම අපේ නායකයෝ කරලා තියෙනවා. මේ වෙලාවෙත්

පොහොට්ටුවේ නායකයෝ නිවැරදි තීන්දුව නිවැරදි මොහොතේ ගනිවි.

ප්‍රශ්නය – ඔබතුමාලා ජනාධිපති අපේක්ෂකයෙක් පත් කරනවද?

පිළිතුර – තාම නෑ. ජනාධිපතිවරණයක් ඉදිරියේදී තියෙනවා කියනවා. ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කරයි.

ප්‍රශ්නය – ජනාධිපතිවරණය තිබුනොත් පොහොට්ටුව තීරණය මොකක්ද?

පිළිතුර – ඒක පක්ෂයක් විදියට තීන්දුවක් ගන්නවා. දැනට පක්ෂයක් විදියට කවුරුත් ඉදිරිපත් කරන්න තීන්දුවක්

අරගෙන නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තව අවස්ථාවක් දෙන්න ඕනි කියන එක මගේ පෞද්ගලික

මතය. වැඩක් කරපු මිනිස්සුන්ගේ විශ්වාසය තියෙන අභියෝග භාර ගත් නායකයෙක්ට ආර්ථිකය ගොඩ ගන්න

පුළුවන් නායකයෙක්ට යළි රට භාර දුන්නොත් හොඳයි කියන එක මගේ මතය.

ප්‍රශ්නය – ජනාධිපතිවරණයක්ද? ජනමත විචාරනයක්ද එන්නේ ?

පිළිතුර –  ජනාධිපතිතුමාගේ මාධ්‍ය අංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කිව්වා ජනාධිපතිවරණය

මේ අවුරුද්දෙත්. පාර්ලිමේන්තු මැතිවරණය ලබන අවුරුද්දෙත් තියෙනවා කියලා. ඉදිරියේදී ප්‍රතිපාදන වෙන්

කරනවා කියලා කිව්වා.

ප්‍රශ්නය – ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා විධායක ජනාධිපතිවරණය අහෝසි කරන්න ඇවිල්ලා තියෙනවා.

ඒ තුලින් ජනාධිපතිවරණය කල් යයිද?

පිළිතුර – මැතිවරණයක් කල් දාන්න උවමනාවක් නෑ. ඒක පැහැදිලිවම ඊයේ ඒක කිව්වා. ජනාධිපතිවරණයට

මුදලුත් වෙන් කරලා තියෙන්නේ කියලා. මම හැමදාම කියන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනි කියලා.

ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන්නේ මේ තියෙන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න බෑ. ව්‍යවස්ථා

සංශෝධනයකුත් වෙන්න ඕනි. පළාත් සභා ක්‍රමය, පළාත් පාලන ක්‍රමය, ආණ්ඩුකාරවරුන්ගේ බලතල,

ජනාධිපති ධූරයත් එක්ක එකට එක ගැට ගැහිලා තියෙනවා.ඔය කියන විදියට ජනාධිපති ධූරය අහෝසි කරනවා

කියලා බලයට ආපු හැමෝම කිව්වා. බලන්නකෝ පකිස්ථානයට වෙලා තියෙන දේ. කාටවත් බහුතර බලය නෑ.

මේවා සිල්ලරට හිතන්නේ නැතුව දේශපාලනය අධ්‍යනය කරලා රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු තීරණ ඒ

වෙලාවට ගන්න ඕනි. එක එක්කෙනාට ඕනි විදියට රට ගැන තීරණ ගන්න බෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *