ප්‍රාදේශිය කාර්යාලවලින් එක්දින සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනිමට ජාවම්කාරයින්ට කප්පම් දෙන්න වෙලා

ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනිමේදී  සිදුවන  අපහසුවතා හා අක්‍රමකතා හේතුවෙන් පළාත් මටිටමින් ආගමන විගමන  කාර්යල පිහිටවු නමුත්  මේවන විට එම කාර්යාලද  මාෆියා කරුවන්ගේ ගහනයට යොමුවි ඇති බව විෂය භාර ඇමති ටිරාන් අලස් ඇමතිවරයා නොදැනිමට කනගාටුවකට කරුනක් බව වොහිස් ඔෆ් ශ්‍රිලංකා  වෙත වාර්ථාවෙි.

 ඒ අනුව මහනුවර , කුරුනෑගල කාර්යාල තත්වයසමිබන්ධයෙන් සමිප නිරික්ෂණයක් සිදු කළ අතර දකුණේ කාර්යාලයේ තත්වය මේයම බව වාර්ථාවෙි.

එක්දින සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනිමට මෙම කාර්යාලයට පෙර දින සවස සිට පැමිණ රාත්‍රිය පහන්වන තුරු රැදි සිට අලුයම පහට ලබා  දෙන අංකයක් යටතේ  පෝලිමේ සිට ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්නා බව වාර්ථාවේ.එහිදී දිනකට බලපත්‍ර ක් සදහා පමණක් අංක ලබාසදන අතර මේවන විට එක් දින සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනිමට රුපියල්  විසිදහසක මුදලක් අයකරයි.

  කෙසේ වෙතත් කුරුණෑගල  මීගමු පාරේ පිහිටා ඇති ආගමන හා විගමන කාර්යාලයේ සනීපාරක්ෂක පහසුකම් නොමැති අතර ඉතා අඩු ඉඩකඩක් පවති. මෙහි රාත්‍රී කාලයේ දෙසීයකට ආසන්න ප්‍රමාණයක් නිදි වර්ජිතව සිටිනුයේ  කෙසේ හෝ ගමන් බලපත්‍රය රැගෙන විදෙස් ගතවීම සඳහා අරමුණිනි.

මෙය සණස සභාපති කිරිවන්දනීය මහතාගේ බෑනාට අයත් ගොඩනැගිල්ලක් බවක් එම නිසා ඉතා අඩු ඉඩකඩක් සහ පහසුකම් නොමැති  තත්වයක් මත මෙම ස්ථානය දිගින් දිගටම බදු කාලය දීර්ඝ කරන බව වාර්ථාවෙි.

තවද මෙම කාර්යාලය ඉදිරිපිට රැදි සිටින තැ‍රැව්කරුවන්ගේ ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනිමට පැමිණෙන අය සියග්‍රහනයට ලබා ගන්නා බව වාර්ථාවෙි.

 මේ අතර මහනුවර නගරයේ පිහිටි විදේශ ගමන් බලපත් නිකුත් කිරීමෙි කාර්යාලයත්  ඊයේ යුධ බිමක් සේ කළබලකාරී තත්ත්වයකට පත්වීම නිසා මහනුවර පැරණි පේරාදෙණිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයටද දැඩි බාධා එල්ලවී  මහජනතාවද නොසන්සුුන් තාවයකට පත්වුහ.

දින තුනක් තිස්සේ දිවා රාතීු විදෙස් ගමන් බලපත් ලබා ගැනීමට  නොහැකිව  පීඩාවට පත්ව සිටි දහස් ගනනක් වු අයදුම්කරුවන්ගේ දුක්ගැනවිල්ලට සවන් දීමට එම කාර්යාලයේ වගකිව යුතු ප්‍රධානින් නොමැති වීම නිසා විදෙස් ගමන් බලපත් ලබා ගැනීමට දුර බැහැර පෙදෙස් වලින් පැමිණි ජනතාව දැඩි සේ වෙහෙසට පත්ව කෑ කෝ ගැසීම නිසා අවට නෙසෙන්සුන් කාරී වාතාවරණයක් උද්ගත විය.

ඇතැම් අයදුම් කරුවන් විදෙස් ගමන් බලපත් ලබාගැනීමට මුදල් ගෙවා අයදුම්පත් බාරදී මාස තුනකට අධික කාලයක් ගතවී ඇතත් ඔවුනට ගමන් බලපත් නොලැබුණු බවට ඔවුන් මැසිවිළි නැගුහ.

දහස් ගනනක් වු අයදුම්කරුවන් මහනුවර විදෙස් ගමන් බලපත් නිකුත් කිරීමේ කාර්යාලය ඉදිරිපිට පදික වෙිදිකාවේ නිදාගෙන පසුදිනටද ඔවුනට තම අයදුම්පත් බාරදීමට අවස්ථාව නොලැබුණු බව ඔවුන් පැවසුහ.මේ සම්බන්දව විමසීමට එම කාර්යාලයේ බලධාරින් හමුවීමට උත්සාහ කලද එය ව්‍යවර්ථ විය.දුරකතන ඇමතුම් ලබාගන්නට උත්සාහ දැරුවද  එම දුරකතන අංක වලින් පිළිතුරක් හෝ ලබාගත නොහැකි විය.

අම්පාර  බිබිල මොණරාගල නුවරඑළිය  හැටන් මහියංගණය, මඩකලපුව දෙහිඅත්තකණ්ඩිය,මැදගම  නාවලපිටියබදුල්ල  රත්නපුර, යන පලාත් වලින් පැමිණි විදෙස් ගමන් බලපත්  ලබා ගන්නට  සිටි ජනතාවට  බොහෝවිට  කුසගින්නේ පවා සිටීමට සිදුවු බව ඔවුන් පැවසූහ.නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම නිසා විශාල මුදලක් ගෙවා විදෙස් ගමන් බලපත් ලබා ගැනීමට මහනුවර කාර්යාලයට පැමිණි දහස් ගනනක් වූ අයදුම්කරුවන්ට තම අයදුම්පත් බාරදීමට නොහැකි වූ නිසා ආපසු හැරී යාමට

 සිදුවිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *