රටක් ගොඩ නගන්නට බදු වැඩි කරබැහැ -මන්ත්‍රී නාමල්

රටක් ගොඩ නගන්නට බදු වැඩි කර   නොහැකි නිසා  බදු අඩු කොට රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසුවේ සද්ජන රළ බියගම නියෝජිත හමුව අමතා කතා කරමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය 

අලුත් සන්ධාන හදන්නට කොයි කාටත් අයිතියක් තිබෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක් වෙනවා. ඒ අනුව එම සන්ධාන හදන්නේ රට ගොඩ නගන්නට නම් එය අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ අලුතින් හදන සන්ධාන වලට රට ගොඩ නගන ස්ථිර වැඩ පිළිවෙලක් නැහැ. එවැනි වැඩ පිළිවෙලක් ඔවුන් ඉදිරිපත් කරන්නේත් නැහැ. ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ මීළඟ පාර්ලිමේන්තුවටත් පත් වන්නටයි. මේ බව බුද්ධිමත් ජනතාව වටහා ගන්නට ඕනැ.

අපි රටට වැඩ කළ දේශපාලන පක්ෂයක් වෙනවා. ඒ වගේම රට හදන්නට වැඩ කළ  පක්ෂයක් වෙනවා. ඒ තුලින් අපි මුඩුබිමක්ව තිබු රට වැඩ බිමක් බවට පත් කළා.

අලුතින් ගුවන් තොටුපල වල් ඉදි කෙළේ රටේ සියලුම ගුවන් තොටුපල වල් සම්බන්ධ කොට  සංචාරක ව්‍යාපාරය දියුණු කොට එමගින්  මෙරටට  විශාල ලෙස විදේශ විනිමය උපයා ගන්නටයි. නෙලුම් කුලුණ ඉදි කෙළේ අපගේ පක්ෂයේ ලාංඡනය වන නිසා නෙමෙයි. ඒ තුලින් නවීන ලෝකය ලබා තිබෙන   තොරතුරු තාක්ෂණය  මෙරටට ද ලබා ගැනීම  සදහා සන්නාමයක් ගොඩ නගන්නටයි.

මේ ආකාරයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයේ රට පුරා ක්‍රියාත්මක කරන ලද සංවර්ධන යෝජනා වල ප්‍රතිලාභ මීළඟ පරම්පරාවට ලබා දීම අප  පක්ෂයේ අරමුණ වී තිබෙනවා. ඒ තුලින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ සදහා අවශ්‍ය සැලසුම් අපි සකස් කරනවා.

මේ වසර මැතිවරණ වසරක් වෙනවා. කුමන මැතිවරණය පැවැත්වුවත් එයින් අති විශිෂ්ඨ ජයග්‍රහණය කරා පක්ෂය ගෙනි යනවා. ජනාධිපතිවරණයට දින නියම වුනාම අපේක්ෂකයා කවුද කියලා තීන්දු කරනවා. එතෙක් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට පාක්ෂිකයින් ඇපකැප වී කටයුතු කරන ලෙසට මා ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *