ත්‍රිකුණාමලය  මිනරල් සෑන්ඩ්ස්    ඉඩම් ඉන්දිය සමාගමකට කැණීම්  සඳහා දෙන්න භූ විද්‍යා  සභාපති  සංජය පෙරේරා අරඅදීයි

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය යටතේ පවතින ත්‍රිකුණාමලය කුච්චවේලි පුල්මුඩේ ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති පොඩවකට්ටු ප්‍රදේශයේ පිහිටි ලොව හොඳම ඛණිජ සාන්ද්‍රණය සහිත බැර ඛණිජ නිධිය පිහිටි ඉඩම් ඉන්දිය සමාගමකට කැණීම් කටයුතු සඳහා ලබාදීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය සංජේ පෙරේරා කටයුතු කරමින් සිටින බව වාර්ථාවෙි.

ඉන්දීය සමාගමක් වන මිඩ්වෙස්ට් සමාගම සඳහා මේ අයුරින් ඛණිජ වැලි පිහිටි ඉඩම් ලබාදීම ඔහුගේ යටි අරමුණ වී ඇත. ඒ් අනුව ඉන්දීය ආයෝජකයන් මෙරටට පැමිණ කුච්චවේලි ප්‍රදේශයේ ඉඩම් මිළයට ගැනී‌මේ කටයුතු කරමින් සිටියි.

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයට ඛණිජ වැලි සහිත ඉඩම් අවැසි වුවද සංජේ පෙරේරා ඒකී ඉඩම් ඛණිජ වැලි සංස්ථාවට ලබා නොදිමට තීරණය කර ඇත්තේ ඉන්දීය ආයෝජකයන් හරහා ඔහුට ලැබෙන විශාල කොමිස් මුදල හේතුවෙනි.

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ සභාපති වෛද්‍ය උදේනි දසනායක 2023. දෙසැම්බර් 28 වනදා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට ලිපියක් යවමින් කියා තිබුණේ පොඩවකට්ටු ප්‍රදේශයේ EL/407 – (Grid-15) ගවේෂණ බලපත්‍රයට අයත් ප්‍රදේශය අංක 2313/37 දරණ 2023 ජනවාරි 04 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ 930 ඉ වගන්තියේ ප්‍රතිපාදන මත ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනට තවදුරටත් ඛණිජ වැලි සහිත මෙම ඉඩම් රදවා තබා ගැනීමට අවශ්‍ය බැවින් ඒ් සඳහා රුපියල් මිලියන 3 ක චෙක්පතක් ද යවමින් ඉල්ලා තිබුණි.

නමුත් ඒකී චෙක්පත පවා ප්‍රතික්ෂේප කරමින් සංජේ පෙරේරා 2024 පෙබරවාරි 01 වනදා ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ සභාපතිට ලිඛිතව දන්වා තිබුණේ වෙනත් ඉල්ලුම්පත්‍ර සලකා බැලීමට සිදුවන බවත් ඒසේ උවහොත් ඒ් පිරිසට ඉදිරියේ දී ගවේෂණ බලපත්‍ර ලබාදීමට තමන්ට සිදුවන බවයි.

ඛණිජ වැලි සංස්ථාව ලබාගෙන තිබු කැණීම් බලපත්‍රයට අදාලව මෙට්‍රික් ටොන් 140,000 ක් කැණීම් කල හැකිව තිබුණද ඛණිජ වැලි සංස්ථාව මෙට්‍රික් ටොන් 45,000 ක් පමණක් කැණිම් කර තිබීම ඊට හේතුව  බවද ඔහු සඳහන් කර තිබුණි. ඒබැවින් වඩා වාසිදායක වෙනත් පුද්ගලික සමාගම් වෙත ඛණිජ වැලි නිධිය විකුණා දැමීම බව ඔහුගේ අදහස වී ඇත.

කෙසේ වෙතත් සංජේ පෙරේරා මේ වනවිට ඉන්දීය සමාගමක් සඳහා පොඩවකට්ටු ප්‍රදේශයේ ඛණිජ වැලි කැණීම් හා නිස්සාරණ කටයුතු සඳහා අනුමැතිය ලබාදී ඇත. ඒ් අනුව පසුගිය ජනවාරි 30 වනදා ඉන්දීය ආයෝජකයන් ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රදේශයේ නිලාවෙලි, පොඩවකට්ටු, සලෙපආරු යන ප්‍රදේශයන් හි පිහිටි ඛණිජ වැලි සහිත ඉඩම් අක්කර 200 ක් බදු ගැනීමට අදාල පරික්ෂා කිරීම් සිදුකරනු ලැබීය. ඒ් අනුව ඔවුන් ඉඩම් අක්කර 100 ක් පරික්ෂා කරනු ලැබු අතර පසුගිය 30 වනදා සිට දින තුනක් පුරාවට ඉඩම් ලබා ගැනීමට අදාල මුලික කටයුතු වල නිරතව තිබුණි.     

Leave a Reply

Your email address will not be published. Required fields are marked *