කෙහෙළිය ඇතුළට යද්දි අලුත්ගමගේ මහනුවරට

මහනුවර දේශපාළන නායකයා ලෙස කැපී පෙනෙන චරිතයක්  සේ හැසිරුණ හිටපු ඇමති කෙහෙළිය රඹුක් වැල්ල මහතා ⁣ බාල බෙහෙත් වංචා වට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර එම පුවතේ උණුසුම යන්නටත් පෙර නාවලපිටිය සිය රජදහන කරගෙන සිටි පොහොටිටුවේ   හිටපු ඇමති  පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අළුත්ගමගේ මහතා  මහනුවර දේශපාළන නායකත්වයට  අත ගසමින් අති විශාල මාසික කුලියකට  මහනුවර නගරයේ කොළඹ වීදීයේ  සුවිසල්  ගොඩනැගිල්ලක් කුලියට ගෙන දේශපාළන පක්ෂ සම්බන්ධීකරණ කාර්යාලයක් සිකුරාදා පෙරවරුවෙි විවෘත කළේය.

මෙම අවස්ථාවට ඔහුගේ සගයන් දේශපාළන ආධාර කරුවන් රැසක් එක්වී සිටියහ.

මහනුවර බල ප්‍රදේශයේ දේශපාළන නායකයා ඔබදැයි මාධ්‍ය වෙිදියෙකු මහින්දානන්ද  ගෙන් විමසද්දී  අපේ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ වලට  ඉදිරිපත් වෙන්න  දේශපාළන නායකත්වයක් නුවරට තියෙන්න ඕනේ , එනිසා මම ඉදිරිපත් වුණා යැයි පැවසීය.

කෙසේ වෙතත්  නැවත්   නැවේ කපිතාන්වරයාත්  මුහුදු බත් වෙද්දී නැවේ මීයෝ කැරපොත්තො  හූණෝ  මකුණන්  ජීවිතේ බේරාගන්නට මුහුදට පැන්නා සේ කෙහෙළිය ඇමති වරයාගේ  ලේකම්වරු සියලු දෙනා තනතුරු වලින් ඉවත් වී තිබෙි.

කෙහෙළිය ඇමති වරයාගේ මාධ්‍ය ලේකම් වරයා කල් ඇතිව ඔහු සේවය කල රාජ්‍ය මාධ්‍ය ආයතනයෙන්ද,මාධ්‍ය ලේකම් ධුරයෙන්ද ඉල්ලා අස්වී ඇති බව ඔහුගේ සමීප සගයන්  පැවසුහ. කෙහෙළිය අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සියලු ලේකම්වරු ඉල්ලා අස්වී වෙනත් දේශපාළකයන් සමග එක්වී තිබෙි.

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා සිරගතවීමත් සමග ඔහු වටා සිටි සියල්ලෝම  ඔහු අත්හැර ඉවත්ව ගොස් තිබේ.

මේ වන විට මහනුවර දේශපාලන නායකත්වය තමන් අතට ගැනීම සඳහා මහින්දානන්ද අළුත්ගමගේ නාවලපිටියේ දේශපාළන ප්‍රබලයා මහනුවරට පය තැබුවේ කෙහෙළියගේ නායකත්වය කඩා වැටීමත් සමග බව බොහෝ දෙනා පවසති.

කෙසේ වෙතත් රට ගොඩ නැගීමේ කාර්යයට මහින්දානන්දගේ පූර්ණ සහාය ලබාදීම  සඳහා  මෙම පක්ෂ කාර්යාලය පිහිටුවීමට පියවර ගත් බව ඔහුගේ දේශපාළන සමීපතමයන් පැවසුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *