නිපුන හා ඩඩිලිගේ මෝලවල කිරිසම්බා ටොන් ලක්ෂයක් හමුවෙලත් වෙළද ඇමති නලින් නිතිය දෙකට නවයි

රටපුරා කිරිසම්බා සහල් හිගයක් මවා පාමින් මහපරිමාන මෝල් හිමියන් පාලන මිල ඉක්මවා වැඩිමිලට කිරිසම්බා සහල් විකුණන බව පුලපුලා පැවසුවත් පාරිබෝගික සේවා අධිකාරිය එයට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා වෙනුවට ආදාළ මෝල් හිමියන්ගේ මෝල් සංකිර්ණ වටලා සහල් තොග හසුවුවද එය දේශපාන බලයෙන් යටපත් කිරිමට කටයුතු කර ඇති බව වාර්තාවෙි.

ඒ අනුව තමන් ළග කිරිසම්බා සහල් නොමැති බව පවසමින්  පාලන මිලවු කිලෝග්‍රෑමයක් රුපියල් දෙසිය අසුවක් මිලකට අලෙවි කළ යුතු වුවද ඉතා රහසිගතව කිලෝග්‍රෑමයක් රුපියල් 350ක තොග මිලකට මෝල්හියන් තොග සපයන බව ප්‍රසිද්ධ රහසකි.

මෙවන් තත්වයක් මත පසුගියදා පාරිභෝගික අධිකාරියේ නිළධාරින් නිපුන හා අරලිය  සහල් මෝල්වල පරික්සා කර නිපුන සහල් මෝලේ කිරිසම්බා සහල් මෙට්‍රික්ටොන් තිස්පන්දහසක් සහ අරලිය සහල් මෝලේ කිරිසම්බා සහල් මෙට්‍රික්ටොන් හැත්තෑදහසක් තිබි සොය ගෙන ඇති අතර අවසානයේ දේශපාලන බලය ඉස්මතුවී ඊට එරෙහිව කටයුතු කිරිමත් ඊට ආදාළ තොතුරු වසන් කිරිමටත් වෙළද ඇමති නලින්ප්‍රනානාදු මුලිකවී කටයුතු කර ඇති බව වාර්තාවෙි.

නිපුන සහල් අයත්වන්නේ මහාමාර්ග නියෝජ්‍ය ඇමති සිරිපාල ගම්ලත්ට වන අතර අරලිය සහල් අයත්  වන්නේ ශ්‍රිලංකා නිදහස්  පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන ඩඩිලි  සිරිසේන මහතාටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *