අකිලගේ හයිය අරන් මධ්‍යම අධිවෙිගයට පස් සපයන ජාවාරමක් රඹුක්කනෙන් අල්ලයි

පරිසර බලපත්‍ර හා භවිද්‍යා  පතල් කාර්යාංශයේ කොන්දෙසි කඩකරමින් සිය දේශපාලන බලය උපයෝගිකර ගෙන මධ්‍යම අධිවෙිගී මාර්ගයට මහා පරිමානයෙන් බොරලු සපයන ජාවරමක් වැටලිමට භුවිද්‍යා හා පතල් කාර්යංශ නිළදාරින් කණ්ඩායමක් සමත්වි ඇත.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් අකිලවිරාජ් කාරියවසම්ගේ පතභල ආධාරකරුවෙක් වන කුලියාපිටිය උඩුබද්දාව  පදිංචි රත්නායක නැමති අයෙකු විසින් රඹුක්කන මතව පතදේශයේ හේවාදිවල ගැමිමානයේ  පිහිටි බොරලු කන්දකට බලපත්‍ර ලබා ගෙන ඇත්තේ මාසයකට කියුබි දහසක් කැපිම සදහාය.

එහෙත් ජනවාරි 11 දිවන් සිට පෙබරවාරි 09 වෙනි දින වන විට කියුබි 7860ක් කපා ඇත්තේ රජයට ගෙවිය යුතු රාජ්‍ය භාගයවත් නොගෙවාය.

ඒ අනුව පස් කියුබි එකක් සදහා රාජ්‍ය භාගය වශයෙන් රුපියල් 145ක මුදලක් ගෙවිය යුතු අතර ඒ ුනව රාජයට වංචාකරමින් කියුබි 6860ක්  කපා අලෙවි කර රුපියල් ලක්ෂ දහයකට ආසන් මදලක් වංචා කර ඇත.

වැඩිදුරටත් එහි පරික්ෂා කළ නිළධාරින්ට හෙළිකර ගැනිමට හැකිවී ඇත්තේ එල් එප් 5176 දරණ ලොරියෙන් පමණක් දිනකට ලබා දි ඇති එක් ප්‍රවාහන බලප්‍ර්යකින් පස් කියුබි තුනේ ප්‍රමානයේ වාර 25ක් පතවාහනය කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *