මැතිවරණ වසරක ජනාධිපති ධුරය අහෝසි කරන්න හදනවා – විපක්ෂ නායක

ආණ්ඩුව යම් යම් තැන්වල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය බව පැවසුවත් එය අහෝසි කළ යුත්තේ ජනතාව අපේක්ෂා කරන ජනාධිපතිවරණයකට සහ මහමැතිවරණයකට ඡන්දය ලබා දීමෙන් පසුව බව විපක්ෂ නායකවරයා පැවසීය.

අද මේ රට පාලනය කරන්නේ අයාලේ යන ආණ්ඩුවක් සහ පිටරට යන ජනාධිපති කෙනෙක් බවත් ආණ්ඩුව වෙනම කටයුතු කරන විට ජනාධිපතිවරයා තමන්ගේ න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන බවත් ඔහු පැවසීය.

වැඩිසුරටත අදහස් දැක්වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

එසේම ආණ්ඩුව යම් යම් තැන්වල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය බව පැවසුවත් එය අහෝසි කළ යුත්තේ ජනතාව අපේක්ෂා කරන ජනාධිපතිවරණයකට සහ මහමැතිවරණයකට ඡන්දය ලබා දීමෙන් පසුව බවත් වත්මන් ජනාධිපතිවරයා 134 දෙනාගෙන් බලයෙන් ජනාධිපති පුටුවට පත්වන විට ජනාධිපති ධුරය අහෝසි කරන බවට පැවසුවා නම් ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානම් වී නමුත් ඔවුන්ට ඒ සදහා වුවමනාවක් නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මොවුන්ට ජනාධිපතිවරණය අහෝසි කිරිමට අවශ්‍ය වී ඇත්තේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පෙනි පෙනී බවත් මොවුන් විසින් ගෞරව නාම ලබා දුන් අතකොලුවන් උපයෝගී කර ගෙන ජනාධිපතිවරණය අහෝසි කළ යුතු බවට මතවාද ගෙන යන බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපතිවරණය අහෝසි කරන ප්‍රතිපත්තියේ සිටින සමගි ජන බලවේගය ආණ්ඩුවට අනතුරු අගවා සිටින්නේ වහාම නියමිත දිනට ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් ඉන් අනතුරුව එම වරම තුළින් ජනාධිපතිවරණය අහෝසි කළ යුතු බවත් ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේග රණවිරු සමුළුව අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *