කුරුණැගල වැවිලි සමාගමේ අක්කර 80ක  පොල් ඉඩමක් තුට්ටු දෙකට මංජුලා ගන්නයි

කුරුණැගල වැවිලි සමාගමෙන් චන්ද්‍රකා ආණ්ඩුව සමයේ  හිටපු අමාත්‍යවරයෙකුවු සාලින්ද දිසානායක මුලික වී හිරිපිටිය  ගොවි සමාගමට ලබා ගෙන තිබු අක්කර 80ක පොල් ඉඩම ව්‍යාජ ලෙස කරුණු ඉදිරිපත් කර සාලින්ද ගේ බිරිය වන පාර්ලිමේන්තු මන්ත්‍රි මංජුලා දිසානයක ලබා ගැනිමේ සැලසුමක් පිළිබද තොරතුරු වාර්ථාවේ.

එකළ හිරියාල ගොවි සමාගම ක්‍රියාකාරි ගොවි සංවිධානයක් ලෙස කටයුතු කිරිම නිසා වැඩිම අරමුදල් ප්‍රමාණයක් මෙම ගොවි සමාගමේ ව්‍යපෘති සදහා යෙදවිමට රජය කටයුතු කර ඇත.

ඒ අනුව නව ගබඩා  ආදියද ඉදිකර ඇති අතර පසුව එහි සිටි ක්‍රියාකාරි ගොවි නියෝජිතයින් උපක්‍ර්‍රමශිලිව ඉන් ඉවත් කර මන්ත්‍රිවරියට හිතවත්  පිරිසක් එම ගොවි සමාගමට පත්කර ගෙන ඇත. මෙි වන විට එම සමාගම අලාභ ලබන බවට පත් කර ඇති අතර එහි ඇති පොල්ගස්වලට කිසිදු  සැලකිමක් සිදු නොකර ඵලද්‍රව පමණක් ලබන බව වාර්තාවෙි. ඊට අමතරව එහි ඇති ගොඩනැගිලි කුලිපදනම මත ලබාදී එයින් එන ආදායමද එම පිරිස භුක්තිවිදින බව සදහන් වෙි.එම රජයේ ඉඩමේ බදු කුලියද නියමිත  ආකාරයට නොගෙවා නිසරු ඉඩමක් බව පෙන්වා තුටිටු දෙකට මිලට ගැනිමට සැලසුම් කර ඇති බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *