මහනුවර දුම්රිය  ස්ථානයේ ටිකටි ජාවාරමට සේවකයනුත් හවුල්

මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයෙන්  නිකුත් කරන නගරාන්තර සීග්‍රාගාමී   දුම්රිය ටිකටිපත් ජාවාරමක්  නිසා    එම දුමිරියේ  ගමන් ගැනීමට  ටිකටි පත් මිළදී ගැනීමට පැමිණෙන  දුම්රිය මගීහු දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.

විදේශීය සංචාරකයන්ට  බදුල්ල, බණ්ඩාරවෙල  යන පලාත් වලට විශේෂ  දුම්රියේ ගමන් කිරීමට ටිකට්පත් ලබා ගැනීමට නම් දුම්රිය ස්ථානය අවට තැරැව්කරුවන්ට  ටිකට්පතේ නියමිත ගාස්තුවට වඩා දෙගුණයක් ගෙවීමට සිදුව තිබේ.මෙම ටිකටිපත් ජාවාරමට දුම්රිය ස්ථානයේ ඇතැම් සේවකයන් හා ඇතැම් නිලධාරින්ද සම්බන්ධ වී සිටින අතර,ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන්ද සම්බන්ද වී සිටිති.

දුම්රිය ස්ථානය ඉදිරිපිට  සිටින ඇතැම්  ත්‍රිරෝද රථ රියදුරන්ද නුවරට පැමිණෙන සංචාරකයන්  ගසා කන බව නගරයේ  අනෙකුත් ත්‍රිරෝද රථ රියදුරන් පවසයි.

මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානය තුල ඇතැම් සේවකයන් නගරාන්තර සීග්‍රගාමී දුම්රිය ටිකට්පත්  වැඩි  මිළට අළෙවි කරන බවත්,විශේෂයෙන් විදෙස් සංචාරකයන්ට  වැඩි මිළට  ටිකටි අළෙවි කරන  ජාවාරම්කරුවන්ද සිටින අතර,ඔවුන් බොහෝවිට දුම්රිය ටිකට් කවුළුවල සේවය කරන ඇතැම් නිලධාරින් සමග සබඳතා පවත්වමින්, ටිකට්පත් ලබාගෙන   හදිසියේ පැමිණෙන දෙස් විදෙස්  මගීන්ට වැඩි මිළට  ටිකටිපත්   අළෙවි කරන බවත්  මගීහු රැසක්ම පැවසුහ.

මහනුවර දුම්රිය ස්ථානයට නගරාන්තර දුම්රියේ යාමට ටිකටි ගැනීමට  පැමිණෙනමගීන්ට ටිකටි   කවුන්ටර් වලදී නිතර අසන්නට ලැබෙන්නේ  එන්ටර් සිටි ටිකට්  ඉවරයි  යන පිළිතුර  බව දුම්රිය මගීන් පවසති.

මහනුවර දුම්රිය ස්ථානයේ වගකිව යුතු  නිලධාරින්  මෙහි සිදුවන අක්‍රමිකතා සම්බන්දව විශේෂයෙන්  සොයා බැලිය යුතු බවත් ප්‍රවාහණ  ඇමති බන්දුල  ගුණවර්ධන මහතා මේ සම්බන්දව  අවධානය යොමු නොකලොත් මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් අප රට පිළිබඳව  වැරදි  අදහස්  පතුරුවා හරින්නට ඉඩ තිබෙන බව සංචාරක  කර්මාන්තයේ නිරත  ආයතන ප්‍රධානින් කීප දෙනෙකු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *