දඹුල්ල ක්‍රිකට් ක්‍රිඩාංගනයේ හා උරුමය ඔප්පු දිම සදහා කෝටි 50වැයකර ඉන් කොටසක් සාක්කුවලට දාගත් මැති ඇමතිලා හා බෝඩිඑකේ ලෝක්කෝ

උරුමය ඔප්පු ප්‍රධානයට සමගාමිව දඹුල්ල ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවති උත්සවයට හා එහි විවෘත කිරිමි සදහා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් රුපියල් කෝටි පනහක මුදලක් වැය කර ඇති අතර ඉන් සැලකිය යුතු කොමිස් මුදලක් එම මණ්ඩලයේ ඉහළ නිළධාරින්ට හා මැති ඇමතිවරුන්ගේ ගිනුම්වලට බැරවී ඇති බව වාර්ථාවෙි.එහි අරුමයනම් ආන්ඩුවේ සිටින  මිට පෙර ක්‍රිඩාව භාර කටයුතු කළ මන්ත්‍රිවරයෙකුටද සැලකියයුතු මුදලක් ඉන් වෙන් විමයි.

දඔුල්ල ක්‍රිකට්  ක්‍රිඩාංගනයේ එල් ඊ ඩී විදුලි ආලෝක පද්දතිය, අඩක්  නිමකර තිඩු  පිහිනුම් තඨාකයේ වැඩ අවසන් කිරිම හා උරුමය ඔප්පු ප්‍රධාන උත්සවය හා ගායක ගායිකාවන්ගේ  විදම් සදහා එම මුදල් වෙන් කර ගෙන ඇත.

එම මුදලින් කෝටි පහක් වැය කර ඇත්තේ වෙිදිකාව නිර්මාණය කරන ශ්‍රිමාල් නැමති අයට වන අතර එම මුදලින් පැමිණි ජනතාවට  සිටිමට ඉදිකළ තාවකාලික කුඩාරම්,අවට ප්‍රදේශ විදුලි ආලෝක කිරිම ආදිය සදහාය.එම මුදලින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළම නිළධාරින් දෙදෙනෙකුට හා ආණ්ඩුවේ මන්ත්‍රිවරයෙක්ට ද කොමිස් මුදලක් වෙන් වී ඇති බව වාර්තාවෙි.

ඊට අමතරව ජනාධිපතිවරයා ළගින්ම සිටින නිළධාරියෙකුට හා ඇමතිවරයෙකුටද උත්සවය සදහා වෙන් වු මදලින් කොමිස් මුදල් බැරවු බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ පහළ සිටින නිළධාරියාගේ සිට දන්නා ප්‍රසිද්ධ රහසකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *