වැ.බ. දේශබන්දු තම කුණු වහගන්න පොලිස් ත්‍යාග අරමුදල සුද්ධ කරයි- ඇමති ටිරානුත් හවුල්

සිය තනතුර ස්ථීර කර ගැනීම සඳහා ‘යුක්තිය’ නමින් සංදර්ශනයක් පවත්වමින් සිටින වැඩ බලන පොලිස්පති දේශබන්දු තමන්ගේ කුණු සෝදාගැනීම සඳහා පොලිස් ත්‍යාග අරමුදල අවභාවිත කරන්නට ද පටන්ගෙන තිබේ.පොලිස් ත්‍යාග අරමුදල යනු පොලිස් නිලධාරීන් රජාකාරියේ දී දක්වනු ලබන කැපවීම සහ විශේෂ දක්ෂතා අගයමින් ඔවුන්ට මූල්‍යමය ත්‍යාග පිරිනැමීම සඳහා පිහිටුවා තිබෙන අරමුදලකි.එසේම එකී අරමුදලේ තවත් අරමුණක් වන්නේ ,කිසියම් නිලධාරියෙකු රාජකාරියේ යෙදී සිටිය දී අනතුරකට පත්වූ හෝ මියගිය අවස්ථාවක ඒ වෙනුවෙන්  ඔවුන්ගේ පවුල් වෙත වන්දි ගෙවීමය.මේ සඳහා අරමුදල් උපයා ගනු ලබන්නේද පොලිස් නිලධාරීන් විසින්මය.පොලීසිය අධිකරණ වෙත ඉදිරිපත් කරනු ලබන මත්පැන් සහ මත්ද්‍රව්‍ය චෝදනා පිළබඳ නඩු වෙනුවෙන් නියම කෙරෙන දඩ මුදලින් අඩක් බර වන්නේ පොලිස් ත්‍යාග අරමුදලටය.

පොලිස් නිලධාරීන්ගේ සුභ සාධනය වෙනුවෙන් භාවිතා කළ යුතු මෙම අරමුදල වැඩබලන පොලිස්පතිවරයා විසින් තමන්ගේ සහ දෙපාර්තමේන්තුවේ වැරදි වසා ගැනීම සඳහා භාවිතා කරන්නට පටන් ගෙන තිබෙන බව මෑත සිදුවීම් දෙකකින්ම පැහැදිලිවිය.ආසන්නම සිදුවීම වන්නේ පසු ගිය දිනෙක පොලිස් නිලධාරියෙකු විසින් නාරම්මල දී අහිංසක සිවිල් වැසියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදු වීමය.මෙම ඝාතනයේ ලේ වියැකී යන්නටත් පෙර දේශබන්දු  වින්දිතයාගේ පවුලට රුපියල් ලක්ෂ දහයක් මුදලක් පරිත්‍යාග කළේය.තමන්ගේ සාක්කුවෙන් දෙන්නා  සේ දේශබන්දු මෙම පරිත්‍යාගය කළේ පොලිස් ත්‍යාග අරමුදලෙන් බව ජනතාව දන්නේ නැත.මිනීමරු පොලිස් නිලධාරියෙකුගේ ක්‍රියාව නිසා මියගිය අහිංසකයා වෙනුවෙන් අනිවාර්යයෙන්ම යුක්තිය ඉටුවිය යුතු නමුත් ඒ සඳහා පොලිස් ත්‍යාග අරමුදලේ මුදල් භාවිතා කිරීමේ අදාලත්වය හෝ සාධාරණය කුමක්දැයි මැදිහත් පොලිස් නිලධාරීහු ප්‍රශ්න කරති.

වැලිගම දී පොලිස් වෙඩි පහරකින් පොලිස් නිලධාරියෙකු මිය ගිය සිදුවීම වැඩබලන පොලිස්පතිවරයා පොලිස් ත්‍යාග අරමුදල අවභාවිත කිරීමේ තවත් ආසන්න සහ නිර්ලජ්ජිතම සිදුවීමය.මියගිය පොලිස් නිලධාරියා  කොළඹ අපරාධ විමර්ශන කාර්යාංශයේ සැරයන්වරයෙකු වූ අතර ඔහු මිය ගියේ වැලිගම  ප්‍රදේශයේ හෝටලයක් වැටලීමට ගොස් සිටියදී වැලිගම පොලිස් නිලධාරීන් විසින් තැබූ වෙඩි පහරකිනි.දේශබන්දු ඔහු වෙනුවෙන් රුපියල් ලක්ෂ 42ක් වන්දි මුදලක් ගෙවීමට පියවර ගත්තේය.එය ඉතිහාසයේ පොලිස් නිලධාරියෙකු ගේ මරණයක් වෙනුවෙන් ගෙවනු ලැබූ ඉහලම වන්දියයි.එම මරණය බැලූ බැල්මටම වැරදීමකින් ,මිතුරු වෙඩි පහරකින් සිදු වූ මරණයක් වූ නිසා කිසිවෙකුට එම වන්දිය හෝ එතරම් විශාල මුදලක් ගෙවීම ගැන හෝ ප්‍රශ්නයක් මතු වූයේ නැත.එහෙත් දේශබන්දු එතරම් විශාල වන්දි මුදලක් ගෙවීමට පියවර ගත්තේ ඔහු සහ පොලිස් ඇමති ටිරාන් අලස් එක්ව කළ කුමන්ත්‍රණයක පවු සෝදා ගැනීමේ අරමුණෙන් බව පොලිස් දෙපාර්තමේන්තුවේ ද බොහෝ දෙනා දන්නේ නැත.

සාමාන්‍යයෙන් පොලිස් මූලස්ථානයට අනුබද්ධ විශේෂ ඒකකයක් උවත් රටේ කුමන ප්‍රදේශයක හෝ මෙහෙයුමක් කරන්නේනම් අදාල ප්‍රදේශයේ පොලීසිය දැනුවත් කර තිබිය යුතුය.එහෙත් දේශබන්දුගේ ඍජු උපදෙස් මත කොළඹ අපරාධ කොඨඨාශයේ නිලධාරීන් පිරිසක් යුක්තියේ මෙහෙයුමේ නාමයෙන් වැලිගම හෝටලයක් වැටලීමට ගොස් තිබුනේ වැලිගම පොලීසිය දැනුවත් කිරීමකින් තොරවය.එසේ දැනුවත් කිරීමක් කර තිබුනේ නම් සිවිල් ඇඳුමෙන් සිටි ඔවුන් පාතාල සාමාජිකයන් යැයි සිතා වැලිගම පොලීසියේ නිලධාරීන් වෙඩි තබන්නේ නැත.

මෙම සිදු වීමේ වැදගත්ම  කාරණය වන්නේ දේශබන්දු හොර රහසේම කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක්  වැලිගම මෙහයුමක් සඳහා පිටත් කර හරියේ කුමක් නිසාද යන්නය.වැටලීමට ලක්වූ වැලිගම හෝටලය ඌව ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල්ගේ පුත්‍රයාට අයත් එකකි.යුක්තියේ නාමයෙන් එම වැටලීම කර තිබෙන්නේ මොහොමඩ් මුසම්මිල් සමඟ ටිරාන් අලස් ඇමතිවරයාට තිබෙන ඉඩම් ආරවුලක   පෞද්ගලික කෝන්තරයක්  පිරිමසා ගැනීම සඳහාය.

මේ  ආකාරයට ඉදිරියේ දී ද පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීම සඳහා යුක්තියේ මෙහෙයුමේ නාමයෙන් තවත් මෙහයුම් සිදු විය හැකි අතර ,එහිදී තවත් පොලිස් නිලධාරීන් මෙන්ම අහිංසක සිවිල් වැසියන්ට ජීවිත අහිමිවීමේ අවදානමක් තිබෙන අතර ඒ නිසා පොලිස් ත්‍යාග අරමුදල හිදී යාමට ද ඉඩ තිබෙන බවත් වැඩබලන පොලිස්පතිවරයාගේ මෙන්ම චන්ඩියෙකු සේ හැසිරෙන ඇමති ටිරාන්ගේ ද තරම දන්නා පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *