ඉඩම්වල උරුමය රනිල් අයිතිකරුවන්ට දෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් ඔප්පු දසදහසක් ලබාදීමේ “උරුමය”  වැඩසටහනේ පළමු අදියරට අදාළව නිදහස් ඔප්පු  ගොවි ජනතාව වෙත ප්‍රදානය කිරීමේ උත්සවය  රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්විණි.

එහිදී සංකේතාත්මකව ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු පනහක් බෙදාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට  වත්මන් සමගිජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වන ගයන්ත කරුණාතිලක මහතා ද මෙම අවස්ථාවට එක්වීම විශේෂත්වයකි.

සැම ප්‍රාදේශිය ලේකම් කොඨඨාශයකින්ම ඉඩමිලාභින් පනහ බැගින් උත්සවය සදහා කැදවා තිබු අතර ඔවුන්ට අවශ්‍ය කෑම බිම ප්‍රවාහන පහසුකම් ආදිය රජය මගින්  ලබා දිමට කටයුතු කර තිබිණි.ඒසේ පැමිනෙ විට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක නිළධාරි මහතෙකු පැමිණ සිටි අතර එසේ පැමිණි ඉඩම්ලාභින්ගේ ඔප්පු එම නිළධාරියා සතුවිම නිසා උත්සවයෙන් පසු ඔවුන්ගේ ඉඩම් ඔප්පුව ලබාදිමට කටයුතු කර ඇත.

උරුමය වැඩසටහන යටතේ ඉඩම්වල පූර්ණ අයිතිය ඉල්ලුම් කරන අයදුම්කරුවන් සඳහා ප්‍රධාන අදියර 03ක් යටතේ නිදහස් දීමනාපත්‍ර ලබාදීමට නියමිතය.

 මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රජාව වෙතින් ඉදිරිපත් වන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් මෙහෙයවීමේ යාන්ත්‍රණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ උරුමය මෙහෙයුම් ලේකම් කාර්යාලයක් ද ස්ථාපිත කර තිබේ.

මිට අමතරව ඹුල්ල ක්‍රීඩාංගණයේ ස්ථාපිත කළ ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය’ ජනාධිපතිවරයා විසින් විවෘත කළේය.

සහජ දක්ෂතාවන්ගෙන් හෙබි මෙරට ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික කණ්ඩායම නියෝජනය සඳහා සමාන අවස්ථා ලබා දීමේ අරමුණින් දියත් කළ”ජාතික ක්‍රිකට් සංවර්ධන ගමන් මඟ” ජාතික වැඩසටහනට සමගාමීව ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය’ නිර්මාණය කෙරුණි.

එමෙන්ම දඹුල්ල ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඉදිකළ නව පිහිණුම් තටාකය හානව්‍යකරණය කරන ලද ක්‍රීඩාංගණ විදුලි ආලෝක පද්ධතිය විවෘත කෙරුණේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිනි. මේ අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” මාධ්‍ය මධ්‍යස්ථානයට, නව ප්‍රේක්ෂකාගාරයට සහ ගෘහස්ත ක්‍රීඩාගාරය ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීමද ජනාධිපතිවරයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *