ආර්ථික ත්‍රස්තවාදින් සමඟ දේශපාලන ගිවිසුම් නෑ – විපක්ෂ නායක

රටේ පොදුජනතාව නැවතත් අන්දවන බොරුකාර වංචාකාර ප්‍රෝඩාකාර රංගන මුහුණු පොත තුළ රැව්දෙන බවත් ජනතා ප්‍රශ්නවලට ගොවි ගැටලුවලට පාසල් දරුවන්ගේ ප්‍රශ්වලට උත්තර නොමැති වුවත් ආණ්ඩුව සහ විපක්ෂයේ සමහර පක්ෂ කිසිදු ගැටලුවක් නොමැති ආකාරයට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

තඹුත්තේගම පාසලට ලබා දුන් සක්වල බස් රථයට වඩා බස් 100ක සෙනග පටවා කරන රැස්වීම්ට මේ වන විට වටිනාකමක් ලැබි ඇති බවත් බංකොලොත් රටක වුණත් රටේ අවශ්‍යතාව, ජනතා අවශ්‍යතා හඳුනාගත නොහැකි වීම මේ රටේ ඛේදවාචකයක් ලෙස දකින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා උත්තරයක් නැති රටකට විසඳුමක් නැති රටකට බංකොලොත් අපේ රටට අනිවාර්යෙන්ම විසඳුම සහ උත්තරය බවට පත් වීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ  සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 87 වැනි අදියර යටතේ අනුරාධපුර රාජාංගනය යාය 5 මහා විදුහලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සමගි ජන බලවේගය කිසිදු දවසක කිසිදු ආකාරයක ආර්ථික ත්‍රස්තවාදින් සමඟ දේශපාලන ගිවිසුම් ඇති කර නොගන්නා බවත් සමගි ජන බලවේගයට ඇත්තේ පොදු ජනතාව සමඟ ගිවිසුමක් පමණක් බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *