ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ  අරුම පුදුම ඇබෑර්තු නිවේදනය.

තොග ගබඩා පර්යන්ත සමාගමේ  පිරිස් බල සැකැස්මක් මේ වනතුරුත් එම ආයතනයේ වගකිව යුතු රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හෝ අනුමැතියයෙන් තොරව වැරදි සහගත ආකාරයට බඳවා ගැනීම් සිදු කරන බව එම සමාගමේ වෘත්තීය සමිති කිහිපයක ල්‍රධානින් අප වෙත පවසා සිටිාය්ය.

 මානව සම්පත් කළමනාකරණ කාර්යාංශයේ  නිලධාරීන් සභාපතිවරයා දෙන නියෝග හෝ  ක්‍රියාත්මක කිරීමට වග බලා නොගෙන වගකීමක් නොදරමින් කටයුතු කරන බව  කරුණු සහිතව ඉදිරිපත් කළ හැකි ය..දැනට වසර තුනක පමණ පෙර සිට පුරප්පාඩුව පවතින නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මානව සම්පත් හා පාලන තනතුර සඳහා වැඩ බලන නිලධාරියකු පත්තර සිටියද ඔහුට මාසික දිවනා වශයෙන් රුපියල් හැත්තැදහසකට වඩා වැඩි මුදලක දීමනාවක් ලෙස ලබාදෙද්දී  අදාළ නිලධාරියාට එම උසස්වීම ලබා ගැනීම සඳහා අභ්‍යන්තරිකව ඇබෑර්තු නිවේදනය කර  සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් තොරව  මෙම A/1 ප්‍රධානතම ශ්‍රේණියේ තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබෙි.ඒ සඳහා නිවැරදි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් හෝ පත් කරගෙන නොතිබීම හේතුවෙන් සභාපතිවරයා විසින් අදාල අභ්‍යන්තරික නිවේදනය බාහිරින් බඳවා ගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් පළ කර  අයදුම්පත් කැඳවා සුදුසුකම් ලත් අයදුම්කරුවන් තෝරා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පවත්වීමට කටයුතු කරන මෙන් මානව සම්පත් කළමනාකරණ කාර්යාංශය වෙත නියෝග කර ඇත.

එනමුත් වර්තමාන  කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ රැකවරණය ලබන මානව සම්පත් කළමනාකාරවරයා සහ දැනට සේවය හැර ගිය සේවකයෙකුට වැටුප් දෙකක් ලබා දී ඇති  සහකාර මානව සම්පත් කළමනාකාරවරිය  මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි සියලුම අයදුම්කරුවන් නොමඟ යවන සුළු පුවත්පත් දැන්වීමක් පළ කර ඇත (පහතින් අමුණා ඇත)

 ඉංග්‍රීසි පුවත්පතක පල කර ඇති මෙම දැන්වීම මගින් අදාල අයදුම්කරුවන්ට අයදුම් කිරීමට අවශ්‍ය මූලික සුදුසුකම් ,සේවා සුදුසුකම්,අදාළ කාර්ය කේෂත්‍රයේ හෝ,ප්‍රසිද්ධ නොකොට මෙම පුවත්පත් දැන්වීම පළ කර තිබීම සභාපතිවරයාගේ අනුදැනුම මත හෝ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත හෝ  සිදුවී ඇත්ද යන්න බරපතල කරුණක් බව වාර්ථාවෙි.

එම දැන්වීම් මගින් නිවේදනය කර ඇත්තේ තොග ගබඩා පර්යන්ත සමාගමේ  වෙබ් අඩවිය මගින් අදාල ඇබෑර්තු නිවේදනයට විස්තර වෙබ් අඩවියට ප්‍රවිෂ්ට වී ලබා ගත යුතු බවයි..එනමුදු එම වෙබ් අඩවිය තුළට ප්‍රවිෂ්ට වීමට හෝ   අවකාශයක් නොහැකි වන පරිදි මෙම දැන්වීම පළ කර තිබීම  අයදුම්කරුවන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් මෙම මානව සම්පත් කළමනාකරණ කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව පුවත්පත් දැන්වීමේ සඳහන් දුරකථනයෙන් විමසූ විට අපටද පවසා සිටියේ වෙබ් අඩවියේ ඇති තොරතුරු පරිශීලනය කරන ලෙසයි..මෙතරම් පිළිගත් රටේ වැදගත් ආයතනයක් පුවත්පත් දැන්වීමකින් හෝ මෙම තොරතුරු ප්‍රසිද්ධ කිරීමට වග බලා නොගෙන කටයුතු කිරීම බරපතල කරුණක් බව පෙන්වා දිය යුතුයි.ඒ කෙසේ වෙතත් මේ පිළිබඳව කරුණු සොයා යාමේදී අපිට වාර්තා වූයේ ඉකුත් සිකුරාදා දින වැටුප් දෙකක් සේවය හැර ගිය සේවකයෙකු ගේ ගිණුමකට බැර කළ සහකාර මානව සම්පත් කළමනාකාරවරියට හොර රහසේම නියෝජ්‍ය මානව සම්පත් කළමනාකාර තනතුර ලබා ගැනීම සඳහා වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඇති බවයි.

එපමණක් නොව එවැනි බරපතළ වරදක් සිදු කර ඇති නිලධාරියාට  මෙම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනතුරේ වැඩ බලන නිලධාරියා විසින් එම තනතුරට අදාළව වැඩ බැලීමේ දීමනාවක් ලබා ගැනීමට ද අනුමැතියක් ලබාදී ඇති බවයි.එය ඉකුත් අධ්‍යක්ෂක මණ්ඩලයකින් අනුමත කර ඇති ගෙන ඇති බවද අපට විශ්වාසනීයව වාර්තා කර සිටියේය.මෙම තොග ගාබඩා පර්යන්ත සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ මුදල් අමාත්‍යාංශයේ නියෝජනය කරන අධ්‍යක්ෂකවරයා ආයතනයේ විගණන  කමිටුවේ සභාපතිවරයා වන්නේද ඔහුය.එසේ විගණන කමිටු සභාපතිවරයා හෝ මෙවැනි බරපතල කරුණු විගණනයට ලක් නොකර එම නිලධාරීන්ට වැඩ බැලීමේ දීමනා ලබාදෙන්නේ කාගේ වුවමනාවටද යන්න සේවකයෝ ප්‍රශ්න කර සිටිති.

 කෙසේ වෙතත් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි මානව සම්පත් හා පාලන සේවා තනතුරට අයදුම් කළ හැක්කේ පෙබරවාරි මස 11 වන දින දක්වා පමණක් වුවත්  එයට අයදුම් කිරීමට මේ රටේ උගත් වියතුන්ට අවස්ථාවක් නොදෙන අයුරින් තොග ගබඩා පරියන්ත සමාගමේ මානව සම්පත් කළමනාකාරවරයා සහ  දත්ත සැකසුම් කාර්යාංශයේ ඉහළ නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබඳව කඩිනමින් අවධානය යොමුකර සභාපතිවරයාගේ නියෝග නොතකන මෙම නිලධාරීන් සම්බන්ධයෙන් විනය නීතිය ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීමට අවධානය යොමු කරන ලෙස සේවකයින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වරයාගෙන් සහ සභාපති ආචාර්ය සාලිය වික්‍රමසූරිය මහතාගෙන්ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *