පවුලක් කේන්ද්‍ර කරගත් ගජමිතුරු ආර්ථික ත්‍රස්තවාදයෙන් රට විනාශ වුණා – විපක්ෂනායක සජිත්

මේ රට විනාශ වූයේ ආර්ථික ත්‍රස්තවාදය නිසා බවත් එක පවුලක් කේන්ද්‍ර කර ගත් ගජමිතුරු දේශපාලනය එම ආර්ථික ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ බවත් ඒ තුළින් ජනතාවගේ සම්පත්, දේපල රටට අහිමි වූ බවත් ඒ මංකොල්ලයට හමු වූ සියලු දෙනා විනිවිදභාවයකින් අපක්ෂපාතිව නීතිය හමුවට ගෙනවිත් නැවත එම සම්පත් රටේ අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් යොදවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාති ආගම් කුල මල පන්ති පක්ෂ තරාතිරම් භේදයකින් තොරව අත්වැල් බැද ගෙන අපේම සමෘද්ධිමත් සෞභාග්‍ය සම්පත් දේශයක් ගොඩ නැගිය හැකි බවත් එය ජන සමාජයේ සියලු ස්ථරයන්ට බෙදී යන ආකාරයේ නව සෞභාග්‍යමත් දේශයක් ගොඩ නගන්න අත්වැල් බැද ගන්නා ලෙසත් ඒ සඳහා සමගි ජන බලවේගය සූදානම් බවත් රට ඒ සඳහා සූදානම් ද කියා ප්‍රශ්නකර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 82 වැනි අදියර යටතේ අක්මීමන ඉහළගොඩ ශ්‍රී සුමංගල ආදර්ශ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

වැඩිම ණය බරතාවක් ඇති රටක් ලෙස ජපානය හැදින්විය හැකි බවත් ඔවුන් එම ණය ගෙන ප්‍රතිලාභ ලැබිය හැකි ආයෝජන කළ බවත් ඔවුන් කිසිදා ණය ලබා ගෙන නැව් එන්නැති වරායවල් ගුවන්යානා එන්නැති ගුවන්තොටුපොළවල් සම්මන්ත්‍රණ නොමැති සම්මන්ත්‍රණ ශාලා ක්‍රිකට් නොගහන ක්‍රිකට් ක්‍රීඩාංගන නෙළුම් කුළුණු නොසෑදූ බවත් ඔවුන් ණය ගෙන අපනයන කේන්ද්‍රීය කර්මාන්තශාලා බිහි කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *