රනිල්ගේ උරුමය ඔප්පු දෙන පැයදෙකේ උත්සවයේ සැරසිළිවලට කෝට් ගණනක් වැයකරයි

” උරුමය” ඔප්පු බෙදන්න දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයට ලබන 05 දා පැමිණෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිගැනීමට හා එහි සමාරම්භක උත්සවය සඳහා රුපියල් මිලියන ගණනාවක මහජන බදු මුදල් වැය කරමින් සිටියි.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සියලු උත්සව කටයුතු සංවිධානය කරනු ලබන අතර සීගිරිය සිංහපාදයේ දෑවැන්ත ආකෘතියක් සහිත වේදිකාවක් මේ වනවිට ඉදිකරමින් පවතින අතර එම වේදිකාව ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය යකඩ හා ඇළුමීනියම් ආදි බට ඇතුළු ආම්පන්න සියල්ලම අළුතින්ම මිලදී ගෙන ඇත.


එසේම ඔප්පුලාභින්ට හා ආරාධිතයින්ට ආසන පැනවීමට මෙන්ම පළල අඩි 300 ක් පමණ හා දිගින් මීටර් 500 කට වඩා වැඩි දෑවැන්ත වැසි ආවරණ ඉදිකරමින් පවතියි.
ක්‍රිකට් ක්‍රීඩාංගණයට යාබදව පිහිටි කුඩා පිටියකට ජනාධිපතිවරයා පැමිණෙන හෙලිකොප්ටරය ගොඩ බස්සවා එතැන් සිට ප්‍රධාන වේදිකාවට පැමිණීමට අළුතින්ම ප්‍රවේශ මාර්ගයක් ඉදිකර ඇත.එම මාර්ගය මීටර් 500 කට දුරැතිය.අඩියක් පමණ උසට මාර්ගයේ බොරළු දමා උසට සාදා ABC දමා යන්ත්‍රානුසාරයෙන් තලා ඇති අතර කාපට් ඇතිරීමටද නියමිතය.
මෙම වේදිකාව හා රැස්වීම් භුමිය සඳහා යොදා ගෙන ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ රථවාහන ගාල වන අතර අක්කර 2ක පමණ වන එම භුමිය මේ වනවිට චිප්ස් ගල් යොදා යන්ත්‍රානුසාරයෙන් සකස්කරලීම සිදු කරයි.
පස්වරු 4.00ට පටන්ගන්නා උත්සවය අවසානයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ලක්ෂ 3000 ක වියදමකින් සවිකරන නවතම විදුලි ආලෝක පද්ධතිය විවෘත කිරිමටද නියමිතය.
මෙම සියලු කටයුතු අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාර්මික නිලධාරීන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය හා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ යොදවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *