අරගලයෙන්  ජනකගේ නිවසට හානිවිම අදායම් මාර්ගයක් වෙලා

හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ” සම්මාදම්පාය ” ලෙස ජනතාව ව්සින් හඳුන්වා දෙන ලද දඹුල්ල,තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ පිහිටි නිවෙස අරගලය වකවානුවේ ප්‍රදේශයේ ජනතාව විසින් ගිනි තැබිමෙන් පසු රජයෙන් වන්දිමුදල් ලැබෙන බව දැන දැනම ඵ්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගෙන් කෝටි ගණනක් එකතු කර සුලු අලුත්වැඩියාවක් කර පසුව ඉන ඉතිරිවු හා රජයෙන් ලැබුනු කෝටි ගණන මුදල සිය සාක්කුවට දමා ගෙන ඇත්තේ අරගලය ආදායම් මාර්ගයක් කර ගෙන බව වාර්තාවෙි.

නිවෙස ගිනි තැබීමෙන් පසු සිදුවු අලාභහානියට ජනතාවගේ බදු මුදලින් රුපියල් කෝටි 35ක මුදලක් ඇස්තමේන්තු කළේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නොවෙි.ඒ තම සිතැඟියාවන් පරිදි ප්‍රාදේශීය කාර්යාල නිලධාරීන් ඇස්තමේන්තු නොකල නිසාවෙන් ඔවුන්ට අනියම් බලපෑමි කරමින් ඇස්තමේන්තුව සකස්කර ගැනීමට නොහැකිවූ විට බාහිර කංඩායමක් ගෙන්වා ඇස්තමේන්තු ගත කළේ ඉතා වටිනා දැවයෙන් නිමවූ   ගෘහභාණ්ඩ රැසක් විනාශ වූ දක්වමින් බව ප්‍රසිද්ධ රහසකි.

පසුව  රජයේ මුදල් නොලැබුණ බව පවසමින් දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ මෙන්ම නගරයේ තොග හා සිල්ලර වෙළඳසැල්වලින් එකතු කරනිවස අලුත්වැඩියා කළේය.

ආර්ථික මධ්‍යස්ථානයේ මුස්ලිම් ව්‍යාපාරයකයන්ගෙන් ඊට අදාළ මුදල්  කියාස් නමින් හඳුන්වන ව්‍යාපාරයකයා විසින් එකතු කළේය.අල,ලූණු,කරවල තොග ව්‍යාපාරිකයන්ගෙන් අවම වශයෙන් රුපියල් ලක්ෂ 15-50 අතර මුදලක් එක් අයෙකුගෙන් එකතු කර ඇතිබවයි සෙසු ව්‍යාපාරිකයන් සඳහන් කළේ.

සිංහල ව්‍යාපාරිකයන්ගෙන් මුදල් එකතු කලේ ජනකගේ  නිවසේ සේවයකරන  මහේෂ් නම් පුද්ගලයාය.

ඇතැම් ව්‍යාපාරිකයින් ලක්ෂ 5-7 ආදි වශයෙන් ලබාදුන් මුදල් ප්‍රතික්ෂේප කිරිමටද ජනක ක්‍රියාකර ඇති අතර ඔවුන්ට තර්ජනය කිරිම්ද සිදුකර ඇත.බියට පත් පසුව ලක්ෂ 10,12.15.වශයෙන් ලබාදුන් බවට ව්‍යාපාරයකයන්ගෙන්  අසන්නට ලැබෙන්නේ “නිවන් සුව පතමින්”.දඹුල්ල  නගරයේ මුදල් ලබාගත හැකි සියලු ව්‍යාපාරික⁣යන්ගෙන් මෙන්ම සංචාරක හොටල්වලින්ද මුදල් ලබාගෙන ඇතත් මෙතෙක් එම මුදල්වලින් හදපු ගෙයක් නැත.

ජනකට රජයේ අලාභහානි තක්සේරු කළත් එම මුදල් නොලැබුණ බව පවසා මෙසේ මුදල් එක් රැස්කර ඇති අතර ඔහුගේ කාර්යාලය ආරක්ෂක අංශ සාමාජිකයින් මගින් අළුත්වැඩියා කරගෙන සිටින අතර රාත්‍රිය ගතකිරිමට ගිමන්හල ඇතුළු සංචාරක හොටල්වල  කාමර නොමිලයේ ලැබෙන බව පවසයි .දඹුල්ලේ ගතකරන දිනයන්හි දිවා ආහාරය මහේෂ් විසින් පිලියෙල කරන අතර රාත්‍රි ආහාරවේල ආරක්ෂකයින් හරහා නගරයේ හෝටල්වලින් මිලදී ගනියි.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ද මෙම දින චර්යාවන්ට අනුගත අතර ඔහු කොළඔ,පැපිලියාන ප්‍රදේශයේ පර්චස් 34 ක ඉඩමක් මිලදී ගෙන පර්චස් 30 ක් ආවරණය වනසේ දෑවැන්ත සුඛෝපභෝගී නිවෙසක් ඉදිකර තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *