හම්බන්තොට වරාය ඉදිකිරිමේදී ගලවා ඉවත් කළ

 කළුගල් තොගය මාලදිවයිනට අපනයනය කිරිමේ ටෙන්ඩරය  ව්‍යාපාරිකයෙකු   ලොකුවිතාන හට

හම්බන්තොට වරාය ඉදිකිරිමේදී ගලවා ඉවත් කළ කළුගල් තොගය මාලදිවයිනට අපනයනය කිරිමට  භූවිද්‍යෘ හා පතල්  කැණිමි කාර්යාජශය සැලසුම් කර ඇති අතර එම ටෙන්ඩරය ප්‍රධාන ව්‍යාපාරිකයෙකු වන නන්දන ලොකුවිතාන හට ලබා දිමට සැලසුම් කර ඇති බව වාර්තාවෙි.

හම්බන්තොට මාගම්පුර වරාය ඉදිකිරීමේදී ඉවත් කරන ලද කළුගල් තොගයක් දැනට එම වරාය භූමියේ පරිපාලන ගොඩනැගිල්ල අසල හා හම්බන්තොට නව රෝහල් පරිශ්‍රයේ ගොඩ ගසා ඇත.

ඒ අනුව, පරිසර ඇමතිවරයා විසින් ඉදිරිපත්කරන ලද යෝජනාවක් සැළකිල්ලට ගනිමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ එකී කළුගල් තොග කඩිනමින් අපනයනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අනුමැතිය ලබා දීමටත්, කළුගල් මෙට්‍රික්ටොන් මිලියනයක් දක්වා අපනයනය කිරීමේ හැකියාව සහ යෝග්‍යතාව පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත්කිරීමටත්රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *