සියවස් සැමරුමට බව පවසා

ලක්ෂ 80ත් එකතුකළ මහනුවර විදුහල්පතිවරයෙක් සුපිරි ගෙයක් හදා කැමරත් හයිකරලා

මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන ළමුන් හාරදහසක්  පමණ ඉගෙනුම ලබන දෙනුවර කලාපයේ පිහිටි ප්‍රධාන පෙලේ මහා විදුහලක සියවස් සැමරුම්  උත්සවයක් පවත්යන බව පවසා විදුහලේ දරුවන්ගෙන් අතිවිශාල මුදලක් එකතු කර  ලක්ෂ  80 කට අධික මුදල්ක්  විවිධ වැඩ සටහන් සඳහා වැයකල බවට ව්‍යාජ ගිණුම් වාර්තා සකසා විදුහලේ  මව්විපිය හා පාසැල් සංවර්ධන සමිතිය  ,ආදී සිසු සංගමය නොමග යවමින්   විශාල මුදලක් යටි මඩි ගැසු දුෂිත විදුහල්පතිට විරුද්ධව මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රධානියෙකු පවසයි.

මෙහිදී විශාල වංචාවක් සිදුව ඇති බවත් ඒ සමිබන්ධව විදුහල්පතිවරයාට එරෙහිව  පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ එම නිලධාරියා වැඩිදුරටත්  පැවසිය.

මෙම විදුහල්පතිවරයාට පාපැදියක් පවා නොතිබුණු බවත් ඔහු උඩදුම්බර ප්‍රදේශයේ අකෙු බවත් මේ වනවිට ඔහු සුවිසල් නිවසක් තනා නිවස වටා ආරක්ෂිත කැමරාද සවිකරගෙන සුපිරි ධනවතෙකු ලෙස දිවිගෙවන බවත් තතුදත් ආරංචිමාර්ග සඳහන් කරයි

මෙම විදුහල්පතිට එරෙහිව විගණන පරීක්ෂණ පවත්වන පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙි විගණන අංශයේ ප්‍රධාන නිලධාරියාද විදුහල්පතිගේ ගම වන උඩදුම්බර අයෙකු නිසා විගණන පරීක්ෂ්ණද සුක්ෂමව යට ගොස් ඇති බව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙක් කීය.

විදුහලේ සිදුව ඇති මාහ පරිමාණ මුල්‍ය වංචාව යට ගැසීමට විදුහල්පතිවරයා විදුහලේ දරුවන්ගේ දෙමවිපියන්ට බපෑම් කර විදුහලේ උත්සවයට මුදල්ලබාදුන්නේ ඔවුන්ගේ කමැත්ත ඇතිව බවට  ඔවුන් ලවා ලිපිද අත්සන් කරගෙන තිබෙි.අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් මගින් දදැණුවත් කර ඇත්තේ  කිසිදු උත්සව කටයුත්තකට ළමුන්ගෙන් මුදල් අයකිරීම සපුරා තහනම් බවටත් ,එලෙස මුදල් අයකිරිම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිඛිත අනුමැතිය යටතේ සිදුකල යුතු බවත්⁣ය..

එවැනි අනුමැතියක් නොමැතිව  මෙම විදුහල්පති වරයා ළමුන්ගෙන්  විශාල මුදලක් එකතු කර ඇති බව  පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ එම උසස් නිළදාරියා  සිදුකර ඇති පරීක්ෂණ වලදී අනාවරණය වී ⁣තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *