පල්ළේකැලේ  යුදහමුදා රෝහල විවෘත්ත කරන්න 

ජනාධිපතිවරණය එනතෙක් බලා ඉන්න වෙලා

මහනුවර පල්ලේකැලේ  ප්‍රදේශයේ ඉදිකර ඇති නවීන පහසුකම්වලින් සමන්විත යුදහමුදා රෝහල ඉදිකර දැනට මාස ගණනක් ගතව ඇතත් එය විවෘත නොකිරිමෙන් දැනට සේවයේ සිටින හා විශ්‍රාමික යුදහමුදා සමාජිකයින්  හා එම පවුල්වල සමාජිකටින්ට ප්‍රතිකාර ගැනිමට අනුරාධපුරය හෝ නාරාහේන්පිට පිහිටි යුදහමුදා රෝහල්වලට යෑමට සිදුව තිබෙි.

 හිටපු හමුදාපති දයා රත්නායක මහතාගේ කාලයේ එහි ඉදිකිරිම් සැලසුම් සකස් කර ඉදිකිරිම් ආරම්භ කර ඊට අවශ්‍ය භාහිර රෝගි අංශයේ සිට ,දන්ත එකකයක්,ශල්‍යාගාරයක් ඇතුලු නේවාසික පහසුකම්වලින් සමන්විතව ගොඩනැගිලි ඉදිකර ඇත.එවාට අවශ්‍ය උපකරණද මිලට ගෙන ඇති අතර රෝහල විවෘත නොකිරිමෙන් එම උපකරණවල වගකිමි සහත කාලයද අවසන් වෙමින් පවතින බව වාර්තවේ. මේවනවිටත් රෝහලේ සේවය  අවශ්‍ය කාර්ය්‍ය මංඩලයද ස්ථානගත කර ඇති අතර මැතිවරණයක් ඉලක්ක කර රෝහල විවෘතකිරිමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති නිසා එය විවෘත කිරිම ප්‍රමාද වන බව සදහන්වෙි.

කෙමස් වෙතත මිට සති කිහිපයකට පෙර යුදහමුදාපති විකුම් ලියනගේ එම රෝහල ඉදිරිපිට ඇති  අපනශාලාවක් පමණක් විවෘතර ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *