ජනමතවිචාරණයක් පැවැත්වේද? නැද්ද?

ජනමතවිචාරණයක් යනු රටකට පොදුවේ බලපාන නීතියක් ක්‍රමවේදයක් සදහා රටේ ජනතාවගේ ඍජු මතය චන්දයක් මගින් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දීමයි. එය ලෝකයේ ඕනෑම රටක සිදුවන කරුණකි. රටක් හෝ ජන කණ්ඩායමක් රටකින් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් බවට පරිවර්තනය වීම සදහාද ජනමතවිචාරණයක් පවත්වනු ලබන්නේය.

උදාහරණයක් ලෙස කැනඩාවේ ප්‍රංශ සම්භවයකින් යුත් කියුබෙක් ප්‍රාන්තය කැනඩාවේ රජයෙන් වෙන්ව රාජ්‍යයක් වියයුතු බවට කියුබෙක් ප්‍රාන්ත පාර්ලිමේන්තුව 2/3 ක බහුතරය සහිතව යෝජනාවක් 1995 දී සම්මත විය. එය බහුතරයක් වූ ප්‍රංශ සම්භවයක් ඇති කියුබෙක් ප්‍රාන්ත වාසීන් වෙත කැමැත්ත විමසීමට ඉදිරිපත් කරන ලදි. එහිදී කියුබෙක් වැසියන්ගෙන් බහුතරයක් එනම් 50.58% කින් යෝජනාව පරාජයට පත්විය. අදත් කියුබෙක් යනු කැනඩාව යටතේ ඇති ප්‍රාන්තය කි.

ජනමතවිචාරණය ක් කියූ පමනින් ලංකාවේ වැඩිහිටියන්ට සිහියට එන්නේ 1982 දී පවත්වන ලද කළගෙඩි ලාම්පු සෙල්ලමය. එය බොහෝ හදවත් අදටත් කම්පනයට භාජනය වන කරුණකි. එයට හේතුව එම ජනමතවිචාරණය ලංකාවේ එතෙක් මෙතෙක් පැවති දූෂිතම මැතිවරණය ලෙසට එවකට මැතිවරන කොමසාරිස් වරයා වූ චන්දානන්ද සිල්වා විසින් ලිඛිතව වාර්ථා කරන ලදි. එහි දරුණුතම ප්‍රතිපලය වූයේ 87/89 කාළයේ රටම ඇවිඳින සොහොන්බිමක් බවට පරිවර්තනය වීමේ දිගුවක් ලෙස එම ජනමතවිචාරණයේ ප්‍රතිපලය. බලපෑමක් වීමයි.

දැන් නැවත ජනමතවිචාරණයක් පැවැත්විමට   යන කතාව මතය  රජය විසින්ම ජනතා මනසට ඇතුළු කරමින් සිටී. වත්මන් දේශපාලන සන්දර්භය තුල ජනමතවිචාරණයක් පැවැත්වීම කල හැක්කේ කුමක් අරභයාද?

පවතින ව්‍යවස්ථාවේ මූලික හරයට සහ ඍජු ලෙසම බලපෑම් ඇති කරන සංසෝධනයක් සදහා හෝ මැතිවරණයක් නොපැවැත්වීම සදහාය.එය

1 විධායක ජනාධිපති ධූරය අහෝසි කොට විධායක බලය පාර්මේන්තුවට පැවරීම.

2 2025 දී පැත්වීමට නියමිත මහමැතිවරණය නොපවත්වා පාර්ලිමේන්තුවේ කාළය දීර්ඝ කිරීමය.

එසේ කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන කවරේද?

ජනමතවිචාරණයක් පැවැත්වීම පිළිබදව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 වන ව්‍යවස්ථාවේ පැහැදිලි ලෙසම සටහන් කොට ඇත. එනම් ජනමතවිචාරණයක් සදහා වූ යෝජනාව උක්තකාරණය සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසුව නොපැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ද ඇතුළුව 2/3 කින් එය සම්මත විය යුතුය. එනම් ඉදිරිපත් වන යෝජනාව ට පක්ෂව මන්ත්‍රී චන්ද 150 ක් ලබා ගත යුතුය.  එයද මේවන විට පහසු කාර්ය්‍යක් නොවෙි.ජනාධිපතිවරයාට සහය පළ කරන පොහෝට්ටුවේ එ කළ තිබු තුනෙන් දෙකක මන්ත්‍රි බල ඇනිය මේවන විට කැළි හතර පහකට කැඩි ඇති නිසාවෙනි.

ඊට පසු අදාල යෝජනාව ජනතා කැමැත්ත විමසීම සදහා ජනමතවිචාරණයකට ඉදිපත් කල යුතුය. ජනාධිපති වරයාට විධායක බලය ඇතත් ඔහුගේ තනි මතයට ජනමතවිචාරණයක් කැදවිය නොහැකිය. ඒබව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 වෙනි ව්‍යවස්ථාවේ පැහැදිලිවම සටහන් කර ඇත. එනම් “ජනාධිපති වරයාගේ මතය අනුව ජාතික වැදගත්කමකින් යුක්ත යැයි ඔහු සලකන්නාවූ යම් කාරණයක් 85 වන ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව ජනාධිපති වරයා විසින් ජනමතවිචාරණයක් මගින් ජනතාව වෙත ජනතාව වෙත ඉදිරිපත් කල හැක්කේය.

යනුවෙනි.

නැවත වත්මන් දේශපාලන වාතාවරණය දෙස බලමු.

1 ජනාධිපතිවරයාගේ විධායක බලය අහෝසි කිරීමට ජනමතවිචාරනකට යෑම එවැනි යෝජනාවක් ඉදිරිපත් වුව හොත් එය අනිවාර්යෙන්ම 75% ක ප්‍රතිශතයකින් සම්මත වනු ඇත. ඒත් ඒ යෝජනාව තුලට විධායක ජනාධිපති ධූරය අහෝසි වූ මොහොතේ සිට ඒ මොහොතේ සිටින ජනාධිපති වරයා විධායක අගමැති බවට පරිවර්තනය වන බවට තවත් යෝජනාවක් මුල් යෝජනාව ට සමග ඉදිරිපත් වුවහොත් ලැබෙන ප්‍රතිපලය හාත්පසින් වෙනස් වනු ඇත. එවිට එම සම්පූර්ණ යෝජනාව 75% ක් පරදිනු ඇත.

2 වත්මන් පාර්ලිමේන්තුවේ කාළය දිගු කිරීම සදහා ජනමතවිචාරණයක් කැදවිය යුතු බවට යෝජනාවක් පාර්මේන්තුවේ දී 2/3 කින් සම්මත වනු ඇත. එයට හේතු සාධකය වන්නේ ඊලග පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වූ කල දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු බහුතරක් පරාද වීමය. ඒත් එවැනි යෝජනාවකට ජනතාව ලබාදෙන ප්‍රතිපලය කුමක් වේද? අනිවාර්‍යෙන්ම එවැනි යෝජනාවක් 60% කට වැඩි බහුතර චන්දයකින් පරාද වනු ඇත. එයට විශේෂ හේතුවක් ලෙස දැක්විය හැක්කේ තමන්ට හිමි චන්ද බලය පැහැර ගැනීම ගැන ජනතාව තුල ඇතිවන වෛරයයි.  ඉතිහාසයේ අනීතික ලෙස චන්ද කල් දැමීම් දෙකක් සිදුව ඇත. ( 2022 මාර්තු 9 වෙනිදින පැවැත්වීමට නියමිතව තිබූ පලාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමී හැර)

1 1975 දී පැවැත්වීමට නියමිත මහමැතිවරණය ව්‍යවස්ථාවට මුවාවී 1977 දී පැවැත්වීම. එහි ප්‍රතිපලය වූයේ මැතිවරයෙන් ආණ්ඩු පක්ෂය අන්ත පරාජයකට පත්වූවා සේම ඔවුනට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරද අහිමි වීමය.

2 නීතියාණුකුලව 2015 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ පලාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි පැවැත්වීමයි. එහි ප්‍රතිපලය 1977 ට වඩා දරුණු විය. පලාත් පාලන ආයතන 95% ක් පවතින ආන්ඩුව මෙහෙයවන පක්ෂය පරාද වී එහි දිගුවක් ලෙස අඩුම තරමින් පලාත් පාලන ආයතනයක සභිකයෙක්වත්ව නොසිටි පුද්ගලයකු  රටේ ජනාධිපති ලෙසට පත්වීමය.

චන්දය යනු ජනතාවට බලපෑමකින් තොරව අයිතිය කී හැකි පරමාධිපත්තියකි. එයට බාධා කරන කිසිවෙකුට ජනතාව ඉතිහාසයේදී සමාව දී නැත. එය හෙටටද වලංගුය.

රටේ වත්මන් දේශපාලන සන්දර්භය තුල ජනාතාට අවශ්‍ය චන්දයක් පමණි. ඒ වෙන කිසිවක් සදහා නොව පාලකයා පැරද වීමටය. ඒ නිසා ජනමතවිචාරණයක් මේ මොහොතේ පවත්වනවා යනු අනිවාර්‍ය්‍ යෙන්ම මියයාමට සිටින යන්ත්‍රාණුසාරයෙන් හුස්ම ගනිමින් සිටින රෝගියා ගේ වෙන්ටිලේටරය ඉවත්කර අදාල මරණය ඉක්මන් කිරීමට සමාන වන්නේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *