ලිංගික හිරහැර ඉවසන්න  බැරි තැන කළින්ම විශ්‍රාම යයි

මධ්‍යම පලාත් රාජ්‍ය ලොක්කෝ රූමත් සේවිකාවන් ලිංගික ග්‍රහනයට ගනී

මධ්‍යම පලාත් රාජ්‍ය සේවයේ ඇතැමි ඉහළම විධායක ශ්‍රේණියේ  බලගතු රාජ්‍ය නිලධාරින් කීප  දෙනෙකු පලාත් රාජ්‍ය සේවයේ ඉතා  රූමත් රාජ්‍ය නිලධාරිනියන් හටදැඩි ලෙස පීඩනයට ලක් කරමින් ඔවුනට ලිංගික බලපෑම් එල්ල කරමින් තමන්ගේ කාමුක පහත් ආශාවන්  ඉටු කර ගැනිමට උත්සහ කිරිම නිසා එම නිළධාරිණියන් හටසිය රැකියාව එපා විමෙි තත්වයට පත්ව ඇති බව වාර්ථාවෙි.

 මෙම තත්වය නිසා  එම රජ්‍ය සේවයේ රූමත් නිලධාරිනි⁣යන්ට  අයුතු යෝජනා එල්ල කිරීම නිසා  විශ්‍රම යාමට වසර 10 – 15     කාලය තිබියදී සේවයෙන්  ඉල්ලා අස්ව යන බව මධ්‍යම පලාත් සභා රාජ්‍ය සේවයේ නිලධාරින් සහ නිලධාරිනියන් පවසති.

පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ පලාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ඇතැම් ඉහළමවිධායක ශ්‍රේණියේ නිලධාරින්ගෙන්  එල්ලවන මෙම ලිංගික බලපෑම් හමුවේ සිය පවුල් දිවිය රැක ගැනීම සඳහා පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජේෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක්  විශ්‍රාම යාමට වසර 15 කට වැඩි  කාලයක් තිබියදී පලාත්සභා රාජ්‍ය සේවයේ ඉහළම විධායක තනතුරු  දරණ කාමුක යන්ගෙන් මිදී සේවයෙන් ඉවත්ව ගොස් තිබෙි.

මෙම උසස් නිලධාරින් ඇතැමෙක් සිය ඉහළම නිල බලය භාවිතා කරමින් තමන්ට පහළ තනතුරු හොබවන රූමත් නිලධාරිනියන්ට රාජකාරී මට්ටමෙන් විවිධ පීඩාවන් ඇතිකොට  ඔවුනට සහන සලසන මුවාවෙන් තමනිගේ අතෘප්තිකර කාමුක අවශ්‍යතාවයන්   ඉටුකර ගන්නට උත්සාහ දරණ බව පලාත් රාජ්‍ය සේවයේ රූමත් විවාහක නිලධාරිනියන් කීප සෙනෙක්ම පැවසුහ.

විශේෂයෙන්  මෙවැනි ලිංගික බලපෑම්වලට  ලක්වන්නේ රූමත් පලාත් රාජ්‍ය සේවයේ ඇතැමි නිලධාරිනියන්ය.

සවස  6 –   7  වනතුරු කාර්යාලයේ රඳවා තබාගැනීම්,වෙනත් අංශවලට හිතුමතේ මාරූ කිරීම්   සිදුකරමින්   සහ වෙනත් වාචික පීඩාවන් එල්ල කරමින් ඉහළ රාජ්‍ය නිලධාරින් මෙම රූමත් රාජ්‍ය නිලධාරිනියන් අකමැත්තෙන් තම කාමුක ග්‍රහණයට ගන්නා බව පලාත් රජ්‍ය සේවයේ බොහෝ දෙනෙකු පැවසුහ.

මෙවැනි සිද්ධීන් පලාත් ආණ්ඩුකාර වරයා වෙත වාර්තා නොවීමට පලාත් රාජ්‍ය සේවයේ ඇතැම් ඉහළ විධායක  ශ්‍රේණියේ

 රාජ්‍ය නිලධාරින් ඉතා සුක්ෂමව  කටයුතු කරන බව මධ්‍යම පලාත් සභාවේ රාජ්‍ය සේවාවෙි  නිලධාරින් හා නිලධාරිනියන් මෙන්ම  අනෙකුත් ශ්‍රේණිවල කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් පැවසුහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *