ඔප්පු ප්‍රදානය කිරිමෙි උත්සවය දඹුල්ල  ක්‍රිකට් ක්‍රීඩාංගණයේන් එළියට

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ” උරුමය”ඔප්පු ප්‍රදානය කිරිමෙි උත්සවය දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන 05දා පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කර සුදානම් කර  තිබියදී ඒ පිලිබඳව voice of srilanka මගින් ක්‍රිකට් ක්‍රීඩාංගණයට සිදුවිය හැකි හානිය පෙන්වාදීමෙන් පසු අදාළ උත්සවය ක්‍රිකට් ක්‍රීඩාංගණයට යාබදව පිහිටි ඉඩමක් තුළ පැවැත්වීමට බලධාරින් තීරණය කර ඇති අතර අදාළ භුමිය ඩෝසර් කර යන්ත්‍රානුසාරයෙන් තලා කාපට් කිරිමෙි මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

ක්‍රිකට් ක්‍රීඩාංගණයේ රථ ගාල 10,000 පමණ වන ජනතාව රැගෙන පැමිණෙන  වාහන 200ක් ගාල් කිරිමෙි කටයුතු සුදානම් කර ඇත.

අදාළ උත්සවයට පැමිණෙන ජනතාවට තුන්වෙිල ආහාර හා තේ පැන් සංග්‍රහයන් සඳහා එක් වේලකට සැපයුම 13,000 කට ඇනවුම් පුද්ගලික අංශයේ හෝටල්වලට ලබාදි ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *