පහත් තැනින් ගලා යයි සංස්ථාවෙි තෙල්

ලංකා  බනිජ තෙල් තොග ගබඩා පරියන්ත සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් බව නොරහසකි. මේ වන විට මෙම ආයතනයේ ප්‍රබල ක්‍රියාකාරී වෘත්තීය සමීතියක් විසින් ආයතනයේ ක්‍රියාකාරී පිළිවෙත සම්බන්ධයෙන් දැඩි නෛතික තත්වයන් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකින් සොයා බලමින් කටයුතු කරන බව අප වෙත වාර්තා කර ඇත. මෙම සමාගම රජය සතු ව්‍යාපාර කරන සමාගමක් ද එසේත් නොමැති නම් පෞද්ගලික අභිමතය පරිදි ක්‍රියාත්මක සමාගමක් ද යන්න පිළිබඳව සහ මෙහි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලබා ගන්නා වූ තීරණ නීත්‍යානුකූලව ක්‍රියාවට නැංවීමට ස්වාධීනව කටයුතු කිරීමට ලංකා  ඛනිජ තතෙල් නීතිගත  සංස්ථාවට වගකියන ආයතනයක් ද යන්න නිර්වචනය කර ගැනීම සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සමගද ලිපි හුවමාරු කර ගනිමින්  නිර්වචනයන් අපේක්ෂාවෙන් සිටින බවද එම ප්‍රකාශකයා අප වෙත දන්වා සිටියා.. එය කෙසේ වෙතත් අපේ මාතෘකාව වෙත ගමන් කිරීමේදී අපට ආයතනයේ අභ්‍යන්තරික ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණේ අප වෙබ් අඩවිය මගින් ද වාර්තා කළ පුවත් දෙකක් සම්බන්ධයෙන් ආයතනයේ පාලන අධිකාරිය විනය බලධරයා කටයුතු කරන ආකාරය පිළිබඳව සේවකයින් ඉතා වික්ෂිප්තව සහ කණගාටුවෙන් පසුවන බවයි.

ඔවුන් පවසා සිටියේ  වැඩ කරන සේවකයාට පමණක් ආයතනයේ විනයානුකූලව කටයුතු කරන අතර වර්තමාන ඉහළ කළමනාකාරීත්වය ඉහළ නිලධාරීන් කරන වැරදි වලට කල්මරමින් ඔවුන්ගේ වංචාවන් දූෂණයන් යටගසමින් නීතිය ක්‍රියාත්මක නොකරන බව සහ විනයානුකූලව කටයුතු නොකරන බවයි.

අප මේ පිළිබඳව අභ්‍යන්තරයේ සිටින සේවකයන් කිහිප දෙනෙකුගෙන් ද විමසීම් කළා.ඔවුන් පවසා සිටියේ ඉකුත් දිනක දුම්රිය බෝගි සඳහා ගුවන්තෙල්  පිරවුම් කිරීමේදී ගුවන් තෙල් උතුරා යාමක් සිදුවූ බවත් එමගින් ආයතනයට අලාභදායී තත්ත්වයක් ඇතිවූ බවත් පිළිගන්නා බවත් ඊට සම්බන්ධ වැඩමුරයේ කටයුතු කළ සහකාර වැඩ නායකවරයා සහ වැඩ මූලිකවරයා දැනට කඩිනමින් වැඩ තහනම් කර ඇති බවත් එම වැඩ තහනමට ලක්කිරීමද සිදුකර ඇත්තේ අදාළ වැඩ මූලිකවරයා වෙනත් ටැංකි රථයක් සඳහා ඉන්ධන පිරවුම් සිදුකරමින් සිටි  වැඩ මූලික වරයාට බවයි. මීට සෘජුව සම්බන්ධ වැඩමුරයේ තෙල් පිරවුම්කරුවන් දෙදෙනෙකුට මෙම වැඩ තහනම් කිරීම සෘජුවම සිදුවිය යුතු බවත් එය රජයට සම්බන්ධ එක්තරා වෘත්තීය  සමීතියක බලපෑම් මත ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ඉහළ කළමනාකාරීත්වය නිවැරදි සොයාබැලීමක් සිදු නොකර අදාළ සේවාවන් වලට සම්බන්ධතාවයක් නොමැති වැඩ මූලික වරයෙකුට වැඩ තහනමට ලක් කිරීම බලවත් කණගාටුවට කරුණක් වන බවයි.

අව්වැසි නොතකා විෂ සහිත තෙල් පිරවුම් කටයුතුවල සේවය නිරතව සිටින වැඩ කරන සේවකයන්ට පමණක් යුහුසුලූව නීතිය ක්‍රියාත්මක කරන ආයතනයේ ඉහල බලධරයන් වායු සමනය කර ඇති කාමරවල සිට ගන්නා වූ තීරණ ක්‍රියාත්මක කරන ඉහළ නිලධාරීන් කරන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන බවයි.එයට වර්තමාන සභාපති කළමනාකාර අධ්‍යක්ෂවරුන් මන්දගාමීව කටයුතු කරන බවත් ඔවුන් පවසා  සිටියා.  ඊට අදාළව උදාහරණ ලෙස පෙන්වා දුන්නේ තෙල් නැව් ගොඩබෑමේදී භාවිතයට ගන්නා එක වතාවක් හෝ මුහුදේ අදාළ සේවාවන් වලට යොදා නොගත් රුපියල් ලක්ෂ 160  ,170 ක් හැත්තෑවක් පමණ වටිනා නැව් කඹය ගොඩබිමදී කොටසක් කපා අලාභ කිරීම පිළිබඳව නීතිය විනය ක්‍රියාත්මක කිරීම මන්දගාමීව සිදුකරන බවයි. පාර්ලිමේන්තුවේ පවා මේ පිළිබඳව ප්‍රශ්න කළ අතර රස පරීක්ෂකවරයා කැඳවා වාර්තාවක්ද ලබාගෙන ඇති අතර එම සිදුවීම් සම්බන්ධයෙන් විනය නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරන්නේ කවදාද යන්නයි.එසේම අංක 18 ටැංකියේ   ඉන්දියානු තෙල් සමාගමට අයත් පෙට්‍රල් තොග ගොඩබෑමේදී ප්‍රමාණයට වඩා ධාරිතාවයක් අංක 18 ටැංකියට ගොඩබෑම් සිදු කිරීම සම්බන්ධයෙන් වන විමර්ශන කමිටු වාර්තාව යට ගසා ඇති බවය.වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙම කමිටුව පත් කළ අතර  මෙම කමිටු වාර්තාවට අදාළව විනය පියවර  අලාභ පියවා ගැනීමට කටයුතු නොකරන්නේ මන්ද යන්න බරපතල කරුණක් බවයි. එසේම පුවත්පත් වලින් පවා වාර්තා කළ සිට පරිගණක ඉංජිනේරු වරයකුගේ සේවය හැර යාමෙන් පසුව මාස දෙකක පමණ වැටුප සේවය හැර ගිය සේවක මහතාගේ ගිණුමට රුපියල් ලක්ෂ හතරක පමණ මුදලක්  දේවතාවක්ම බැරවීම සම්බන්ධයෙන්  කිසිදු විනය  ක්‍රියාමාර්ගයක් හෝ නොගෙන කටයුතු කිරීම බරපතළ ශෝචනීය කරුණක් බවයි.

  එසේම සේවය හැර ගිය සේවක මහතාට වැටුප් බැර කිරීමෙිි අලාභය හා ,හෝ පාඩුව ගුවන්තෙල් උතුරා යාමට වඩා වැඩි බවද තොග චලන තොග නිෂ්පාදන අංශයට සම්බන්ධ සේවකයෙන් පිරිසක් අපවෙත පවසා සිටියා.අව්වේ වැස්සේ දහඩිය මුගුරු හෙලමින් සේවය කරන තෙල් පුරවන සේවකයින්ට පමණක් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන පාලන අධිකාරිය සහ කළමනාකාර අධ්‍යක්ෂකවරයාට වායු සමීකරණය තුළ සිට සේවය හැර ගිය ඉංජිනේරුවරුන්ට වැටුප් ගෙවන නිලධාරීන්ට එරෙහිව  විනය නීතිය ක්‍රියාත්මක  කිරීමට අපොහොසත් වන්නේ කසේරුකාවක් නොමැති ද යන්න ප්‍රශ්න කරන මෙන්ද ඔවුන් අපගෙන් ඉල්ලා සිටියා.

 ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂක තුමන් දෙපළ විනය නීතිය ක්‍රියාත්මක කරන්නේ වැඩ කරන සේවකයාට පමණක්ද යන්න නැවත නැවත සොයා බලන ලෙස බල ශක්තිය අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරයාගේ අවධානයට යොමු කරන ලෙසද    ඔවුන් ඉල්ලා සිටියි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *