මන්ත්‍රි අතුකෝරල හෝටලයක් හදන්න ත්‍රිකුණාමලයෙන් ඉඩමක් වෙන්කරගෙන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල කුච්චවේලි ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිකිරීම සඳහා සිය පුත්‍රයාගේ නමින් ඉඩමක් වෙන්කරගෙන ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයකු වන මන්ත්‍රීවරයා පී. ඒ්. ඒල්. වයි. අතුකෝරළ නැමැති සිය පුත්‍රයාගේ නමින් කුඹුරුපිටිය නැගෙනහිර ග්‍රාම නිළධාරි වසමේ හෙක්ටයාර 0.4047 ක ඉඩම් කොටසක් දිගු කාලීන බදු පදනම මත හෝටල් ව්‍යාපෘතියක් සඳහා මෙසේ වෙන්කර ගනු ලැබීය.

ඒ් 2023 වසරේ ඔක්තෝබර් 16 වනදා පවත්වන්නට යෙදුණු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවේ අනුමැතිය ලබා ගනිමිනි. මෙම ඉඩම ලබා දීමට අදාලව කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කේ. කුණනාදන් අතුකෝරල පුත්‍රයාගේ ඉල්ලීම ඉඩම් පරිහරණ කමිටුවට ඉදිරිපත් කර ඇති අතර ඊට කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

ප්‍රදේශයේ පදිංචි පිරිස් දිගු කාලීන බදු පදනම මත විවිධ කටයුතු සඳහා ඉඩම් ඉල්ලා සිටිය දී ඊට අනුමැතිය ලබා නොදෙන දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුව අතුකෝරල මන්ත්‍රීවරයා ගේ දේශපාලනික ප්‍රබල ආධාරකරුවකු හා කොන්ත්‍රාත්කාර ව්‍යාපාරිකයකු වන කන්තලේ ජී. ජී. වසන්ත කුමාර යන අයටද කුඹුරු පිටිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමින් හෙක්ටයාර 0.4047 ක ඉඩම් කොටසක් හෝටල් ව්‍යාපෘතියක් සඳහා දිගු කාලීන බදු පදනම මත ලබා දීමට අනුමැතිය ලබාදී ඇත.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *