කොටි ඩයස්ෆොරාවෙි මුදල් යොදවමින්

සුභාෂ්කරන් ගුවන්විදුලි හතක් රුපවාහිණි තුනක් මිලට ගෙන චිත්‍රපට සහ සිංහල පුවත්පතකටත් අතගහයි

මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින් ශ්‍රී ලංකාව තුල සංස්කෘතික ආක්‍රමණයක් සිදු කිරීමේ කොටි ඩයස්පෝරාවේ දිගු කාලීන සැලසුමේ තවත් අදියරක් දියත් කිරීම සඳහා මේ දිනවල ලහි ලහියේම කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්තාවේ.

ස්වර්ණවාහිනිය ඇතුළුව විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක් මිලදී ගනිමින් කොටි ඩයස්පෝරාව මේ වනවිට ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුල තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබේ.ඔවුන්ගේ මීළඟ අදියර වන්නේ මුද්‍රිත මාධ්‍ය ආරම්භ කිරීමය.

කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකාවේ මාධ්‍ය කේෂ්ත්‍රයට අවතීර්ණ වූයේ කුප්‍රකට ව්‍යාපාරික අලි රාජා සුබාෂ්කරන් හරහා ස්වර්ණවාහිනී නාලිකාව අයත් ඊ.ඒ.පී. සමාගම මිලදී ගනිමිනි.අලිරාජා සුබාෂ්කරන් යනු ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ලන්ඩනය මුල් කරගත් ව්‍යාපාරිකයෙකි.ඔහු  ප්‍රකටව සිටින්නේ LTTE ඩයස්පෝරාවේ මුදලින් ව්‍යාපාර ආරම්භ කළ අයෙකු ලෙසය.එසේම ඔහු වංචනික ලෙස ව්‍යාපාර පවත්වාගෙන් යන්නෙකු ලෙසද නම් දැරූ අයෙකි.මුදල් විශුද්ධිකරණය,බදු වංචා,කොටස් වෙළෙඳපොළ අභ්‍යන්තර ගනුදෙනු (INSIDE TREADING ) කිරීම සම්බන්දයෙන් ඔහුට අයත් සමාගම් එංගලන්තය ,ප්‍රංශය වැනි රටවල් දී දඩුවම්ද ලබා තිබේ.

2016 වසරේ දී ඔහු ස්වර්ණවාහිනී ආයතනය මිල දී ගත්තේද ශ්‍රී ලංකාවේ නීතියට පටහැනි ආකාරයට වංචනික ලෙසය.ශ්‍රී ලංකාවේ නීතියට අනුව විදේශිකයෙකුට මාධ්‍ය ආයතනයක මුළු අයිතිය ලබා ගත නොහැකිය.එහෙත් එම නීතියට පටහැනිව ඔහු ස්වර්ණවාහිනිය මිල දී ගත්තේ තමන්ට හිමි විදේශ සමාගමක් සහ එම සමාගම යටතේ මෙරට පිහිටවූ බෝඩ් ලෑල්ලකට සීමාවූ තම රූකඩ සමාගමක් මගිනි.මෙම වංචනික ගනු දෙනුව සම්බන්දයෙන් එවකට විපක්ෂයේ සිටි දේශපාලකයන් කිහිප දෙනෙකු සහ මෙරට මාධ්‍ය ආයතන දැඩි විරෝධය පල කළත් ඒ වන විට බලයේ සිටි යහපාලන ආණ්ඩුව ඊට කන් දුන්නේ නැත.

යහපාලන ආණ්ඩුව අලි රාජාට ස්වර්ණවාහිනිය අත්කර දුන්නේ මෙරට දේශීය ව්‍යාපාරිකයන් අලි රාජාට  වැඩි ලන්සුවක් ද ඉදිරිපත් කර තිබිය දීය.

මම ගනු දෙනුව හරහා ස්වර්ණවාහිනිය පමණක් නොව එම සමාගමට අයත්ව තිබූ ශ්‍රී එෆ්.එම්. , රජ එෆ්.එම්. සහ ඊ.එෆ්.එම්. යන ගුවන් විදුලි නාලිකා තුන ද අලි රාජාට හිමිවිය.මේ ආකාරයට මහජනතාව සතු දේපලක් වන රූපවාහිනී සහ ගුවන් විදුලි සංඛ්‍යාත කොටි හිතවාදී ,කුප්‍රකට අයෙකුට ලබා දීමේ ගනුදෙනුව සිදු වූයේ එවකට මුදල් අමාත්‍යවරයා වූ මංගල සමරවීරගේ පූර්ණ දැනුවත්භාවය සහ අනුග්‍රහය යටතේය.ගනුදෙනුවේ මහ මොලකරුවා වූයේ මහ බැංකුව යටතට ගෙන තිබූ ඊ.ඒ.පී. සමාගමේ ප්‍රධානියා ලෙස පත්කර තිබූ මංගල සමරවීරගේ මිත්‍රයෙකු වූ මනෝ තිත්තවැල්ල ය.

යහපාලන  ආණ්ඩුව පරදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණියත් මෙම වරද නිවැරදි වූයේ නැත.ඒ වෙනුවට අලි රාජා මෙරට තවත් විද්‍යුත් මාධ්‍ය ආයතන දෙකක මිලදී ගත්තේය.ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ ආරම්භ කළ මහින්ද රාමනායකට අයත්ව තිබූ MAX සමාගම සහ යෝෂිත රාජපක්ෂ විසින් ආරම්භ කර යහපාලන සමයේ  වෙනත් අයෙකුට විකුණා තිබූ SKY මීඩියා නෙට්වර්ක් සමාගමය.

MAX සමාගමට රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනයක් සඳහා බලපත්‍ර ලබා සිටි අතර SKY සමාගමට  රූපවාහිනී බලපත් දෙකක් සහ ගුවන් විදුලි බලපත් තුනක අයිතිය හිමිව තිබිණ.ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුල වැඩිම විද්‍යුත් මාධ්‍ය බලපත් හිමියා වන්නේ අලි රාජාය.

ඒ ස්වර්ණවාහිනියේ රූපවාහිනී බලපත්‍ර දෙකක් සහ ගුවන් විදුලි බලපත්‍ර තුනක්  MAX ආයතනයේ රූපවාහිනී බලපත්‍රයක් සහ ගුවන් විදුලි බලපත්‍රයක් ,SKY ආයතනයේ රූපවාහිනී බලපත්‍ර දෙකක් සහ ගුවන් විදුලි බලපත්‍ර තුනක් වශයෙනි.මේ අනුව අලි රාජාට රූපවාහිනී සහ ගුවන් විදුලි සංඛ්‍යාත විශාල ප්‍රමාණයක හිමිකම ද ලැබී තිබේ.

ඊට අමතව ජාතික රූපවාහිනියේ අයි නාළිකාව බදු පදනම මත ැනිමට කටයුතු කරමින් සිටින අතර ස්වාධින රූපවාහිනියද බදු පදනම මත පඉා දෙන ලෙස ඉල්ලා ඇත. එවිට ආසියාවෙි දැවැන්තම මාධ්‍ය එකාධිකාරිය හිමි සමාගමේ අයිතිකරු ලෙද අලිරාජා පත්විම වැලැක්විය නොහැක.

මේ ආකාරයට අලිරාජාට  ශ්‍රී ලාංකේය විද්‍යුත් මාධ්‍ය තුල තහවුරු වීමට ඉඩ ලබා දී තිබෙන්නේ ඔහුගේ  සමාගම්වල අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙකු එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සෘජු සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයන් බව රාජ්‍ය බුද්ධි අංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හා ජනමාධ්‍ය අමාත්‍යංශයට දන්වා තිබියදීය.

 රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් MOD / TEC / 01 / MGMR Network / 2019 (04) යන ලිපි අනු අංකය මගින් මේ බැව් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හා ජනමාධ්‍ය අමාත්‍යංශයට දැනුම් දී තිබිණ.

ඊ.ඒ.පී. සමාගමේ හිමිකාරත්වය මිලදී ගැනීමත් සමග ඊට අයත්ව තිබූ චිත්‍රපට නිෂ්පාදන සමාගමේ සහ චිත්‍රපට ශාලාවන්ගේ හිමිකාරීත්වයද අලි රාජාට හිමිවී තිබේ.මේ අනුව ඉන්දියාවේ ප්‍රධානම චිත්‍රපට නිෂ්පාදකයෙකු වන අලි රාජා ශ්‍රී ලංකාවේ  චිත්‍රපට නිෂ්පාදනයට ද අත ගසා ඇත. මේ අනුව එකවර සිංහල චිත්‍රපට පහක් සහ දෙමළ චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.මේ විශේෂත්වය වන්නේ සිංහල ජාතිකවාදී මතවාදය වෙනුවෙන් පෙනී සිටි දිවයින පුවත්පතේ මාධ්‍යවේදියෙකු මෙන්ම කලක් එහි කතෘවරයා ද සිටි , මහරජ දුටුගැමුණු වැනි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ , රණවිරුවන් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ් ආරක්ෂක ලේකම්වරයා ලෙස ආරම්භ කළ රණවිරු සුපර් ස්ටාර් වැඩසටහනේ නිර්මාණ අධ්‍යක්ෂවරා ද වූත් ජයන්ත චන්ද්‍රසිරි වැනි අයෙකුද අලිරාජාගේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට ඉදිරිපත්ව සිටීමය.

අනෙකුත් අධ්‍යක්ෂවරුන් වන්නේ අශෝක හඳගම.චන්න පෙරේරා,රන්ජන් රාමනායක්, සහ ප්‍රියන්ත කොළඹගේ යන අයයි.

දෙමල ඩයස්පෝරාවේ මුදලින් සුභාෂ්කරන් අලිරාජාට අයත් බෙන් හෝල්ඩිංග්ස් විසින් ආරම්භ කිරීමට යන සිංහල පුවත්පතේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන කතෘ වශයෙන් තෝරා ගෙන ඇත්තේ ඉරිදා ලංකාදීප පුවත්පතේ කතෘවරයා ලෙස දීර්ඝ කාලයක් සේවය කළ ආරියනන්ද දොඹගහවත්ත ය.ඉරිදා ලංකාදීප කතෘවරයා ලෙස තරුණ මාධ්‍යවේදියෙකු වන කාංචන දිසානායක පත් කිරීමට ලංකාදීප කළමනාකාරීත්වය තීරණය කිරීමත් සමග දොඹගහවත්ත ලංකාදීපයෙන් ඉවත් විය.කෙසේ වෙතත් ලංකාදීපයේ හෝ වෙනත් පුවත්පත්වල ජෙය්ෂ්ඨ මාධ්‍යවේදීන් නව පුවත්පතත් සමග එක්වීමට මැලිකමක් දැක්වීම නිසා අපේක්ෂා කළ ආකාරයට පුවත්පත එළිදැක්වීමට නොහැකි වී තිබේ.මේ වසරේ ජනවාරි මාසයේ අවසන් සතියේ පුවත් පත එළිදැක්වීමට මුලින් සැලසුම් කර තිබුනද පසුව එය පෙබරවාරි 04 දාට යෙදෙන නිදහස් දිනය දක්වා කල් ගිය අතර අලුත්ම වාර්තාවන්ට අනුව පුවත්පත නිකුත් කිරීම තවත් සතියකින් හෝ දෙකකින් කල යනු ඇත.

සිංහල ඉරිදා පුවත් පත එලි දැක්වූ පසු දිනපතා සිංහල පුවත්පතක්, ඉරිදා සහ දිනපතා දෙමල පුවත් පත් දෙකක් සහ ඉංග්‍රීසි පුවත්පත් දෙකක්ද ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව දැනගන්නට තිබේ.එසේම කාන්තා සහ ළමා පුවත් ආදී වශයෙන් වාර ප්‍රකාශන කිහිපයක්ම ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබේ.කෙසේ වෙතත් අපේක්ෂා නොකළ පරිදි ඉරිදා සිංහල පුවත් පත ආරම්භ කිරීම ප්‍රමාද වීම නිසා මෙම සැලසුම් සියල්ල ඇනහිට තිබේ.

ඉරිදා සිංහල පුවත්පතට මේ වනවිටත් බඳවා ගැනීමට හැකිව තිබෙන්නේ මවුබිම පුවත්පතෙන් එක් අයෙකු .කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින් සිටි ඉරිදා ලංකාදීපයෙන් දෙදෙනෙකු සහ දිවයින පුවත්පතේ කලක් සේවය කල අයෙකු පමණකි.බොහොමයක් පුවත්පත්වල කලට වෙලාවට වැටුප් හෝ නොගෙවන තත්ත්වයක් තුලද නව පුවත්පතට ප්‍රවීන , මාධ්‍යවේදීන් බඳවා ගැනීමට නොහැකිවී ඇත්තේ ඒ සම්බන්දයෙන් මාධ්‍යවේදීන් අතර එහි අරමුණ සහ ස්ථාවරත්වය සම්බන්දයෙන් පවතින සැකයයි.

නව මාධ්‍ය පුළුල් වීම සහ ජනතාවගේ ආර්ථික තත්ත්වය මත මේ වන විට පුවත්පත් අලෙවිය සීග්‍ර ලෙස පහත වැටී තිබේ.පුවත්පත් ආයතන දරුණු ලෙස වියදම් කපා දමා තිබෙන අතර බොහොමයක් ගෙවීම් කල නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගෙවීම් මුළුමනින්ම ඇනහිට තිබෙන අතර මාණ්ඩලික මාධ්‍යවෙිදින්ගේද  වැටුප් පවා ගෙවනු ලබන්නේ හිඟ තබමිනි.එසේම නව බඳවා ගැනීම් සියල්ල අත්හිටුවා තිබේ.මෙලෙස පුවත්පත් කර්මාන්තය මිය යමින් පවතින කර්මාන්තයක් බවට පත්ව තිබෙන තත්ත්වයක තුල සාධාරණව උපයාගත් මුදලින් ව්‍යාපාර කරන කිසිවෙකු පුවත්පත් කර්මාන්තයට මුදල් ආයෝජනය කරන්නට කල්පනා කරන්නේ නැත.එසේ තිබිය දී අලි රාජා මහා පරිමාණයෙන් නව පුවත්පත් සමාගමක් ආරම්භ කරන්නේ කුමන අරමුණකින්ද යන්න මාධ්‍ය කේෂ්ත්‍රය තුල බරපතල සැකයට තුඩු දී තිබෙන කාරණයකි.එසේම යටි දේශපාලන අරමුණක් සහිතව පාඩු ලැබීමට සිදුවන බව දන දැනම ආරම්භ කෙරෙන පුවත්පතක් කොතරම් කාලයක් පවත්වා ගෙන යා හැකි වේද යන්න සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් අතර සැක සංකා මතුව තිබේ. මේ පුවත්පත මෙලෙස සිංහල ජනතාව අතට පත් කිරීමට සැලැසුම් කර ඇත්තේ දෙමළ ඩෑස්පෝරාව විසින් සිදු කළ වසර 10ක සැලැසුමකට අනුවය.

මෙම මාධ්‍ය මෙහෙයුමට අමතරව අලි රාජා ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල් යන රාජ්‍ය ආයතන මිලදී ගැනීම සඳහාද Pettigo Comercio International LDA c/o NDB Investment Bank Ltd හරහා  ලන්සු ඉදිරිපත් කර තිබේ.ටෙලිකොම් සමාගම ලාභ ලබන සමාගමක් වන අතර ,එය කුමන හෝ   විදේශ සමාගමකට විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමෙතුවට වාර්තා කර ඇතත් ආණ්ඩුව එය සැලකිල්ලට ගෙන නැත.

කොටි ඩයස්පෝරාවට උණ්ඩයෙන් කර ගැනිමට අපොහෝසත්වු කාර්ය්‍ය සිය මුල්‍ය බලයෙන් දීර්ඝ කාලින සැලසමකට අනුව ක්‍රියාත්මක විම පිළිබද පක්ෂ විපක්ෂ ජාතිකත්වයෙන් හඩනගන දේශපාලඥයන්ට නොවැටවිම කනගාටුවට කරුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *