ඉන්දියානු ජනරජ දින  භෝජන සංග්‍රහය රනිල් මගහැරියේ ධමිමික නිසාද

ඉන්දියානු ජනරජ දිනය වෙනුවෙන් කොළඹ පිහිටි ඉන්දිය මහකොමසාරිස්වරයාගේ නිළ නිවස වන ඉන්දියා හවුස් හි පැවති රාත්‍රි භෝජන සංග්‍රහයට රාජපක්ෂ කදවුර වෙනුවෙන් වැඩි සැලකිල්ලක් දැක්විම නිසා ජානාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගිවී නොමැති බව වාර්තාවෙි.

සංචාරක හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ප්‍රධාන ආරාධිතයා ලෙස  සහභාගිවී වු අතර හිටපු ජානාධිපතිනරුන් වන මහින්ද ,මෛත්‍රි, ගෝඨාභය ඇතුලු මැති ඇමතිවරුන් රැසක් සහභාගිවී සිටියද පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රකට කෝටිපති ව්‍යාපාරික ධමිමික පෙරේරාට එහිදී  ලැබුණු පිළිගැනිම සම්බන්ධයෙන් වැඩි දෙනාගේ අවධානය යොමුවිය.

කිසිදු මන්ත්‍රිවරයෙකට සිය වාහනය ඉන්දියා හවුස් වෙත ඇතුල් කිරිමට ඉඩ නෙලැබුණු අතර ධම්මිකට සිය අති සුපෝඛබෝගි ට්‍රයිස්ලර් රථය ඇතුලු කිරිමට අවස්ථාව ලබා දුන් අතර ඔහු සමග ඉන්දිය මහ කොමසාරිස් සන්තුෂ් ජා මිනිත්තු හත අටක් පුද්ගලිකව  කථා කර සිටිම කාගෙත් අවදානයට යොමුවිය.

කෙසේ වෙතත් ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණී හරින්ගේ කථාව  පැමිණි සිට තානාපතිවරුන්ගේ සිට සියලු දෙනාටම ගැටලුවක් වුයේ ජනරජ දිනයක උත්සවයකදී සංචාරකයින් සම්බන්ධයෙන් වැඩි කාලයක් ගෙන කථා කිරිමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *