තෙල්දෙණිය  පොලිසියේ ගොරක දඩමස් කිරිම

තෙල්දෙණිය  පොලිස් මුලස්ථානයේ සිවිල් ඇඳුමෙන් සැරසී පොලිස් ලාංචනය යෙදු ත්‍රිරෝද රථවල නැගී නගරයේ ස්ථාපිත කර ඇති සුරාබදු දෙපාර්තමේන්තුවෙි නිල   බලපත්ලාභී අරක්කු තැබෑරුම් හල් වලින් මත්පැන් පානය කර මහමග යන්නන් හඹා ගොස් අත්ඩංගුවට ගන්නා බව නගරයේ ජනතාව පවසති.

දෛනිකව සුළු සුළු රැකියා කර සවස් වරුවෙි නිවෙස් කරා යන සාමාන්‍ය වැසියන් හඹා යන සිවිල් ඇඳුමැතිව පැමිණෙන  පොලිස් නිලධාරින් එම  වැසියන් අල්ලා පොලිසියට ගෙන ගොස් බීමත්ව  මහමග ගමන් කලේ යැයි අධිකරණයට ඉදිරිපත් කර නඩු පවරන බව මහජනතාව පැවසුහ.

බොහෝ පොලිස් නිලධාරින් රාත්‍රිකාලයට  තම  සගයන් වු ව්‍යාපාරිකයන් සමග නගරයේ අවන්හල්වලට  ගොස් මත්පැන් පානය කර රිසි සේ නගරයේ සැරිසරන බව පවසන මහජනතාව මෙම පොලිස් නිලධාරින් නීතිය අවභාවිතා කරමින් අහිංසක වැසියන්  අත් අඩංගුවට ගැනීම ඉතා අසාධාරණ බවද නගරයේ ජනතාව පවසති.

ඇතැම්   පොලිස්නිලධාරින් මත්පැන්  පානය කර යතුරු පැදිවලින් යන එන බවත් ඔවුන්ගෙන් ඇතැමුන්ට රිය පැදවීමට වලංගු බලපත් පවා නැති බවත් පොලිසිය තුලින්ම තොරතුරු දැනගන්නට ඇත.නගරයේ නිත්‍යානුකුල  මත්පැන් අළෙවි සැල්වලින්  මත්පැන් ස්වල්පයක් පානය කර නිවෙස් කරා යන මිනිසුන් සිවිල් ඇඳුමෙන් පැමිණ අත් අඩංගුවට ගෙන ඔවුන් බීමත්ව අසෝභන ලෙස හැසිරුණ බවට  සඳහන් කිරීම  මානව හිමිකම් උල්ලංගණය කිරීමක් බවද පවසන තෙල්දෙණියේ ජනතාව මහා පරිමාණ  මත් ජාවාරම්වල නිරතවුවන් සමග ඇතැම් පොලිස් නිලධාරින් සමීප සබඳතා පවත්වන බවද  පවසති.

එහෙත් රාත්‍රියට තෙල්දෙණිය පොලිසියේ ඇතැම් නිලධාරින්  අවන්හල් වලට රිංගා  තම  සගයන් සමග  මත්පැන් පානය කර රිසිසේ  මහමග  යන එන බවද මහජනතාව පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *