පොඩ්ඩන් අඩු කලාට ලොක්කන්ගේ වැඩ කිඩ එහෙමමයි

රනිල්ගේ ප්‍රතිරූපය හදන්න ජනපති මාධ්‍ය එකකයට එකසිය හැටදෙනෙක් පුවතින් පසු සේවක කප්පාදුවක්

ජනාධිපති රනිල්ගේ ප්‍රතිරූපය නැංවීම සඳහා ජනාධිපති මාධ්‍ය ඒකකයට විශාල පිරිසක් බඳවා ගෙන සිටින බවට පසුගිය දිනෙක අප විසින් හෙළිදරවු කිරීමත් සමග එම ඒකකයේ සේවක කප්පාදුවක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ. “රනිල්ගේ ප්‍රතිරූපය හදන්න ජනපති මාධ්‍ය එකකයට එකසිය හැටදෙනෙක් ” යනුවෙන් එම පුවත පළවීමත් සමග ජනාධිපති මාධ්‍ය ඒකකයේ සේවකයන් 20 දෙනෙකු ඉන් ඉවත් කර ඇත.

පහල මට්ටමේ සේවකයන් ඉවත් කිරීමට පියවර ගනු ලැබුවත් උපදේශක,අධ්‍යක්ෂ වැනි තනතුරුවල කිසිඳු වෙනසක්  සිදුව නැත.ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ඉහල නැංවීම කෙසේ වෙතත් ජනාධිපතිවරයා ද අන්දමින් ,මේ අය තව දුරටත් මහජන මුදල් සිත්සේ කාබාසිනියා කරමින් තම තමන්ගේ සුඛ විහරණය සලසා ගනිමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.ජනාධිපතිවරයාගේ ජේෂ්ඨ උපදේශක ( මාධ්‍ය ) මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මේ අතරින් ප්‍රධාන අයෙකි.ඔහු ,බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන විට එම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය මෙන්ම ,රාජපක්ෂ පාලනය යටතේ  කැලණිය විශ්ව විද්‍යාලයීය උපකුලපති ධූරයද හොබවා ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අංක එකේ මාධ්‍ය උපදේශකයා ලෙස පෙනී සිටින නමුත් ඔහුගෙන් රනිල්ට ඉටුවන සේවය කුමක් දැයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ සේවකයන් මෙන්ම ,ඉහල පෙලේ එක්සත් ජාතික පාක්ෂිකයන්  ද ප්‍රශ්න කරන්නට පටන් ගෙන තිබේ.පෙරවරු නවය පමණ වන විට කාර්යාලයට පැමිණෙන ඔහු දහවල් දොළහ ඉක්මෙන්නටත් පෙර ඉන් පිටව යන්නේය.යලි සවස හයට පමණ කාර්යාලයට පැමිණ රාත්‍රී නවය දක්වා සේවයේ යෙදී සිටින බව හඟවන නමුත් මාධ්‍ය ඒකකයේ සේවකයන් පවසන්නේ ඔහු රාත්‍රියේ කාර්යාලයේ රැදී සිටින්නේ ඒ වෙනුවෙන් අමතර ගෙවීම් ලබා ගැනීම සඳහා බවය.

කෙසේ වෙතත් මෙම මහාචාර්යවරයා තමන්ට ලකුණු දා ගන්නට බොහෝ උනන්දුය.දිවයින පුවත්පතේ ආරම්භක කතෘ එඩ්මන්ඩ් රණසිංහ මහතාට උපහාරයක් පිණිස සම්පාදනය කෙරුණු “එඩ්මන්ඩ් ගේ පත්තර විප්ලවය ” නමැති ග්‍රන්ථයේ කතෘ ලෙස ඔහුගේ නම සඳහන්ව ඇතත් එය සම්පාදනය කරනු ලැබුවේ දිවයින පුවත්පතේ හිටපු මාධ්‍යවේදිනියක සහ මේ වන විට ජනාධිපති මාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක වන දීප්ති අධිකාරී සහ රජය ප්‍රවුර්ත්ති දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු වන ඩබ්.එම්.කේ.විජය බණ්ඩාර විසිනි.

ජනාධිපති මාධ්‍ය අංශය මගින් පලකෙරෙන “චැතම් ස්ට්‍රීට් ” පුවත්පතේ අධ්‍යක්ෂ ලෙස මහජන මුදලින් පඩි ගන්නා වරුණ දීප්ත රාජපක්ෂ ද මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මෙන්ම තම බඩගෝස්තරය වෙනුවෙන් දේශපාලනය මාරු කළ අයෙකි.වරුණ දීප්ත රාජපක්ෂ දේශපාලනය ආරම්භ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ සමගය.එම පක්ෂය යටතේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක්ද දරා තිබේ.පසුව විමල් වීරවංශ සමග ජවිපෙන් ඉවත් වූ ඔහු ඉන් පසු පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග ද කෙටි කාලයක් කටයුතු කළේය.

ජනාධිපති මාධ්‍ය අංශයට මෙලෙස පිල් මාරු කළ අයගෙන් හිඟයක් නැත.චැතම් ස්ට්‍රීට් කතුවරයා ලෙස සේවය කරන සුභාෂ් මුලින්ම සේවය කලේ ජවිපෙ විසින් ප්‍රකාශයට පත්කළ “ලංකා” පුවත්පතේය.පසුව ඔහු මංගල සමරවීර ගේ මාධ්‍ය  .කණ්ඩායම සමග එක්විය.2015 යහපාලන ආණ්ඩුව පැමිණි පසු ඔහුගේ නවාතැන වූයේ ජනාධිපති මයිත්‍රී ගේ මාධ්‍ය කණ්ඩායමයි.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා වන ධනුෂ්ක රාමනායක ද පිල්මාරු කල අයෙකු බව වැඩි දෙනෙකු නොදන්නා කාරණයකි.රනිල්ගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වීමට පෙර ඔහු දේශපාලනය කරමින් සිටියේ පාඨලී චම්පික රණවක සමගය.

කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලයේ සේවකයන් පවසන්නේ ජනාධිපති මාධ්‍ය අංශය මේ ආකාරයට දේශපාලන අනාථයන්,කරනම් කාරයන් සහ අවස්ථාවාදීන් ගෙන් පිරී යෑම ගැන පුදුම විය යුතු නැති බවය.අප සිටින්නේ දේශපාලන අනාතයෙකුව සිටි රනිල් වික්‍රමසිංහ , යහපාලන ආණ්ඩු සමයේ තමන් විසින් ගස් යවන්නට උත්සාහා කල රාජපක්ෂලාගේ පිහිටෙන් ජනාධිපති ධූරයට පත්වූ රටක නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *