පොලිස් දඩ පොලිසීය ගන්නේ නැතිලු !

මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්දයෙන් පොලීසිය දිනකට අති විශාල ස්ථානීය දඩ මුදල් (spot fine )ප්‍රමාණයක් අය කරගන්නා නමුත් ඉන් පොලීසියට කිසිදු ප්‍රතිලාභයක් ඇති නොවන බව මෙරට ජනතාව දැනගත යුතු බව විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ රට පුරා පොලිස් නිලධාරීන් ජනතාවගෙන් බැනුම් අසමින්, දිවා රෑ නොමැතිව මහ මඟ දුක් විඳිමින් අය කරනු ලබන සියලුම දඩ මුදල් බැර වන්නේ පළාත් පාලන අරමුදලට බවය.එසේම මෙම දඩ මුදල් භාර ගැනීම වෙනුවෙන් පමණක්  දෙපාර්තමේන්තුවට ද එක් දඩ මුදලකින් රුපියල් සියයක ආදායමක් උපායා ගැනීමට අවස්තාව සැලසී තිබේ. තමන් මහජනතාවගෙන් අය කරන දඩ මුදලට සිදු වන්නේ කුමක් දැයි බහුතරයක් පොලිස් නිලධාරීන් ද දන්නේ නැත.

පොලිස් දඩ මුදල් පළාත් පාලන අරමුදලට බැර වන නමුත් එම මුදලින් ඉටුවන මහජන සේවය කුමක්දැයි පැහැදිලිව දැනගන්නට ද නැත.මේ වන විට බොහෝ පොලිස් ස්ථානයන්ට සිය රාජකාරි ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් වාහන පහසුකම් නැත.එසේම ලැබෙන ඉන්ධන කෝටාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.බොහොමයක් පොලිස් ස්ථාන බොහෝ කාලයකින් අලුත් වැඩියා කර නැත.රාජකාරි අවශ්‍යතා සඳහා වන තවත් බොහෝ අඩුපාඩුකම් තිබේ.සෑම පොලිස් ස්ථානයක්ම පාහේ මෙම අඩු පාඩුකම් සපුරා ගන්නේ තම බල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙනි .ඒ අතර නීති විරෝධී ව්‍යාපාරයන් හී නිරත අය ද සිටිති.මෙම තත්වය මත පොලීසිය උපයන දඩ මුදලින් කිසියම් ප්‍රතිශතයක් හෝ පෙරලා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට දැන්වත් අවධානය යොමු විය යුතු බව අප සමග දැක්වූ හිටපු පොලිස් නිලධාරියා සඳහන් කළේය.

අධිකරණය මගින් නිමය කරනු ලබන මත්පැන්,මත්ද්‍රව්‍ය වැනි චෝදනා සඳහා වන දඩ මුදලින් ද පොලීසියට හිමි වන්නේ 50 % ප්‍රමාණයක් පමණකි.එම ප්‍රමාණය බැර වන්නේ පොලිස් ත්‍යාග අරමුදල වෙතය.ප්‍රශස්ත ලෙස රාජකාරි කරන පොලිස් නිලධාරීන් සඳහා ත්‍යාග පිරිනැමෙන්නේ මෙම අරමුදලෙනි.එහෙත් අරමුදලට බැරවන මුදලින් හතරෙන් තුනක් ත්‍යාග ලෙස ලබා දිය යුතු වුවත් ඒ සඳහා වෙන් කෙරෙන්නේ හතරෙන් එකක් පමණ කුඩා ප්‍රමාණයකි.පවතින ආර්ථික වට පිටාව අනුව ,පොලිස් නිලධාරීන්ගේ සුභ සාධනය වෙනුවෙන් නොහැකිනම් ඔවුන්ට සිය රාජකාරිය බාධාවකින් තොරව ඉටු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට හෝ මෙම අරමුදලෙන්ද කිසියම් ප්‍රමාණයක් වෙන් කිරීම කාලෝචිත නොවන්නේ දැයි අප සමග අදහස් දැක්වූ හිටපු පොලිස් නිලධාරියා විමසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *