දඔුල්ල ක්‍රිඩාංගනය මැද දේශපාලන වෙිදිකාවක් ඉදිකිරිමෙන් තනතිරුවට දැඩි හානි

උරුමය” ඔප්පු ප්‍රදානෝත්සවය ලබන පෙබරවාරි 05 දින දඔුල්ල අන්තර් ජාතික ක්‍රිකට් කතිඩාංගනයේදී රටපුරා සුදුසුකම් ලාභින් දසසහසකගේ ප්‍රධානක්වයෙන් පැවැත්විමට සැලසුම් කර ඇති උත්සවයේ ප්‍රධාන වෙිදිකාව හා පැමිණෙන අය වාඩිකරවිමට ක්‍රිඩාංගනය මධ්‍යයේ ඉදිකරන වෙිදිකා ආදි පිතිකා නිසා එහි තනතිරුවට දැඩි හානි සිදුවිමට පටන් ගෙන ඇති බව වාර්තාවේ.
” උරුමය” ඔප්පු ප්‍රදානෝත්සවය ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන බලවුවමනාවන් වෙනුවෙන් යොදා ගනිමින් කිසිදු අධීක්ෂණයක් නොමැතිව දෑවැන්ත මුදලක් යොදවමින් සිටින බවට රාජ්‍ය නිලධාරීන් චෝදනා කරයි.


ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ප්‍රාදේශීය ලලේකම්වරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වවරුන්ට කිසිදු ලිඛිත දැනුම්දීමකින් තොරව කටයුතු කිරිමට සිදුව ඇත.
මෙම උත්සවයට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය,ඉඩම් අමාත්‍යංශය,මහවැලි අමාත්‍යංශය,ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු තවත් අමාත්‍යංශ රැසකට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වගකීම් පවරා ඇත.
දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ භුමිය උත්සවය පැවැත්වීමට යොදාගෙන ඇත.එහි ටර්ෆ් එක හා සයිඩ්ස් ස්ක්‍රීන් එක ඉදිරිපස සිගිරිය සිංහපාදයේ අනුරුවක් සහිත දෑවැන්ත වේදිකාවක් ඉදිකරයි.
මෙම ඉදිකිරිමේදී ක්‍රීඩාංගණ භුමියට වන හානිය පිලිබඳව නිලධාරීන් පෙන්වා දී ඇති අතර එහි මූලිකත්වය ගෙන කටයුතු කරන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසා ඇත්තේ එම හානිය පිලිසකර කර යථා තත්වයට පත්කරලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කරන බවයි.
බස් රථ 180 කින් ඔප්පුලාභින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් ගෙන්වීමේ වගකිම පොහොටිටු හා එජාපයේ සංවිධායකවරුන්ට පවරා ඇත.දිස්ත්‍රික්ක 25 කින් ගෙන්වීමට නියමිත 10,000 ක් වන පිරිස් සඳහා දඹුල්ල නගරයේ හෝටල් 10 කට තුන්වෙිල කෑම සැපයුම හා ජල බෝතල් සැපයීම බාරදී ඇත.නිලධාරීන් 100 ක් සඳහා දින 5ක නවාතැන් පහසුකම් සඳහා සංචාරක නිවාඩු නිකේතන වෙන්කර ඇත.සෙසු ඉහල නිලධාරීන්ට සංචාරක හෝටල් කාමර වෙන්කර ඇත.
වේදිකාවේ සියලුම ආරාධිත දේශපාලකයින් සඳහා සමාන උසකින් යුතු පුටු සපයන ලෙස උපදෙස් දී ඇත.පුටු අසමානතාවයෙන් යුක්ත වුවහොත් දේශපාලකයින් සංවේදී පුද්ගලයන් බැවින් විශේෂ අවධානයට ගන්නැයි ප්‍රමිත නිලධාරීන්ට උපදෙස් දී ඇත.
වේදිකාවේ නිලධාරීන් 400 කට ආසන පහසුකම් සැපයීමටත් ඔප්පුලාභින් 10,000 ක් වේදිකාව ඉදිරිපිට 10,000 ආසන පහසුකම් සැපයීමට නියමිතය.
සංකේතාත්මකව ප්‍රධාන ආරාධිතයින් මගින් ඔප්පු 30 ක් පමණ පිරිනමනු ලබන අතර එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඔප්පු 150 බැගින් පිරිනමනුුු ලබන අතර එම ඔප්පු ප්‍රදේශයේ දේශපාලකයින් විසින් පිරිනමනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *