ශ්‍රිධරන් මහවිරු සමරුවට පහන් දල්වා වැඩ පටන්ගනීයී

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වයට පත් ශිවඥානම් ශ්‍රිධරන් මහතා කිලිනොච්චියට පැමිණිමෙන් අනතුරුව කිලිනොච්චිය කනකපුරම් මහවිරු කනත්තට ගොස් මියගිය මහවිරු සාමාජිකයින් වෙත ගෞරව දැක්වු බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නව නායකයා තෝරා ගැනීමේ රහස් ජන්ද විමසීමක් ඊයේ(21) ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති අතර, එහිදි පක්ෂයේ දිස්ත්‍රික් සභාවන්හි සාමාජිකයින් 184 දෙනෙකුගේ කැමැත්ත මත පක්ෂයේ නව නායකයා ලෙසට ශ්‍රිධරන් මහතා තේරිපත්විණ.
පක්ෂ නායකත්වය ලැබීමෙන් අනතුරුව කිලිනොචිචිය වෙත පැමිණි ශ්‍රිධරන් මහතා ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව,සිය ආධාරකරුවන් පිරිසක් සමඟ ගොස් කිලිනොච්චිය කනගපුරම් මහවිරු කනත්තේ ස්ථාපනය කොට ඇති සැමරුම් ස්මාරකය වෙත මල්පුදා මියගිය ඥාතීන් සිහිකළ බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූහ.
ශ්‍රිධරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසර කිහිපයකදීම කිලිනොච්චිය කනකපුරම් කනත්තේ මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්විණ.
ශ්‍රිධරන් මහතා හිටපු ගුරුවරයෙකු වන අතර, හෙතෙම දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින දේශපාලඥයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *