ශ්‍රී ලංකාවෙන් චීනයට එපා වාහෙට හොදි බෙදිල්ලක්

වික්‍රමසිංහ පාලනයට කිසිඳු සහයක් නොදීමට චීනය දැඩි තීරණයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාව සමඟ සම්බන්දතා පැවැත්වීමට වැඩි නැඹුරුවක් දක්වන බව පෙනී යෑමත් සමඟ කිසිඳු ආකාරයකින් ඔහුගේ පාලනයට සහය නොදැක්වීමට චීනය තීරණය කර ඇතැයි වාර්තා වේ.ජනාධිපති රනිල් කවදත් චීන මිත්‍රයෙකු නොවූ අතර ඔහු ප්‍රකටව සිටින්නේ ඇමෙරිකානු ගැත්තෙකු  ලෙසය.

2015 යහපාලන ආණ්ඩු සමයේ අගමැතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ චීන ව්‍යාපෘති අත්හිටුවීමට ,අඩපන කිරීමට සහ ඒවා කිසිඳු ප්‍රයෝජනයක් නොමැති මුදල් නාස්තියක් පමණක් බව පෙන්වීමට දැඩි උත්සාහයක් ගත්තේය.කොළඹ වරාය නගරය ,හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොල සම්බන්දයෙන් අගමති රනිල් ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව ගනු ලැබූ තීරණ වලක්වමින් එම ව්‍යාපෘති තමන් වෙතම රඳවා ගැනීමට සිය රාජ්‍යතාන්ත්‍රික බලය උපරිම වශයෙන් භාවිතා කිරීමට චීනයට සිදුවිය.ශ්‍රී ලංකාව චීනයෙන් විශාල ලෙස ණය ලබාගෙන තිබීම සහ චීනය ලෝකයේ දෙවන ආර්ථික බලවතා නොවන්නට එම වරාය නගරය වැනි ව්‍යාපෘති මේ වන විට නවතා දමා තිබෙනු ඇත.

ඉන්දීය සාගර කලාපයේ සිය බලය තහවුරු කර පවත්වා ගැනීම යන කාරණය සැලකිල්ලට ගත් විට  හම්බන්තොට වරාය රැක ගැනීම චීනයට අත්‍යවශ්‍යම කාරණයක් වූයේය.තමන් විසින් ණය දී ඉදිකරන ලද හම්බන්තොට වරාය යලි තමන් විසින්ම මිල දී ගන්නට චීනය පෙලඹෙන්නේ මේ නිසාය.

ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිසංස්කරණ වැඩසටහනකට අනුගත වන්නට තීරණය කලද චීනය දැඩි ස්ථාවරයක සිටිමින් ඊට එකඟ නොවන්නට ප්‍රධාන හේතුවක් වූයේද ජනාධිපති  රනිල්ගේ ඇමෙරිකානු සහ ඉන්දීය හිතවාදී ප්‍රතිපත්තිය නිසාය.චීනයේ මෙම තීරණය නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන ලබා ගැනීම පවා ප්‍රමාද විය.අවසානයේ චීනයේ ආර්ථික බලවන්තභාවය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ,පැරිස් සමාජයට සිදුවූයේ චීනයේ සහභාගීත්වය නොමැතිව සිය ණය ප්‍රතිසංස්කරණ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට සිදු විය.චීනය වෙනම ශ්‍රී ලංකාවට ණය සහන ලබා දෙන්නට එකඟ වී ඇතත් එම සහන හෝ කොන්දේසි මොනවාදැයි තවමත් ප්‍රකාශ වී නැත.

චීනය රනිල් වික්‍රමසිංහ පාලනය සම්බන්දයෙන් වඩාත් නොසතුටට පත්ව සිටින්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන  ඉන්දියාවට ශ්‍රී ලංකාව තුල සිය බලය තහවුරු කරගන්නට අවස්ථාව ලබා දී තිබීම නිසාය.අතීතයේ  ඇමෙරිකානු විරෝධී ප්‍රතිපත්තියක සිටි ඉන්දියාව මේ වන විට ඇමෙරිකාවේ හොඳ මිතුරෙකු බවට පත්ව තිබේ.මේ නිසා චීනය සහ ඉන්දියාව අතර කලාපීය ආධිපත්‍ය සම්බන්දයෙන් සීතල යුද්ධයක් හටගෙන තිබේ.මෙම ඉන්දු චීන භූ දේශපාලන අර්බුදයේදී ශ්‍රී ලංකාව යනු එම දෙපාර්ශවයටම අතිශය තීරණාත්මක භූමියකි.

ජනාධිපති වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සඳහා මූලික සාකච්ඡා පවතින අවස්ථාවේ කිසියම් මධ්‍යස්ත බවක් පෙන්නුම් කරමින් චීන ඉන්දියා දෙරටටම සමානව  සලකන බවක් පෙන්නුම් කළ නමුත් ඇතැම් අවස්ථාවක චීනය එකඟ කර ගැනීම සඳහා චීන පර්යේෂණ නෞකාවන්ට අවසර දීම වැනි තීරණ ඉන්දියාව කෝප ගැන්වීමට තරම් විය.

කෙසේ වෙතත් ජනාධිපති වික්‍රමසිංහ තමන්ගේ වාසිය වෙනුවෙන් අවස්ථාව අනුව තමන්ට සහය දැක්වුවද ඔහුගේ ඇමෙරිකානු -ඉන්දීය ලැදියාවේ වෙනසක් වී නොමැති බව චීනය මේ වන විට පැහැදිලිවම අවබෝධ කරගෙන තිබේ.රනිල් වික්‍රමසිංහ නිල රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල දීද තමන්ට වඩා ඉන්දියාවට ප්‍රමුඛත්වයක් සහ වැදගත්කමක් දෙන බව චීනයට පෙනී යෑම නිසාය.

චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සේවය කළ ආචාර්ය පාලිත කොහොනගේ ධූර කාලය අවසන් වුයේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ වන අතර එතැන් සිට මාස පහකට වැඩි කාලයක් ගත වී ඇතත් තවමත් එම පුරප්පාඩුව පුරවා නැත.එහෙත් ඉන්දියාවේ මහකොමසාරිස් මිලින්ද මොරගොඩගේ ධූර කාලය අවසන් වී මාසයක් පමණ කාලයක් ඇතුලත එම පුරප්පාඩුව සම්පූර්ණ කෙරිණ.සාමාන්‍යයෙන් ඇමෙරිකාව ,මහා බ්‍රිතාන්‍ය ,චීනය ,ඉන්දියාව වැනි ප්‍රධාන පෙලේ රටවල තානාපති ධූරයන් දිගු කාලයක් හිස්ව තබන්නේ නැත.එවැනි ප්‍රධාන පෙලේ රටවල තානාපති ධූරයන් හිස්ව තිබීම ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ආර්ථික,දේශපාන සහ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් පාඩුවක් වන අතර තම රටේ තානාපති ධූරය හිස්ව පැවතීම එම රටවල් සලකන්නේ තමන් නොතකා හැරීමක් ලෙසය.

මාස පහක පමණ කාලයකින් පසු ශ්‍රී ලංකා විදේශ සේවයේ මජින්ත ජයසිංහ චීනයේ තානාපතිවරයා ලෙස නම් කර තිබෙන බව උසස් නිලතල පිලිබඳ කාරක සභාව පසුගිය සඳුදා (15) පුවත්පත් මගින් ප්‍රසිද්ධ කොට තිබිණ.මේ අනුව පෙනී යන්නේ චීනය සඳහා නව තානාපතිවරයෙකු පත්කිරීමට  අවම වශයෙන් තවත් මාස දෙකක පමණ කාලයක් ගත වනු ඇති බවය.

සාමාන්‍යයෙන් චීනය ,ඉන්දියාව වැනි ප්‍රධාන රටවලට තානාපතිවරුන් ලෙස පත්කෙරෙන්නේ විදේශ සේවයේ දීර්ඝ කාලයක් අත්දැකීම් හෝ පළපුරුද්දක් ඇති අයයි.එම පත් කිරීම දේශපාලන පත් කිරීමක් වුවද ඒ සඳහා තෝරා ගැනෙන්නේ පළපුරුදු ,පරිනත ජාත්‍යන්තර දේශපාලනය පිළබඳ අවබෝදයක් තිබෙන අදාල රටට පිළිගත හැකි  අයෙකි.ඉන්දියාවේ නව මහ කොමසාරිස් ලෙස පත් කර ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවයේ වසර 35 කට වැඩි පළපුරුද්දක් ඇති පළමු ශ්‍රේණියේ නිලධාරිනියකව සිටි ක්ෂේණුකා සෙනෙවිරත්නය.එක්සත් රාජධානිය වැනි ලොව ප්‍රධාන රටවල ශ්‍රී ලංකා මහකොමසාරිස්, තානාපති ධූර හොබවා ඇති ඇය කලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙසද සේවය කර ඇත.එසේම ඇය හිටපු විදේශ අමාත්‍යංශ ලේකම්වරයෙකි.ඉන්දියාවේ මහකොමසාරිස් ධූරයට පත් කෙරෙන විට ඇය ජනාධිපති උපදේශිකාවකි.

චීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන ද හිටපු විදේශ ලේකම්වරයෙකි. ඔහු ද කලක් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස සේවය කර තිබේ.ඔහුගේ ධූර කාලය දීර්ඝ කරන්නේනම් ඒ ගැන සතුටුවන බව චීනය ශ්‍රී ලංකාවට ඉඟි කොට ඇතත් එය සිදු වූයේ නැත.එසේම ඒ වෙනුවෙන් නම් කොට තිබෙන්නේ හිටපු තානාපති පාලිත කොහොන සහ ඉන්දියාවට පත් කොට සිටින ක්ෂේණුකා සෙනෙවිරත්න සමඟ සසඳන විට පළපුරුද්ද අඩු කනිෂ්ඨ තානාපති නිලධාරියෙක් වීම ද චීනයේ බලවත් කනස්සල්ලට හේතු වී තිබෙන බව තානාපති ආරංචි මාර්ග සදහන් කළේය.

1998 ශ්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වී ඇති මජින්ත ජයසිංහ මීට පෙර කිසිම ප්‍රධාන පෙලේ රටක තානාපතිවරයෙකු ලෙස සේවය කොට නැත.ඔහු කලක් චීන තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු ලේකම්වරයා මෙන්ම ,ෂැන්හයි හී කොන්සල් ජෙනරාල්වරයා ලෙස සේවය කර තිබේ.ඔහු තානාපතිවරයෙකු ලෙස සේවය කර ඇත්තේද චෙක් ජනරජය,ඔස්ට්‍රියාව ,එක්සත් අරාබි එමිරේට්ස් වැනි රටවලය.

තම රටේ තානාපතිවරයා පත් කිරීම ප්‍රමාද කිරීමත් ,ඒ සඳහා ඉන්දියාවට වඩා කනිෂ්ඨ්යෙකු පත් කිරීමත් හිතා මතාම තමන්ට කළ නොසැලකීමක් බව චීනයේ අදහස වී තිබේ.මේ නිසා මින් ඉදිරියට රනිල් වික්‍රමසිංහ පාලනයට කිසිම ආකාරයකින් සහය නොදෙන්නට චීනය තීරණය කර ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *