කුරුණෑගල මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකුගේ අසනිප තත්වයට

සභා අරමුදලින් ලක්ෂ 10 ගෙවු හිටපු නගරාධිපති ඇතුලු සභිකයින් 20කගෙන් අයකරගන්නැයි නිර්දේශ

කුරුණෑගල මහනගර සභාවේ නිළ කාලය අවසන් විමට පෙර සභිකයෙකු ලෙස කටයුතු කළ නාගරික මන්ත්‍රි ආනන්ද වෙදිසිංහගේ අසනිප තත්වයට සභා අරමුදලින් රුපියල් ලක්ෂ දහයක් ආණුඩුකරවරයාගේ අනුමැතියකින් තොරව ලබාදිමට කටයුතු කිරිම නිසා එකළ සභාව නියෝජනය කළ පක්ෂ විපක්ෂ සභිනයින් විසිදෙනාගෙන් එම මුදල අයකර ගන්නා ලෙසට විගණකාධිපතිවරයා විසින් නාගරික කොමසාරිස්පවරයාට දැනුම් දී තිබෙි.

එවකට කුරුණැගල නගරාධිපති තුෂාර සංජිව විතාරණගේ සමයේ මෙම මුදල් ලබා දී ඇත්තේ අසනිප තත්වයෙන් පසුවු නාගරික මන්ත්‍රි  ආනන්ද වෙදිසිංහවෙතය.

මහ නගර සභා අඥපනතේ 188 ඔ වගන්තියේ  දැක්වෙන කාර්යයන්  යටතට නොගැනෙන නිසා  ආදාළ මුදල් ඊට අනුමැතියට සහය පළ කළ සභිකයින්ගේ පුද්ගලිකව අයකර ගන්නා ලෙස විගණාධිපතිවරයා දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *