සුමන්තිරන්ගේ සිහිනය බොද කරමින් ශ්‍රිධරන් නායකත්වයට

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නව නායක ලෙසට යාපනය මැතිවරණය කොට්ඨාශය නියෝජනය කරන ශිවඥානම් ශ්‍රිධරන් මහතා අද(21) පත්විණ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නව නායකයා තේරීමේ පක්ෂ මහා සභාව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැවැත්වු අතර, එහිදි පක්ෂයේ දිස්ත්‍රික් සභාවන්හි සාමාජිකයින් 184 දෙනෙකුගේ ජන්ද ලබා ගනිමින් ශිවඥානම් ශ්‍රිධරන් මහතා පක්ෂ නායක ලෙස තේරි පත්විණ.
තරඟය වෙනුවෙන් ඉදිරිපත් වු එම්.ඒ.සුමන්තිරන් මහතා වෙත දිස්ත්රිරක් සභාවන්හි නියෝජිතයින් 137 දෙනෙකු කැමැත්ත පළකොට තිබිණ.
පක්ෂයේ නායකත්වය ලබා ගැනීම වෙනුවෙන් තුන්කොන් සටනක් පැවති අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නව නායකත්වය වෙනුවෙන් යාපනය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිව එම්.ඒ.සුමන්තිරන් මහතා,ශිවඥානම් ශ්‍රිධරන් මහතාද, මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන එස්.යෝගේෂ්වරන් මහතාද නාමයෝජනා භාරදී තිබිණ.
යාපනය,කිලිනොච්චිය,මුලතිව්,වවුනියාව,මන්නාරම,ත්‍රිකුණාමලය,මඩකලපුව,අම්පාර හා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දිස්ත්‍රික් සභාවල නියෝජිතයින් 337 දෙනෙකු ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබිණ.

ශ්‍රිධරන් මහතාගේ දේශපාලන ඉතිහාසය.
1968 දෙසැම්බර් 08 වැනිදා උපත ලබා ඇති ශිවඥානම් ශ්‍රිධරන් මහතා වෘත්තියෙන් ගුරුවරයෙකු විය.දේශපාලනයට පිවිසීමට පෙර හෙතෙම විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කළ අතර, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පාසල් රැසක හෙතෙම ගුරු වෘත්තියේ නියැළි සිටියහ.
2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වු ශ්‍රිධරන් මහතා පසුගිය සෑම මැතිවරණයකම යාපනය මැතිවරණ කොට්ඨාශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළහ.
පසුගිය සමයේ පැවති දෙමළ ජනතාව ගැටළු විසදීම වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කළ හෙතෙම, යුධ සමයේද හෙතෙම දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් ක්‍රියාකාරීව දායත්වය ලබාදී තිබිණ.
වර්තමානයේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ජිවත්වන හෙතෙම යාපනය විශ්ව විද්යාලයේ උපාධිධාරියෙකි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ ඉතිහාසය.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය 1949 දෙසැම්බර් 18 වැනිදා එවක පාර්ලිමේන්තුව නියෝජනය කළ එස්.ජේ.වි.චෙල්වනායගම් මහතාගේ නායකත්වය යටතේ බිහිකොට තිබිණ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ආරම්භයේ සිට මේ දක්වා පක්ෂ විධායක සභාවේ එකමතික කැමැත්ත මත පක්ෂ නායකයින් තෝරාගෙන තිබිණ.
උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයද පසුගිය සමය පුරාවටම ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වය විසින් දරනු ලැබීය.
1949 වසරෙන් පසුව පැවැත්වු සෑම මැතිවරණයක් වෙනුවෙන්ම ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය තරඟ කොට ඇති අතර, දෙමළ ජාතික සන්ධානය ලෙසට සන්ධානගතව පසුගිය මැතිවරණවලදි ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය මැතිවරණ වෙනුවෙන් ඉදිරිපත් විණ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සංකේතය වන නිවස ලකුණ දෙමළ ජාතික සන්ධානයේ සළකුණ ලෙසට ලබාගෙන පසුගිය මැතිවරණයන්හිදි දෙමළ ජාතික සන්ධානය මැතිවරණ වෙනුවෙන් තරඟ කළහ.

පක්ෂයට නව නායකත්වයක් ඉල්ලීම.
1977 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.සම්බන්ධන් මහතා 2004 වසරේ සිට පක්ෂ නායක ලෙස කටයුතු කරනු ලැබීය.
අනතුරුව පක්ෂ නායකයා ලෙසට වර්තමාන පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා 2014 වසරේ පක්ෂ මධ්යතම කාරක සභාවේ ඒකමතික කැමැත්ත මත පත්විණ.
වර්තමානයේ පක්ෂ ජේෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරන ආර්.සම්බන්ධන් මහතා හා වර්තමාන පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතාගේ පවතින සෞඛ්යක දුර්වල තත්වයන් මත පක්ෂය වෙනුවෙන් නව නායකත්වයක් තේරීමට පක්ෂ විධායක සභාව තීරණය කොට තිබිණ.
දෙමළ ජාතික සන්ධානයට එල්ලවන බාධාවන්.
උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ විසින් ඒකාබද්ධව බිහිකළ සන්ධානය දෙමළ ජාතික සන්ධානය විය.
ආරම්භයේදී පක්ෂ හතකට ආසන්න ප්‍රමාණයක් දෙමළ ජාතික සන්ධානය සමග පැවති අතර,අනතුරුව සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් හටගත් මත ගැටුම් හා එක් එක් පක්ෂ අභ්‍යන්තරයේ හටගත් ගැටම් හේතුවෙන් වර්තමානයේදී දෙමළ ජාතික සන්ධානය පක්ෂ තුනකට පමණක් සීමා වි ඇත.
මාවෙයි සේනාධිරාජා මහතා වර්තමාන නායකත්වය දරන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය,සෙල්වම් අඩෙක්කලනාදන් මහතා නායකත්වය දරන ටෙලෝ සංවිධානය හා ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා නායකත්වය දරන ප්ලොට් සංවිධානය වර්තමානයේදී දෙමළ ජාතික සන්ධානය තුළ සන්ධානගතව පවති.
ටෙලෝ සංවිධාන නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා හා ප්ලොට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා දෙමළ ජාතික සන්ධානය තුළ වසර ගණනාවක් කටයුතු කොට ඇති බැවින්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නව නායකයා වෙත දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ලබාදීම සම්බන්ධයෙන්ද අර්බුදයක් පවතින බවද උතුරේ දේශපාලන විචාරකයින් සඳහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *