විශ්‍රම යන්න කළින් මාළිගයක් හදාගත් ඩී අයි ජී

කුරූණෑගල හිටපු නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත විශ්‍රාම යාමට මත්තෙන් තමන් යටතේ තිබු පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ලවා මැල්සිරිපුර ප්‍රදේශයේ දැවැන්ත මාළිගාවක් ඉදිකරගෙන ඇති බව වාර්ථාවෙි.

 මෙම මාලිගාව ඉදිකර ඇත්තේ ශ්‍රි දළදා මාළිගාවේ විශ්ණු දේවාලයට අයත් මැල්සිරිපුර මඩයපොල ප්‍රදේශයේන් දිර්ඝ කාලින බදු පදනම මත ලබා ගෙන ඇති අක්කර පහළොවක පමණ පොල් ඉඩමකය. සම්පූර්ණයෙන්ම

ඉදිකිරිමි නිමකර ඇකි මෙම බංගකාවේ වටිනාකම කෝටි පහකට අධික බව පොලිස් පොඩිඩෝ පවසති.මේ සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයිම අවට පොලිස් ස්ථානවලට බෙදා දී තිබිණි.

ඒ අනුව පන්සියගම පොලිසිය විසින්  ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් වැලි ගඩොල් සපයා දී ඇත.එම මාළිගාව ඉදිකිරිමට අවශ්‍ය උලුහව් ජැනෙල් වහළයට අවශ්‍ය ලී  සපයා ඇත්තේ මහව ගල්ගොමුව ආදි පොලිස් ස්ථාන මගින් බව වාර්ථාවේ.

අනෙකුත් වියදම් සදහා අවශ්‍ය මිලමුදල් ඔහු යටතේ තිබු සෙසු පොලිසිවලින් සපයා ඇති බව සදහන්වෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *