තෙල් තොග ගබඩා පරියන්ත සමාගමේ වවහාරික විගණනයක් පවත්වද්දී  

දත්ත සැකසුම් අංශයේ නිලධාරීන්ට උසස්විමි දෙන්න සම්මුඛ පරීක්ෂණ තියයි

 ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග ගබඩා පර්යන්ත සමාගමේ  ඉන්ධන ආනයනය සහ  බෙදාහැරීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන්  අක්‍රමිකතාවයන් සිදු වූවාද යන්න පිළිබඳව  සොයා බැලීම සඳහා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ පැමිණිල්ලකට අනුව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම් දීමකට අනුව  ඛනිජ තෙල් තොග   පර්යන්ත සමාගම  ටෙන්ඩර් කැඳවා KPMG ආයතනය මගින්  වෝ වහාරික විගණනයක් ආරම්භ කරමින් මේ මොහොත දක්වා දත්ත පද්ධතිය ආශ්‍රිතව ඉතා බැරෑරුම් විගණනයක් සිදු කරමින් සිටින  බව එහි අභ්‍යන්තර  නිලධාරියකු අප වෙත වාර්තා කලේය.

 වෝහාරික විගණනය සඳහා ලබාදී ඇති  විෂය පථයේ ඉන්ධන බෙදා හැරීමට අදාලව දත්ත පද්ධතිය තුළ විගණනයක් සිදුකළද ඉන්ධන තොග ගබඩා කිරීම සම්බන්ධයෙන් විගණනයක් කිරීමට අවශ්‍ය කරුණු විෂය පථයට ඇතුළත්  නොකර ඇති බැවින්  අදාල විගණන සමාගමද  විශාල ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවයි.

 කෙසේ වෙතත් තවත් අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් දැනගැනීමට ලැබුණේ   ඉකුත් සිකුරාදා දින  දත්ත පද්ධති අංශයේ කළමනාකාරවරයා තෝරාගැනීමට අභ්‍යන්තරව ඇබෑර්තු නිවේදනය කර සම්මුඛ පරීක්ෂණය පවත්වන්නට යෙදුණු බවයි.ඔවුන් පෙන්වා දුන්නේ මිලියන හයකට වැඩි මුදලක් හෝ ආසන්න මුදලක් ආයතනය මගින් වියදම් කර පවත්වන ව්‍යවහාරික  විගණනය සිදුවෙමින් පැවතින අවස්ථාවක  දත්ත පද්ධති අංශයේ නිලධාරීන්ට උසස්වීම් පිරිනැමීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම  ඉතාම අදූරදර්ශී පරිපාලන තීන්දුවක් බවයි.

 යුද හමුදා සේවයේ සිට තෙල් සංස්ථාවට සහ තෙල් ගබඩා සමාගමට පත්ව සිටින වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ  පරිපාලනමය දැනුමෙ මද භවය මෙවැනි ක්‍රියාවලියන් තුළින්  පැහැදිලිව පෙන්නුම් කරන බවයි…දැනට මාස කීපයකට ඉහතදී  කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  තුෂාර ඉඳුනිල් මහතා  මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කළ අවස්ථාවේ  බලශක්ති අමාත්‍යවරයා පවසා සිටියේ  එම මන්ත්‍රීවරයා විසින් පවසා සිටි කිසිදු නිලධාරිනියකට උසස්වීම් පිරිනිමා නොමැති බවත් එය එසේ සිදුවීමට ඉඩ නොතබන බවත්ය..කෙසේ වෙතත් එම පාර්ලිමේන්තු ප්‍රකාශයෙන් සති දෙකකට පසුව  දත්ත පද්ධති අංශයට  පාර්ලිමේන්තුව තුළ නම පවසා සිටි නිලධාරිනියට වැඩ බැලීමේ පත්වීමක් ලබාදීමට තොග ගබඩා පර්යන්ත සමාගමේ මානව සම්පත් කළමනාකරන අංශය කටයුතු කර ඇත.

 එසේම  දැනට සේවය හැරගොස් සිටින පරිගණක ඉංජිනේරුවරයෙකුට  මාස දෙකක වැටුපක් ගිණුමට බැර කර ඇති බවත් එය එසේ වීමට කටයුතු කල නිලධාරීන්ට විනයානුකූලව කටයුතු කිරීම  වෙනුවට   කළමනාකාරීත්වය  වැඩ බැලීමේ පත්වීමක් ඊට සෘජුවම සම්බන්ධ නිලධාරිනියකට ලබා දී ඇති බවත් එම තනතුර ස්ථිර කිරීමට වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇබැර්තු නිවේදන නිකුත් කර ඇති බව ද පවසා සිටියා.

එසේම  දැනට මාසයක් ඉක්මවා ගොස් ඇතත් රුපියල් ලක්ෂ 180ක් පමණ වන භාවිතයට හෝ නොගත් නැව් කඹයක් කොළඹ වරාය පරිශ්‍රයේදී  කපා ඇති අතර  එම පරීක්ෂණ කටයුතුද  මන්දගාමීව සිදුවෙමින් පවතීන බවද   තවත් එක් අභ්‍යන්තරික ප්‍රකාශකයෙකු පවසා සිටියා.  එසේම  දත්ත පද්ධතිය සම්බන්ධයෙන් ව්‍යවහාරික විගණනයක් පැවතිය දී  ඇමති කාංචන කිසිදු අවස්ථාවක  ව්‍යවහාරික විගණනයන් සිදුවන අවස්ථාවේ  උසස් වීම්  පිරිනැමීමට කටයුතු නොකරන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර සිටියද  ඇමැති කාංචනගේ  වචන තුට්ටුවකට හෝ මායිම් නොකර  වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂවරයා  මෙසේ උසස්වීම් ලබාදීමට  කටයුතු කරමින් සිටීම  කෙසේ සිදුවන්නේ ද යන්න  එම සේවකයන් අපෙන් ප්‍රශ්න කර සිටියා.

  2020 වසරේ සිට මේ දක්වා කාලය තුළ ආයතනයේ පෙට්‍රල් ගබඩා කර ඇති  කලාප අංක කීපයකම  තඹ කම්බි වයර් කපාගෙන යාමට සොරුන් ඇතුළු අවස්ථා  ගණනාවක් පිළිබඳව වාර්තා වූ අතර  කොළඹ අපරාධ කොට්ඨාශය මගින්ද  මේ පිළිබඳව පරීක්ෂණ සිදුකළ බව   අප වෙත දැනගන්නට ලැබුණා..  ගබඩා පරියන්තයේ ආරක්ෂක අංශය වෙත  සමීපතමයෙකුට  විධායක ශ්‍රේණියේ වැඩ බැලීමට පත්වීමක් ලබා දී ඇති අතර  එම සේවක මහතාට හරි හැටි පැමිණිල්ලක් හෝ ගලපා සටහන් තැබීමට නොහැකි බවත් ඊට වඩා උසස් අධ්‍යාපනයක් ලබා ඇති ආරක්ෂක අංශයේ නිලධාරීන් විශාල පිරිසක් සිටින බව වාර්තා වේ.

1995 වසරේ සිට  කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය  තුළ දැනට ස්ථාපනය කර ඇති  යුද හමුදා කඳවුර  ඉවත් කිරීමට සැලසුම් සකසමින් සිටින   ආරක්ෂක කළමනාකාර වරයා  වර්තමාන  කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ   අවධානයද මේ පිළිබඳව  යොමු කරගෙන ඇති බවත්  එම යුද හමුදා කඳවුර ඉවත් කිරීමට මූලිකව කටයුතු කිරීමට ප්‍රධානම හේතුව  ආයතනයේ වෘත්තීය සමීති වල ක්‍රියාකාරීත්වයට  මෙම යුද හමුදා කඳවුරේ  ක්‍රියාකාරීත්වය   දැඩිව බලපාන බවයි.

ඉකුත් අවස්ථා කීපයකදීම   රජයට සම්බන්ධ ප්‍රධාන වෘතීය සමිති  සිදුකරන ලද   වැඩ වර්ජන අවස්ථාවේ  එම වැඩ වර්ජන  මැඩ පැවැත්වීමට  මෙම යුද හමුදා කඳවුරේන්  සෘජු බලපෑමක් ඔවුන් වෙත එල්ලවීම  බව  අභ්‍යන්තර ප්‍රකාශකයෙකු අප සමඟ පවසා සිටියා..කෙසේ වෙතත්  වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ  ක්‍රියා කලාපය ගත් කල  යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගොස්  මෙවැනි  ආයතන වල පරිපාලනයට පැමිණෙන  විශ්‍රාමික යුද හමුදා නිලධාරීන්  ඉතාම අසාර්ථක නිලධාරීන් බවට  ගෝඨාභය රාජපක්ෂ පාලනය  ආරම්භයේ සිට මේ දක්වාම  පෙන්වා දිය හැකි බව  නොරහසකි.

දිගින් දිගටම ලංකා ඛනිජ තෙල් නීතිගත  සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්ත සමාගමේ  වර්තමාන කළමනාකාරීත්වයේ   විශාල පසුබෑමක් පවතින බව  දිනෙන් දින අප වෙත වාර්තා වන පුවත් මගින්  පැහැදිලි වන බවද පෙන්වාදිය හැක. වර්තමාන බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ  රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ  අවධානය යොමු කරන මෙන්  මෙම පුවත පළ කරමින් ඉල්ලා සිටිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *